චරිත් අසලංකගේ නායකත්වය

Share post:

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉවසීම, දරාගැනීම පරීක්ෂා කරනවා වගේ T20 ආකෘතියේ දී පරීක්ෂා කරන්නේ පීඩනය දරාගැනීම සහ වේගවත්බව.

T20 තරගයක් එක් කඩුල්ලකින් ජය ගත්තත්, එක් ලකුණකින් ජය ගත්තත් එය විශිෂ්ඨ ජයග්‍රහණයක්.

මන්ද ඒ එක් ලකුණ සහ එක් කඩුල්ල ඉදිරියේ පවා බොහෝ පීඩනය දරාගැනීමක් තිබෙනවා.

බංග්ලාදේශය, බංග්ලාදේශයේදීම පරාජය කරමින් අද ලැබූ තියුණු ජයග්‍රහණය විශිෂ්ඨ ජයක් වන්නේත් ඒකයි.

කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නොමැතිව, කලකට පෙර ශ්‍රී ලංකාවේ තියුණුම ප්‍රතිවාදීන් පරාජය කිරීම විශාල ජයග්‍රහණයක්.

එහිදී චරිත් අසලංක කැපී පෙණුනා.

ඔහු නායකත්වය දරා ගත් අයුරු සහ කළමනාකරණය කළ අයුරු විශිෂ්ඨයි.

නායකත්වය අමතර බරක් නොවෙනා, වගකීම පමණක් වැඩි වෙනා ලක්ෂණය වනිඳු හසරංග සග චරිත් අසලංක දෙදෙනා තුලම තිබීම ශ්‍රී ලංකාව පැත්තෙන් විශාල ධනාත්මක සාධකයක්.

මේ දෙදෙනාට ශ්‍රී ලංකාව වෙනුවෙන් නම ලියැවිය හැකි, “අර්ජුන – අරවින්ද” , “සංගා – මහේල” පන්නයේ එකිනෙකා පෝෂණය කරගන්නා අයිකොනික් යුවලක් වීමේ හැකියාව තිබෙනවා.
එයින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...