චරිත් අසලංකගේ නායකත්වය

Share post:

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉවසීම, දරාගැනීම පරීක්ෂා කරනවා වගේ T20 ආකෘතියේ දී පරීක්ෂා කරන්නේ පීඩනය දරාගැනීම සහ වේගවත්බව.

T20 තරගයක් එක් කඩුල්ලකින් ජය ගත්තත්, එක් ලකුණකින් ජය ගත්තත් එය විශිෂ්ඨ ජයග්‍රහණයක්.

මන්ද ඒ එක් ලකුණ සහ එක් කඩුල්ල ඉදිරියේ පවා බොහෝ පීඩනය දරාගැනීමක් තිබෙනවා.

බංග්ලාදේශය, බංග්ලාදේශයේදීම පරාජය කරමින් අද ලැබූ තියුණු ජයග්‍රහණය විශිෂ්ඨ ජයක් වන්නේත් ඒකයි.

කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නොමැතිව, කලකට පෙර ශ්‍රී ලංකාවේ තියුණුම ප්‍රතිවාදීන් පරාජය කිරීම විශාල ජයග්‍රහණයක්.

එහිදී චරිත් අසලංක කැපී පෙණුනා.

ඔහු නායකත්වය දරා ගත් අයුරු සහ කළමනාකරණය කළ අයුරු විශිෂ්ඨයි.

නායකත්වය අමතර බරක් නොවෙනා, වගකීම පමණක් වැඩි වෙනා ලක්ෂණය වනිඳු හසරංග සග චරිත් අසලංක දෙදෙනා තුලම තිබීම ශ්‍රී ලංකාව පැත්තෙන් විශාල ධනාත්මක සාධකයක්.

මේ දෙදෙනාට ශ්‍රී ලංකාව වෙනුවෙන් නම ලියැවිය හැකි, “අර්ජුන – අරවින්ද” , “සංගා – මහේල” පන්නයේ එකිනෙකා පෝෂණය කරගන්නා අයිකොනික් යුවලක් වීමේ හැකියාව තිබෙනවා.
එයින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...