“තමන්ගෙම ප්‍රතිබිම්බය දැක්කාම බය හිතෙනවනම් මේ පොත නොකියෙව්වට කමක් නෑ”.

Share post:

වෙනත් තැනැත්තන්ගේ පෞද්ගලික ජීවිතය තුල අඳුරු අහුමුළුවල එබිකම් කර බැලීමට බහුතරයක් දෙනා කැමැති බව නොරහසකි. එහෙත් එසේ එබී බලන අප , අපගේ ජීවිතයේ අඳුරු අහුමුළු දෙස දෘෂ්ටියක් හෙලන්නේ කලාතුරකිනි. සමහරවිට ඔබ ඉහත කී බහුතරය නොවන සුළුතරයේ කෙනෙක් වන්නට පුළුවන. එහෙත් කිසිවෙකුත් තමන්ගේම ජීවිතයේ අතිශයින් පෞද්ගලික පැත්ත විවරණය කිරීමට, දැකීමට උත්සාහ නොකරති. මේ රහස් කවුළුවෙන් එබී බැලූවිට සත්‍ය වශයෙන්ම දෘෂ්‍යමාන වන්නේ තමන්ගේම ජීවිතයේ සගවාගෙන සිටින ඇතුලාන්තයේ ප්‍රතිබිම්බයයි.

මෙහි මුල සිට අග දක්වාම කතාව ගෙනහැර දක්වන්නේ , කිසිවෙකුත් නොදන්නා තෙවන පාර්ශ්වීය කතාකාරයෙකි. කතුවරයා පාඨකයා වෙත කතාව මේ ආකාරයෙන් ගෙන ඒම නිසා සියළු චරිත එක සමාන ලෙස ගොඩ නගන්නට උපකාරයක් වී ඇත..

එක් පාර්ශ්වයක් තම කලත්‍රයා මග හැර අනියම් සම්බන්ධතා ඇති කර ගැනීම අප සමාජය තුල බහුලයි. එවැනි අනියම් සම්බන්ධතා හසු වූ විට විවිධාකාර මානූෂීය හේතු හා වෙනත් කාරණා මත නිවැරැදි පාර්ශ්වය වැරදි පාර්ශ්වයට සමාව දීමද බහුලව දක්නට හැකිය. එහෙත් මෙහි එන තිවංක වරදට සමාව දීම යන සංකල්පය මතම නොපිහිටා එය පුළුල් කර නව සංකල්පයක් ගොඩනගා ඇත. ඒ “වරදට එරෙහිව තවත් වැරද්දක් කිරීමෙන් පසු සමාව දීමයි” .
පුද්ගල චරිත , මිනිස් සබදතා , මිනිස් සිතුවිලි අතිශයෝක්තියෙන් හෝ අඩුවෙන් ප්‍රකාශ කිරීමකින් තොරව, තත්වාකාරයෙන්ම නවකතාවට නැගීම බෙහෙවින්ම අසීරුය. එහෙත් කතුවරයා මුළු කතාව තුලම ආදරය , ප්‍රේමය , වියෝව , ශුංගාරය වැනි හැගීම් අඩු ලුහුඬු නොකොට , අනවශ්‍ය ලෙස ඉස්මතු නොකර , අනවශ්‍ය ලෙස යටපත් නොකර පවතින ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට සමත් වී ඇත..

මිනිස් හැගීම්හි විවිධත්වය ගෙනහැර දැක්වීමට කතුවරයා උපමා, රූපක හා ස්වාභාවික පරිසරයේ සංකේත බහුලව උපයෝගී කරගෙන ඇත. හුදු නවකතාවක ඇති සාහිත්‍යය රසයෙන් ඔබ්බට ගොස් මුළු සමාජ පද්ධතියම සියුම් ලෙස විවේචනය කිරීමටත් කුමාරසිංහයන් කටයුතු කර ඇත.
මෙම පොත පිළිබඳව අශෝක හදගමයන් තැබූ සටහනකින් මගේ සටහන නිමා කරමි..

“තමන්ගෙම ප්‍රතිබිම්බය දැක්කාම බය හිතෙනවනම් මේ පොත නොකියෙව්වට කමක් නෑ”.
මෙම නවකතාව මුල් වරට ප්‍රකාශ කලේ අහස ප්‍රකාශකයන් පසුව විදර්ශන ප්‍රකාශනයක් ලෙසද . පොත පිටු 269 කින් යුක්තයි..

චතුරංග අමරතුංග

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...