“තමන්ගෙම ප්‍රතිබිම්බය දැක්කාම බය හිතෙනවනම් මේ පොත නොකියෙව්වට කමක් නෑ”.

Share post:

වෙනත් තැනැත්තන්ගේ පෞද්ගලික ජීවිතය තුල අඳුරු අහුමුළුවල එබිකම් කර බැලීමට බහුතරයක් දෙනා කැමැති බව නොරහසකි. එහෙත් එසේ එබී බලන අප , අපගේ ජීවිතයේ අඳුරු අහුමුළු දෙස දෘෂ්ටියක් හෙලන්නේ කලාතුරකිනි. සමහරවිට ඔබ ඉහත කී බහුතරය නොවන සුළුතරයේ කෙනෙක් වන්නට පුළුවන. එහෙත් කිසිවෙකුත් තමන්ගේම ජීවිතයේ අතිශයින් පෞද්ගලික පැත්ත විවරණය කිරීමට, දැකීමට උත්සාහ නොකරති. මේ රහස් කවුළුවෙන් එබී බැලූවිට සත්‍ය වශයෙන්ම දෘෂ්‍යමාන වන්නේ තමන්ගේම ජීවිතයේ සගවාගෙන සිටින ඇතුලාන්තයේ ප්‍රතිබිම්බයයි.

මෙහි මුල සිට අග දක්වාම කතාව ගෙනහැර දක්වන්නේ , කිසිවෙකුත් නොදන්නා තෙවන පාර්ශ්වීය කතාකාරයෙකි. කතුවරයා පාඨකයා වෙත කතාව මේ ආකාරයෙන් ගෙන ඒම නිසා සියළු චරිත එක සමාන ලෙස ගොඩ නගන්නට උපකාරයක් වී ඇත..

එක් පාර්ශ්වයක් තම කලත්‍රයා මග හැර අනියම් සම්බන්ධතා ඇති කර ගැනීම අප සමාජය තුල බහුලයි. එවැනි අනියම් සම්බන්ධතා හසු වූ විට විවිධාකාර මානූෂීය හේතු හා වෙනත් කාරණා මත නිවැරැදි පාර්ශ්වය වැරදි පාර්ශ්වයට සමාව දීමද බහුලව දක්නට හැකිය. එහෙත් මෙහි එන තිවංක වරදට සමාව දීම යන සංකල්පය මතම නොපිහිටා එය පුළුල් කර නව සංකල්පයක් ගොඩනගා ඇත. ඒ “වරදට එරෙහිව තවත් වැරද්දක් කිරීමෙන් පසු සමාව දීමයි” .
පුද්ගල චරිත , මිනිස් සබදතා , මිනිස් සිතුවිලි අතිශයෝක්තියෙන් හෝ අඩුවෙන් ප්‍රකාශ කිරීමකින් තොරව, තත්වාකාරයෙන්ම නවකතාවට නැගීම බෙහෙවින්ම අසීරුය. එහෙත් කතුවරයා මුළු කතාව තුලම ආදරය , ප්‍රේමය , වියෝව , ශුංගාරය වැනි හැගීම් අඩු ලුහුඬු නොකොට , අනවශ්‍ය ලෙස ඉස්මතු නොකර , අනවශ්‍ය ලෙස යටපත් නොකර පවතින ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට සමත් වී ඇත..

මිනිස් හැගීම්හි විවිධත්වය ගෙනහැර දැක්වීමට කතුවරයා උපමා, රූපක හා ස්වාභාවික පරිසරයේ සංකේත බහුලව උපයෝගී කරගෙන ඇත. හුදු නවකතාවක ඇති සාහිත්‍යය රසයෙන් ඔබ්බට ගොස් මුළු සමාජ පද්ධතියම සියුම් ලෙස විවේචනය කිරීමටත් කුමාරසිංහයන් කටයුතු කර ඇත.
මෙම පොත පිළිබඳව අශෝක හදගමයන් තැබූ සටහනකින් මගේ සටහන නිමා කරමි..

“තමන්ගෙම ප්‍රතිබිම්බය දැක්කාම බය හිතෙනවනම් මේ පොත නොකියෙව්වට කමක් නෑ”.
මෙම නවකතාව මුල් වරට ප්‍රකාශ කලේ අහස ප්‍රකාශකයන් පසුව විදර්ශන ප්‍රකාශනයක් ලෙසද . පොත පිටු 269 කින් යුක්තයි..

චතුරංග අමරතුංග

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...