මෙහෙම වුණේ කොහොමද?

Share post:

ආයෙත් ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හොඳ කාලයක් ඇවිත්. ට්‍රම්ප් අයෝවා ප්‍රාන්ත මැතිවරණේ විශාල පරතරයකින් දිනුවා වගේම නිව් හැම්ප්ස්පියර්ස් වලත් ලොකු ට්‍රම්ප් පිබිදීමක් ඇතිවෙලා. මේක රැල්ලක් හැටියට තවත් වතාවක් ඇමෙරිකාව පුරා ඇවිලෙන්න පුළුවන්. වගේම ලොකු මාජින් එකකින් ඊළඟ ජනාධිපති වෙන්නත් ට්‍රම්ප්ට පුළුවන් වෙයි. දැනට ඒකට තරඟයක් දෙන්න කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හොයාගන්න බැරි හැඩයි.
පහුගිය පාර පැරදුණ පැරදිල්ලට කට්ටිය හිතුවේ ට්‍රම්ප් අමෙරිකාවෙන් අතුරුදහන් වෙයි කියල. නමුත් ඒවා ඔක්කොම බොරුකරමින් ආයෙත් ට්‍රම්ප් වටා මිනිස්සු පෙළ ගැහෙමින් ඉන්නවා.

අදටත් හරි හෝ වැරදි මොනවා උනත් මනුස්සය තමන්ගේ හිතට එන දේ දේශපාලන නිරවද්‍ය බව පැත්තකින් තියල කියල දානවා. ඒවගේ ප්‍රතිපල මොනවා උනත් මනුස්සය කියන දේ සමාජ ස්ථාරයනයේ පහලම කොටස් වෙත ලංවෙන්න සමත්. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.

අනික ඇමෙරිකාවේ තියන හෙනම බුර්ෂුවා වටපිටාවක ට්‍රම්ප් කියන්නේ තවමත් සංස්ථාපිතයට පිටස්තරයෙක් (outisder to the American establishment) කියල ඇමෙරිකන් දේශලන විචාරකයෝ කියනවා. ට්‍රම්ප් එක වෙලාවක කියනවා එයාට ධවල මන්දිරය ඕනිත් නැහැ කියල.
අනික තමයි තනි පුද්ගලයෙක් හැටියට තියන ආත්ම විශ්වාසය. අච්චර පැරදිලත් – ලොකු නෙගටිව් චිත්‍රයක් තමන් ගැන තියෙද්දිත් පොර පස්සට ගියේ නැහැ. සටන්කළා. අභියෝග කළා. බයිඩන් වගේ සෑහෙන දුර්වල පාලකයෙක් ඉස්සරහා තිබ්බම ට්‍රම්ප් පුද්ගලභාවයක් හැටියට හයිය මිනිහෙක්.
2019 අවුරුද්දේ එක සමීක්ෂණයකදි ඇමෙරිකානුවන් 40% පමණ ප්‍රකාශ කලේ ට්‍රම්ප්ගේ දේශපාලනය ගැන ඔවුන් කතාකරන්නවත් කැමති නැහැ කියල. මොකද ඒ තරම් ට්‍රම්ප් තුළ ”ඇමෙරිකානු නොවන” ලක්ෂණ වැඩියි කියල. ඔවුන් ලජ්ජා උණා ට්‍රම්ප් තමන්ගේ ජනාධිපති කියල කියන්නවත්. ඒ අතරේ ගොඩක් නළු නිළියෝ පවා හිටිය.

හැබැයි ට්‍රම්ප්ව පරද්දල එයාල ගෙනාව ජෝ බයිඩන් කියන්නේ මෙලෝ රහක් නැති මනුස්සයක් කියල ඒ හැමෝටම තේරිලා. දේශපාලනය ඇතුලේ විතරක් නෙවෙයි පුද්ගලභාවයක් හැටියට පවා ඔහු තමන් පත්කරපු මිනිස්සුන්ගේ අභිලාශ හඳුනාගත්තේ නැහැ.

අයෝවා මැතිවරණේ ප්‍රථිපල වලින් පස්සේ දැන් තමයි මෙච්චර කල් සුවපහසුවෙන් හිටපු විචාරකයෝ ලියන්න අරන් තියෙන්නේ ”මෙහෙම උනේ කොහොමද?” යන මාතෘකාවෙන් යුතු ළිපි. ඔව්…දැන් එහෙම වෙමින් පවතිනවා.

බෙදුම් රේඛා, ලොකු තාප්ප (Great Wall), නව ෆැසිස්ට් වාග් ප්‍රහාර, සිල්ලර කතා, සංක්‍රමණ විරෝධය, කන්න නැතත් ඉන්න රටක් වගේ දේවල් ගහන වෙන්න පුළුවන් ඉදිරි කාලයේ ට්‍රම්ප්වාදය ජයගන්න පුළුවන්.

විශේෂයෙන් වීරයෙක් නැති වෙලාවක ඇමෙරිකන් වැඩකරන පංතියේ වීරයා තවමත් ට්‍රම්ප්.

ට්‍රම්ප්ගේ නැඟීම වෙනුවෙන් දෙස් දෙවොල් තියනවා වෙනුවට ඇමෙරිකාව හොයාගන්න ඕනි ට්‍රම්ප් අභිභවන්න තරම් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ජනප්‍රිය සටන්කරුවෙක්.

මොකද ට්‍රම්ප් මේ නැගිටින්නේ කවදාවත් ‘ට්‍රම්ප් එපා’ (Never Trump) කියල දේශපාලන ව්‍යාපාරයක් පවා ගොඩනැගුණු රටක…

එහෙට වගේම මෙහෙටත් අදාලයි මේක.

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...