සිම්බාබ්වේ සංචාරය සහ ඇෆ්ගන් අභියෝගය

Share post:

T20 තරගයක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කළ යුතුම විදියට, ඊයේ ශ්‍රී ලංකාව ඔවුන් පරාජය කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග වූ T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වුණේ බොහෝ පහසු ජයග්‍රහණ.
වත්මන් සිම්බාබ්වේ කණ්ඩායමේ තනි තනි දක්ෂ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉන්න පුලුවන්.

නමුත් කණ්ඩායමක් ලෙස ඔවුන් හොඳම කණ්ඩායමක් නොවෙයි.
මෑතකාලීනව දිගින් දිගටම පරාජයන් ලැබූ, මානසිකවත් එතරම් හොඳ තැනක නොසිටි කණ්ඩායමක්.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඔවුන් උගන්ඩා කණ්ඩායමට පවා පරාජය වුණා.
අනෙක් අතට T20 ආකෘතියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ තවමත් පවතින්නේ සුබවාදී බලාපොරොත්තුවක්.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීගය පවා නියෝජනය කරන ක්‍රීඩකයන් පහ හයකින් සමන්විත ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙරෙහි රසිකයන් උණන්දුවෙන් බලා සිටිනවා.

කෙසේ වෙතත් පළමු තරග ද්විත්වයේම ශ්‍රී ලංකා රසිකයන්ගේ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ.
පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ අවසන් පන්දුවේ දී බොහෝ අසීරුවෙන්.

දෙවන තරගය ශ්‍රී ලංකාව පරාජය වුණා.

විශිෂ්ඨ ශ්‍රී ලංකා පන්දු බල ඇණියට අවසන් පන්දු වාරයේ දී ලකුණු 20ක් ආරක්ෂා කරගත නොහැකි වුණා.

තෙවන තරගය වඩා වැදගත් වන්නේ එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආත්ම විශ්වාසය සමග හිස එසවීමට හැකි වූ නිසයි.
ඊයේ තරගය ක්‍රීඩා කළේත් ඛෙත්තාරමයේ පෙර තරග වලට භාවිතා කළ තනතීරුවේමයි.
කඩතොලු සහිත වූ එම තනතීරුව දඟ පන්දු යවන්නන්ට බොහෝ වාසිදායක වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු හතක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් අතරේ බෙදී යාමට හේතුව වූයේත් එයයි.
ඊයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් සාර්ථක වීමට හැකි වුණා.

ලකුණු 82ක ඉලක්කය පන්දුවාර දහයකින් පහසුවෙන් පසුකර යාමට ඔවුන් සමත් වුණා.

සමස්තයක් ලෙස මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව සැහීමකට පත් වීමට අපහසුයි.

කෙසේ වෙතත් අවසන් තරගයේ හෝ ලැබූ මේ සුවපහසු ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආත්ම විශ්වාසය සහ මානසිකත්වය ඉහළ දැමීමට හේතුවක් වේවි.
එළඹෙන පෙබරවාරි මාසයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එනවා.

T20 ලෝක කුසලානයට පෙර පැවැත්වෙන තීරණාත්මක T20 තරගාවලියකට එහිදී ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම මෙන් නොවෙයි, ඇෆ්ගනිස්ථානය T20 ආකෘතියේ පෙරළිකාර කණ්ඩායමක්.

ඔවුන්ගේ දිනයේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි ලෝක මට්ටමේ කණ්ඩායමක්.

T20 ආකෘතියේ අති විශිෂ්ඨ ක්‍රීඩකයන් පහ හයකගෙන් සමන්විත කණ්ඩායමක්.

සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක වූ දඟ පන්දු යවන්නන්ට උචිත තනතීරු උපක්‍රමය, ඔවුන්ට එරෙහිව සාර්ථක වෙන එකක් නැහැ.
කෙසේවෙතත් T20 ලෝක කුසලානයේ පෙර සුදානමටත්, කණ්ඩායමේ මානසිකත්වයටත් ඇෆ්ගනිස්ථාන සංචාරය අතිශය වැදගත්.
එමෙන්ම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තැන කියවා ගැනීමටත් ඇෆ්ගනිස්ථාන සංචාරය හොඳ අවස්තාවක් වේවි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...