සිම්බාබ්වේ සංචාරය සහ ඇෆ්ගන් අභියෝගය

Share post:

T20 තරගයක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කළ යුතුම විදියට, ඊයේ ශ්‍රී ලංකාව ඔවුන් පරාජය කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග වූ T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වුණේ බොහෝ පහසු ජයග්‍රහණ.
වත්මන් සිම්බාබ්වේ කණ්ඩායමේ තනි තනි දක්ෂ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉන්න පුලුවන්.

නමුත් කණ්ඩායමක් ලෙස ඔවුන් හොඳම කණ්ඩායමක් නොවෙයි.
මෑතකාලීනව දිගින් දිගටම පරාජයන් ලැබූ, මානසිකවත් එතරම් හොඳ තැනක නොසිටි කණ්ඩායමක්.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඔවුන් උගන්ඩා කණ්ඩායමට පවා පරාජය වුණා.
අනෙක් අතට T20 ආකෘතියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ තවමත් පවතින්නේ සුබවාදී බලාපොරොත්තුවක්.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීගය පවා නියෝජනය කරන ක්‍රීඩකයන් පහ හයකින් සමන්විත ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙරෙහි රසිකයන් උණන්දුවෙන් බලා සිටිනවා.

කෙසේ වෙතත් පළමු තරග ද්විත්වයේම ශ්‍රී ලංකා රසිකයන්ගේ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ.
පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ අවසන් පන්දුවේ දී බොහෝ අසීරුවෙන්.

දෙවන තරගය ශ්‍රී ලංකාව පරාජය වුණා.

විශිෂ්ඨ ශ්‍රී ලංකා පන්දු බල ඇණියට අවසන් පන්දු වාරයේ දී ලකුණු 20ක් ආරක්ෂා කරගත නොහැකි වුණා.

තෙවන තරගය වඩා වැදගත් වන්නේ එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආත්ම විශ්වාසය සමග හිස එසවීමට හැකි වූ නිසයි.
ඊයේ තරගය ක්‍රීඩා කළේත් ඛෙත්තාරමයේ පෙර තරග වලට භාවිතා කළ තනතීරුවේමයි.
කඩතොලු සහිත වූ එම තනතීරුව දඟ පන්දු යවන්නන්ට බොහෝ වාසිදායක වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු හතක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් අතරේ බෙදී යාමට හේතුව වූයේත් එයයි.
ඊයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් සාර්ථක වීමට හැකි වුණා.

ලකුණු 82ක ඉලක්කය පන්දුවාර දහයකින් පහසුවෙන් පසුකර යාමට ඔවුන් සමත් වුණා.

සමස්තයක් ලෙස මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව සැහීමකට පත් වීමට අපහසුයි.

කෙසේ වෙතත් අවසන් තරගයේ හෝ ලැබූ මේ සුවපහසු ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආත්ම විශ්වාසය සහ මානසිකත්වය ඉහළ දැමීමට හේතුවක් වේවි.
එළඹෙන පෙබරවාරි මාසයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එනවා.

T20 ලෝක කුසලානයට පෙර පැවැත්වෙන තීරණාත්මක T20 තරගාවලියකට එහිදී ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම මෙන් නොවෙයි, ඇෆ්ගනිස්ථානය T20 ආකෘතියේ පෙරළිකාර කණ්ඩායමක්.

ඔවුන්ගේ දිනයේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි ලෝක මට්ටමේ කණ්ඩායමක්.

T20 ආකෘතියේ අති විශිෂ්ඨ ක්‍රීඩකයන් පහ හයකගෙන් සමන්විත කණ්ඩායමක්.

සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක වූ දඟ පන්දු යවන්නන්ට උචිත තනතීරු උපක්‍රමය, ඔවුන්ට එරෙහිව සාර්ථක වෙන එකක් නැහැ.
කෙසේවෙතත් T20 ලෝක කුසලානයේ පෙර සුදානමටත්, කණ්ඩායමේ මානසිකත්වයටත් ඇෆ්ගනිස්ථාන සංචාරය අතිශය වැදගත්.
එමෙන්ම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තැන කියවා ගැනීමටත් ඇෆ්ගනිස්ථාන සංචාරය හොඳ අවස්තාවක් වේවි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...

පාස්කු සැකකරුවකුගෙන් සීඅයිඩීය බලෙන් ප්‍රකාශයක් අරන් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බලහත්කාරයෙන් ලබාගත් එකක් බවට සැක...

‘තුත්තිරි ” කාව්‍ය සංග්‍රහය – රුවන් ඩී.අළුබෝමුල්ල

රුවන් ඩී. අළුබෝමුල්ලගේ කවියා හා මා තවමත් මුහුණට මුහුණ මුණගැසී නැත්තෙමු. දුරකථනයෙන් කෙරෙන සංවාද පමණකි. ඒ කතාවන්වලදී ,...

චාලි.. චාලි චැප්ලින් ජීවත් වන්නේත් ඔහුව මිහිදන් කෙරෙන්නෙත් වැව අද්දර කුඩා වවේ නගරයේ

ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය. ඇකඩමික් සම්මාන උළෙල 1972.සම්මානය හිමිවන නළුවාගේ නම නිවේදකයා විසින් නිවේදනය කරනවා...