ලාංකීය අනන්‍යතා අර්බුදය පිළිබඳ බහුල ලෙස සාකච්ඡාවට ලක් වූයේ සිංහල – දමිළ ජාතිවාදී අරගලයන් ආරමිභ වූ දා පටන් බව බහුතර අදහසයි. නමුත් එය එසේ නොවෙි. ලංකාවේ අනන්‍යතා අර්බුදය පිළිබඳ ගැටලුව ආරමිභ වන්නේ ලංකාවේ කුල ක්‍රමය ආරමිභ වූ දා පටන් බවයි මගේ අදහස නමි. පුද්ගලයකුට සමාජය විසින් බලෙන් මෙන් පටවන ලද කුලය නමැති නරුම සාධකය විසින් එකී පුද්ගලයා දිවි ඇති තෙක් තම නිදහස සහ ආත්මය අහිමි කොට වහලකු සේ දිවි ගෙවයි. ප්‍රසන්න විතානගේ විසින් ‘ගාඩි’ සිංහල චිත්‍රපටය හරහා ප්‍රශ්න කරන්නේ යටත් විජිත යුගයේ පැවති පුද්ගල අනන්‍යතාවය අහිමිවීම පිළිබඳවයි. හැඳුනුම්පත අහිමි වූ ‘රොඩි’ නමැති ලාංකීය කුල ධූරාවලියේ පහළම කුලය පිළිබඳවයි. නූතන ලංකාවේ ආගම සහ ජාතිය විසින් පුද්ගල අනන්‍යතාවය නැත්තට නැති කර දමා ඇති යුගයක ‘ගාඩි’ විසින් එළන ලද තේමාව කාලෝචිත ය.
හැඳුනුම්පත අහිමිවීම (Loss Of identity) යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයකු තම තමන් පිළිබඳ හැඟීම විසන්ධි වීමක් හෝ ව්‍යාකූලත්වයක් අත්විඳින මනෝවිද්‍යාත්මක හෝ පැවැත්මෙි සංකීර්ණ තත්ත්වයකි. කුල ධුරාවලිය සහ රදළ පන්තිය විසින් අහිමි කළ සුළුතරය වූ ‘රොඩී’ ජනතාව මඟින් සංඥා කරන්නේ ලාංකීය නූතන සුළුතර ජනතාවයි. නිදර්ශනයක් ලෙස ලංකාවේ දමිළ සහ මුස්ලිම් ප්‍රජාව දශක ගණනාවක් පුරා පැවති යුද්ධයෙන් බැට කෑ අතර ස්ව අනන්‍යතාවය අහිමි කරගෙන ජීවත් වීමට සිදු විය. ‘ගාඩි’ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් චිත්‍රපටය හරහා ඉස්මතු කිරීමට වෑයමි කරන්නේ රොඩී ප්‍රජාව හට අනාදිමත් කාලයක සිට ඔවුන්ගේ අනන්‍යතාවය අහිමි කරන රදළ පාන්තිකයන්ගේ බලය පිළිබඳ හැඟවුමයි. දේශපාලනික වශයෙන් රාජ්‍යයක නොතිබිය යුතු තත්ත්වයක් පාලක පැළැන්තිය විසින් ජනතාව වෙත උරුම කර දීම වර්තමානය තුළ පවා පෙනෙන්නට තිබෙන ලක්ෂණ චිත්‍රපටය තුළින් පොළාපැනීම වැළැක්විය නොහැක.
චිත්‍රපටයේ ආඛ්‍යානය හොලිවුඩ් ආකෘතියට අනුව ලියවී ඇත. පසුබිම 1815 උඩරට රාජධානිය ආක්‍රමණය කරන්නට පිඹුරුපත් සකසන ඉංග්‍රිසි හමුදාව සහ රදළයන් පිළිබඳ ඓතිහාසික ගනුදෙනුවයි. ඊට පරිබාහිරව කුලයෙන් පහත් රොඩී තරුණයකු හා රදළ පැළැන්තියේ රූමත් යුවතියක් අතර පවතින ප්‍රේම ගනුදෙනුවයි. ‘ඩොක්ටර් ෂිවාගෝ’ නමැති හොලිවුඩ් චිත්‍රපටය සිහියට නංවයි. පසුබිම්න් රුසියානු විප්ලවය පෙන්වයි. නමුත් විප්ලවය තුළ කදිම ප්‍රේම කතාවකි. තිර පිටපතට උචිත තේමාව සහ වස්තු බීජය ශක්තිමත් වුව ද චිත්‍රපටය පුරාවටම දැවැන්ත හිස්කමක් පැවතිණ. ප්‍රසන්න නිර්මාණය කළ ‘ඉර මැදියම’, ‘පුරහඳ කළුවර’, ‘ආකාස කුසුමි’ වැනි චිත්‍රපටයන්ට සාපේක්ෂව ‘ගාඩි’ විසින් ගොඩ නැඟිය යුතු බහුවිධ අර්ථ ගිළිහි ගොස් ඇති බව මගේ විශ්වාසයයි. ගාඩි යමෙක් වෙත දුර්වල චිත්‍රපටයක ලක්ෂණයක් ලෙස හුවා දක්වන්නේ නමි තිර රචනය තුළ පවතින හිස්කමයි. Emancipation යනු මීදිම හෙවත් විමුක්තියයි. අන්‍යයන්ගේ පාලනයෙන් නිදහස් වීම යන අරුත් ගනී. චිත්‍රපටය විසින් දක්වන කූල ප්‍රතිවිරෝධය හමුවේ ප්‍රසන්න මෙි කුලයෙන් විමුක්ති ලබන්නට ගත හැකි යෝජනා පිළිබඳ පැහැදිලි නොකරයි.
විජයා නමැති රොඩී තරුණයාගේ චරිතය සඳහා මනා සාධාරණයක් ඉටු කරන්නට සජිත් අනුත්තර සමත් වෙයි. අතපය චලනය, මුහුණේ ඉංගිත සැපයීම තුළ ඔහු දක්වන ප්‍රශස්ත රංගන ඉදිරිපත් කිරීම වෙන නළුවකු ආදේශ කිරීමට පවා නොදෙන මටිටමේ කදිම රංගනයකි. දිනාරා පුංචිහේවාගේ රංගනය සාර්ථක වුව ද ඇගෙන් චිත්‍රපටයට ලැබෙන සහය ප්‍රමාණවත් නොවෙි. ඇහැළේපොළ අදිකාාරමි ලෙස රවින්ද්‍ර රන්දෙණිය සහ ශ්‍යාමි ප්‍රනාන්දු විසින් රදළයකුගේ ප්‍රතාපවත් බව, මාන්නය, නායකත්ව ලක්ෂණ මනාව පෙන්වයි. නෙතට ප්‍රිය රූප රාමු විසින් චිත්‍රපටය විචිත්‍රවත් කරන්නේ කැමරාකරණයේ කාර්යය තිතටම සිදු කළ බව හඟවමිනි. ගමනාන්තය හරහා සැරිසරන සෞන්දර්ය චාරිකාවක් සිහිගන්වන රමණිය රූප රාමු පෙළකි.
‘ගාඩි’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන්නේ ‘රාජිවි රවී’ විශිෂ්ට කැමරාවෙිදියා වෙි. ඔහු අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කළ ‘දේවි ඩී’, ‘ගැන්ග්ස් ඔෆ් වසිපුර්’ චිත්‍රපටය ද්විත්වය ඇතුළු හින්දි, මලයාලමි චිත්‍රපට ගණනාවක කැමරා අධ්‍යක්ෂවරයා වෙි. වෙිශ නිරූපණය, රංග වස්ත්‍ර නිර්මාණය, සංස්කරණය, පසුතල නිර්මාණය ආදී අනුශාංගික අංග පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වමින් ශික්ෂණයක් සහිතව ප්‍රසන්න විතානගේ තම මුද්‍රාව චිත්‍රපටය තුළ තබන්නට උත්සාහ ගෙන තිබෙි. ප්‍රසන්න ප්‍රතිනිර්මාණය කරනුයේ ජීවිතයයි. එය ජීවිතයම පිටපත් කිරීමකට වෙනස් අරුත් පිරි, ගැඹුරු අපූර්ව යමකි. ‘ගාඩි’ යනු කුලවාදයට එරෙහිව ගැසු කුඩාමය කැරැල්ලකි. කුලය, මානුෂියත්වය, අනන්‍යතාවය අහිමිවීම පිළිබඳ රචනා කරන ලද ‘ගාඩි’ සිනමා වියමන සියල්ලන්ගෙම ඇස ගැටිය යුතුම ය.