චීනයේ ජනගහනය අඩුවෙයි

Share post:

වසර දෙදහස් විසිතුනේ දී චීන ජනගහනය බිලියන එකයි දශම හතර ඉක්මවා තිබේ. එය වසර 2022 ට සාපේක්ෂව මිලියන 2 යි දශම 0 යි 8 ක අඩු වීමකි. වසර 60 කට පසු චීන ජනගහනය අඩුවූ පළමු අවස්ථාව මෙයයි. අඩු උපත් අනුපාතිකය මෙම තත්වයට ප්‍රධාන හේතුව බව විශේෂඥයෝ පෙන්වා දෙති. පුද්ගලයන් 1000 කට දරු උපත් අනුපාතිකය 6 දක්වා පහත වැටී තිබේ. වසර 2021 සිට චීනයේ පවුලකට ළමුන් තුන්දෙනෙකු සඳහා අවසර හිමිව ඇත.

1980 ගණන්වලදී එක් දරුවෙකුට පමණක් ප්‍රතිපත්තිය චීනයේ ක්‍රියාත්මක වූ අතර පසුව ඊට සංශෝධන එක්විය. විවාහවීම් උත්තේජනය කිරීම සඳහා විවිධ ක්‍රම හඳුන්වා දීමට ද රජය පියවර ගත්තේය. වසර තුනක් පැවති කොවිඩ් තත්වය සහ ජීවන වියදම් වැඩි වීම ද ජනගහනය අඩුවීමට හේතු වී ඇතැයි විශ්වාස කෙරේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...