කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

Share post:

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවා
නි ත් ත ව ල ගු ණ යා
කප්පරක සම්මාන ලාභී වූවත් ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමට

ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ගුරු සේවයට ආරාධනා ලැබූ
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා:
නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ.
පියාගේ නම කිරි උක්කුවා.
කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.
ගුණයා කිරි උක්කුවගේ එකම පුතා.
උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.
ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා.
අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා.
අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්දා.
අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නැටුවා.
සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ.
පණ්ඩිත් අමරදේවයන් ගයන ‘වැලිතල අතරේ’ ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.
නිත්තවෙල ගුණයා 1927 දි ජර්මනියේ නැටුවා.
1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.
යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා.
නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්⁣ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා.
ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.
ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා ප්‍රතික්ෂේප කරා.
ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා.
1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයගේ රුවෙන්.
අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා.
1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයව සම්මානයෙන් පිදුවා.
2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණය⁣ගේ රුවෙන් සැරසෙනවා.
දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක නිත්තවෙල ගුණයා ගැන ලිපි පළවුණා.
1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කරා.
බිරිඳ ‘සොඳිනා’ ත් දියණිය ‘අමරාවති’ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා තනි වුණා.
අන්තිම කාලේ නිත්තවෙල ගුණයා ජීවත් වෙන්නෙ කෝපි කඩලා.
කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයගේ එක ඇහැක් අන්ධ වුණා.
ජීවිතේ අවසා⁣න භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු නිත්තවෙල ගුණයා රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියා.

ධර්ම ශ්‍රී නන්දලෝචන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...