GHC Global Education 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි !

Share post:

මෙරට ප්‍රමුඛ පෙළේ විදේශ අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන ආයතනයක් වන GHC Global Education පසුගියදා සිය 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුවේය. විශේෂඥ කණ්ඩායමක් විසින් 2008දී අරඹන ලද මෙම ආයතනයේ මූලික පරමාර්ථය වන්නේ විදේශයක සිය උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීමයි. GHC Global Education වර්තමානයේදි ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල් ගණනාවක පිහිටා ඇති ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල සමඟ එක් වී කටයුතු කරයි. GHC Global Education (www.ghcedu.lk) වෘත්තීය උපදේශනය, අධ්‍යාපන පාඨමාලා, අධ්‍යාපන ආයතන, විදේශගත වීම සඳහා සුදුසු රටක් තෝරා ගැනීම, වීසා අයැදුම් කිරීම, ශිෂ්‍ය ණය අයැදුම් කිරීම, නවාතැන් සපයා ගැනීම සහ අර්ධකාලීන රැකියා සොයා ගැනීම වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ සේවා සපයයි.

ෆින්ලන්තයේ Metropolia University of Applied Sciences සහ Vaasa University of Applied Science, එක්සත් රාජධානියේ Coventry University සහ ඕස්ට්‍රේලියාවේ Deakin University, Edith Cowan University, James Cook University වැනි ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන රැසක් සමඟ සහයෝගීතා ඇති කර ගෙන ඇති GHC Global Education ගෝලීය වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීමට සිසු සිසුවියන්ට අවස්ථාව සපයයි. ෆින්ලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ට සහාය වන ප්‍රධානම අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන්නා වන GHC Global Education මෙරට සිටින එකම Metropolia University නියෝජිතයා වීම සුවිශේෂත්වයකි. වයස් සීමාවකින් තොරව එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වැඩසටහන් සඳහා අයැදුම් කිරීමට සිසු සිසුවියන්ට අවස්ථාව සැළසෙන අතර ඒ සඳහා IELTS හෝ වෙනත් කිසිදු ඉංග්‍රීසි සුදුසුකමක් අනිවාර්ය නොවේ. ආරම්භයේ පටන් මේ දක්වා වන වසර 15 තුළ සිසු සිසුවියන් 700කට වැඩි පිරිසකගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට සහාය වී ඇති GHC Global Education අංක 704, මීගමුව පාර, වැලිසර ලිපිනයේ පිහිටා ඇත.

Related articles

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50...

සාහිත්‍ය කෝලාහල – ‘හිතක මතක’

"…හයවන දශකයේ බොහෝ උත්සව සභා පැවැත්වීමට නිතර යොදාගත් තැනකි, කොළඹ විහාරමහා දේවී උයන අසලින් දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවතේ...

‘අපි හොයන හින්දි සිනමාව සහ කිරන් රාඕගේ අතරමං වුනු ගැහැණු’

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු...

77 වැනි කාන් සිනමා උළෙල – ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික නිළි මෙරිල් ස්ට්‍රිප් ට

77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික සම්මානනීය නිළි...