ලිවර්පූල් හරහා ගලා යන ලාංකික තාල පූර්ණය

Share post:

ලාංකිකයන් ආඩම්බරයට ලක් කරන ශ්‍රී ලාංකික සංස්කෘතියේ එක් පොහොසත් අංගයකි සම්ප්‍රදායික නැටුම් කලාව. එය උඩරට නැටුම්, පහත රට නැටුම්, සපරගමු නැටුම් සහ ජන නැටුම් වශයෙන් ප්‍රධාන ආකෘතීන් හතරක් සහිත සහිත වේ. යටත් විජිත සමයේදී, විශේෂයෙන් පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ, සම්ප්‍රදායික නැටුම් ආකෘතීන් කෙරෙහි බලපෑමක් ඇති කල අතර යුරෝපීය නර්තනයේ සමහර අංග දේශීය සම්ප්රදායන් සමඟ ඒකාබද්ධ විය. අද එය ජනප්‍රිය සහ නූතන ශ්‍රී ලංකාව තුළ, සම්ප්‍රදායික නර්තනය සංස්කෘතික ප්‍රකාශන, ආගමික උත්සව සහ රූපවාහිනී හෝ අන්තර්ජාල විනෝදාස්වාදය සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. නර්තනය ඉදිරිපත් කිරීම සහ සන්දර්භය තුළ පරිණාමයක් සිදු වී ඇතත්, සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නර්තනයේ සාරය තවමත් ආරක්ෂා වී ඇත. බරපතල අර්බුධයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ නැටුම් කලාව පවත්වාගෙන යාමේදී තීරණාත්මක කාර්ය බාරයක් කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය විසින් සිදු කරනු ලබයි. එහිදී නැටුම් කලාව හැදෑරූ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසු කලෙක ලොව සංක්‍රමණය වුවද ඇතැමුන් වෘත්තීය මට්ටමේ නැටුම් කලාවේ යෙදෙ⁣මින් තම එදිනෙදා සංක්‍රමණික ජීවිත පවත්වාගෙන යාමට උත්සාහ කරයි.

⁣බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයේ ජීවත් වන මට හමු වූ එවැනි සහෝදර යුවලකි පූර්නිමා රත්නායක සහ ප්‍රභාෂ් නිරංග. ඔවුන් දෙදෙනාම කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේදී නැටුම් කලාව තම විෂය ලෙස හදාරා, ශ්‍රී ලංකා රජයේ පාසැල් ගුරුවරු ලෙස නැටුම් කලා සහ ගුරු සේවයේ හසළ අත්දැකීම් සහිතය. ශ්‍රී ලංකාවේ නැටුම් කලාවේ යෙදෙන අතර ජාත්‍යන්තර නැටුම් සංදර්ශණ ගනණාවකට සහබාගී වී ඇති ඔවුන් දෙපල ජනප්‍රිය බොලිවුඩ් සිනමා නර්තණ හැකියාවන්ගෙන්ද පරිපූර්ණය. තම කලා ජීවිතය පුරා උකහා ගත් ජාතික මට්ටමේ කීර්තිය සහ තම ආත්මය වන නැටුම් කලාව පසෙක තබා ඔවුන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන්නේ දේශපාලකයන් විසින් සාප ලත් දේශයක් බවට පත් කල පසු තමන් එම පොලොවේ පිටස්තරයන් බව හැඟෙන්නට ගත් පසුය.

තමා උරුම කරගෙන එන කලා ජීවිතය පසෙක තබා සංක්‍රමණික ජීවිතය පවත්වාගෙන යාමට ආරම්භයේදී සිත් එකඟ කර ගත්තද, තම මාතෘ භූමියෙන් පිටවූ තැන් පටන්, ඕනෑම කලාකරුවෙකුට තම අනන්‍යතාවය පිළිබඳ ඇතිවන්නේ ව්‍යාකූල බවකි. සංයුක්ත සමාජයක ජීවත් වීමට පැමිණියද , ප්‍රථමයෙන් එදිනෙදා ජීවන අරගලයද පසුව මුදල් මත හඹා යන වේගය විසින්ද හිස් කරනු ලැබූ ආත්මයන් සහිත මිනිසුන්ගෙන් විදේශගත ලාංකික සමාජය අඩුවක් නැත. එම වටපිටාව විසින් කලාකරුවාට තමන්ට තමන් අහිමිවෙමින් යන බව දැනෙන අතර එදිනෙදා ජීවන අරගලය සහ සංස්කෘතික අනුවර්තන කාලයේ වන හැල හැප්පිලි විසින් ජීවිතය කීතු කීතු වලට ඉරා දැමෙන අතර ඔහු තුල සිටින සංස්කෘතික මිනිසා වියැකී යන්නට පටන් ගනී. මෙම තත්වයට මුහුණ දීම සඳහා ලොව පුරා විසිර යන කලා ලැදි මිනිසුන් විවිධ එකමුතුකම් ගොඩ නගා ගනී. මා ඉහත සඳහන් කල පූර්නිමා සොහොයුරිය සහ ප්‍රභාෂ් සොහොයුරාද, තම සංවිධාන ගත බව හරහා තව දුරටත් කලාව තුල රැඳීමට සහ තමා තුල ඇති සංස්කෘතික මිනිසා ජීවත් කරවීමටත් උත්සාහ කරයි. මේ සටහන තබන්නේ ඔවුන්ගේ ඒ උත්සාහයට සහයෝගය සඳහාය.

සටහන සහ ඡායාරූප – අනුරුද්ධ ලොකුහපුආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...