දේශබන්දුට පොලිස් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් – නීතියට පටහැනි නම් විනය පියවර !

Share post:

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අදාළව ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන කරුණු සහ ජනතාව විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති මහජන පැමිණිලි පසුගිය 11දා පැවති ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමේදී සලකා බැලීමෙන් අනතුරුව මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව කරුණු 03ක් යටතේ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව උපදෙස් මාලාවක් නිකුත් කරමින් ඒ පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස දන්වා තිබේ.

රටේ පවතින නීතිමය රාමුව තුළ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කරන ලෙසත්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ලෙස කටයුතු කිරීමට වගබලාගන්නා ලෙසත් එම කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කරන ලද උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් ය.

එමෙන්ම නීතියට පටහැනිව කටයුතු කරන බවට සනාථ වන අවස්ථාවලදී එම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට සිදු වන බව ද මෙහිදී ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අවධාරණය කර තිබීම විශේෂත්වයකි.

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...