දේශබන්දුට පොලිස් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් – නීතියට පටහැනි නම් විනය පියවර !

Share post:

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අදාළව ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන කරුණු සහ ජනතාව විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති මහජන පැමිණිලි පසුගිය 11දා පැවති ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමේදී සලකා බැලීමෙන් අනතුරුව මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව කරුණු 03ක් යටතේ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව උපදෙස් මාලාවක් නිකුත් කරමින් ඒ පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස දන්වා තිබේ.

රටේ පවතින නීතිමය රාමුව තුළ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කරන ලෙසත්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ලෙස කටයුතු කිරීමට වගබලාගන්නා ලෙසත් එම කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කරන ලද උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් ය.

එමෙන්ම නීතියට පටහැනිව කටයුතු කරන බවට සනාථ වන අවස්ථාවලදී එම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට සිදු වන බව ද මෙහිදී ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අවධාරණය කර තිබීම විශේෂත්වයකි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...