ලිවර්පූල් හි නොස්ටලිජියානු වටපිටාව

Share post:

දින ගනණක සීත සෘතු අඳුරෙනුත් තෙත බවෙනුත් පසුව ඊයේ දවසෙ නගරයට ඉතා හොඳින් හිරු එළිය වැටී තිබුනි. නගරයේ ඔපෙරා ශාලාව වන ලිවර්පූල් එම්පර ගොඩනැගිල්ල ඉදිරිපිට The Wizard of Oz දර්ශන වාරයක් සඳහා මිනිසුන් පේලි ගැසෙමින් තිබූ අතර, සිත් ඇදගන්නා ලෙස හැඳ පැළඳ ගත් කාන්තාවන් සාප්පු දෙසට යමින් සිටියේය. සෙන්. ජෝර්ජ් ගොඩනැගිල්ලේ තිබූ විවාහ ලියා පදිංචිකිරීමක් වෙනුවෙන් අලංකාර ලෙස ගවුමක් හැඳි තරුණියක් එමෙන්ම ජැන්ඩියට හැඳ ගත් ඉතා වයෝවෟද්ධ අයෙකුව අතින් අල්ලාගෙන ගියේය. සිහින් උස අඩි සහිත පාවහන් පැළද Cobblestone ගල් මත මා ඉදිරියෙන් ගිය කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු තම පාවහනක් ඇද වී බිම වැටිනි. ඇය ලැජ්ජාවෙන් මා දෙස බලා තම මුහුණ වසා ගත්තාය.

මා ජීවත් වන ලිවර්පූල් නගරය පොහොසත් ඉතිහාසයකින්, වාස්තුවිද්‍යාත්මක තේජසකින් සහ කලාත්මක වැදගත්කමකින් පිරුණු නගරයකි. වයඹදිග එංගලන්තයේ මර්සි නදිය දිගේ එය කේන්ද්‍ර කොට ගෙන පිහිටා ඇති එය සියවස් ගණනාවක් පුරා දිවෙන උරුමයකට හිමිකම් කියන බව නගරය ඔස්සේ ඇවිදයන්නෙකුට පහසුවෙන් අවබෝධකර ගත හැක. නගරයේ දර්ශනපතයන් විසින් පැරණි ලෝක චමත්කාරය වර්තමානයට ගෙන එමින් නවීන ප්‍රබෝධමත් බව මුසු කරයි. ලිවර්පූල් නගර කවුන්සිලය ජනතා බදු වලින් කොටසක් වෙන් කරනුයේ එම තත්වය පවත්වාගෙන යාම සඳහාය.
නගරයේ මූලයන් 13 වන සියවස දක්වා දිවෙන අතර, වරාය නගරයක් ලෙස සමෘද්ධිමත් වූ අතර කාර්මික විප්ලවය අතරතුර වෙළඳ හා වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රමුඛත්වය ලබා ගත්තේය. නගරයේ ඓතිහාසික සමුද්‍ර උරුමය එහි ගඟබඩ ආශ්‍රිතව ඇති විස්මිත ගෘහ නිර්මාණ ශිල්පයන් විසින් ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම Three Graces ගෞරවයට පාත්‍රව ඇති ලෝක ප්‍රසිද්ධ Liverpool Waterfront හි ගොඩනැගිලි තුන වන The Royal Liver Building (1908-11), The Cunard Building (1914-16) සහ Mersey Docks and Harbour Board (1903-07) කාර්යාලය ලිවර්පූල්හි සමුද්‍ර උරුමය සංකේතවත් කරන අතර ඔවුන්ගේම වාස්තුවිද්‍යාත්මක අයිතියයි.

අනෙක් ගොඩනැගිල්ල වන්නේ නගර මධ්‍යයේ පිහිටි ශාන්ත ජෝර්ජ් ශාලාව වන අතර එය නගරයේ වාස්තුවිද්‍යාත්මක ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. 1854 දී නිම කරන ලද මෙම සම්භාව්‍ය කෘතිය, විශිෂ්ට කොරින්ති තීරු, ප්‍රසංග ශාලා සහ සිත් ඇදගන්නා අභ්‍යන්තර අවකාශයන්ගෙන් සමන්විත වේ. එහි වැදගත්කම හුදු ගෘහනිර්මාණ ශිල්පය ඉක්මවා යයි—එය ලිවර්පූල් හි කලාත්මක ආත්මය මූර්තිමත් කරමින් ප්‍රසංග, ප්‍රදර්ශන සහ සිදුවීම් පවත්වන නගරයේ සංස්කෘතික පහනකි. ගොඩනැගිල්ල වටා ඇති මිදුල, ඓතිහාසික ගංගා ජල තීරය දිගේ මෙන්ම ඩොල්ෆින් ලාම්පු කණු ගොඩනැගිල්ල වටා මිදුල ඓතිහාසික කලාත්මක ප්‍රතිමුර්ති වලින් සමන්විතය.

ඒවා මෙසේය :

තෝමස් තෝනික්‍රොෆ්ට් විසින් නිර්මාණය කල වික්ටෝරියා රැජිනගේ සහ ඇල්බට් කුමරුගේ අශ්වාරෝහක ප්‍රථිමා දෙක,

සී බී බර්ච් විසින් නිර්මාණය කල ජෙනරල් අර්ල් සහ බෙන්ජමින් ඩිස්රේලි ගේ ප්‍රථිමා දෙක,

ඩබ්. ජී. ⁣නිකොලා විසින් නිර්මාණය කෙරූ Lions, and Mermaid and Triton Lampstands,
තෝමස් ස්ටර්ලින් ලී, සී.ජේ. ඇලන් සහ කොන්රාඩ් ඩ්‍රෙස්ලර්ගේ මූර්ති පුවරු

හර්බට් ටයිසන් ස්මිත් විසින් නිර්මාණයක කල යුද්ධයෙන් මියගියවුන් සිහිපත් කිරීමේ පුවරුව.

ලිවර්පූල් මුහුදට ඇති සම්බන්ධය සංකේතවත් කරයි. මෙම සුවිශේෂී පහන් කණු, සංකීර්ණ ලෙස සකස් කරන ලද ඩොල්ෆින් මසුන්, නගරයේ සමුද්‍ර උරුමයට උපහාර පුද කරන අතර වීදිවලට විචිත්‍රවත් බවක් එක් කරයි.

එම ප්‍රථිමා පිහිටුවා ඇත්තේ Cobblestone ගල් ඇතිරුම මතය. ලිවර්පූල් හි වීදි හරහා සැරිසරන විට, විශේෂයෙන් ඇල්බට් ඩොක් හෝ ජෝර්ජියානු
ගොඩනැගිලි සහිත ප්‍රදේශ වල මෙම Cobblestone ඇතිරූ වීදි තවමත් දැකිය හැක. මෙම වීදි විසින් නොස්ටැල්ජියාව ආරක්ෂා කරමින් නගරයේ අතීතයට වර්තමානය ගෙනයයි.

ලිවර්පූල් නගරයේ පදිංචියට විත් ගත වූ පසුගිය වසර අටක කාලය පුරා ලිවර්පූල් නගරයේ කලාත්මක දියුනුව ගලා ආ හැටි මම දුටුවෙමි. එය ගැලරි සහ කෞතුකාගාර ආදී ගොඩනැගිළි ඉඳිකිරීමෙන් පමණක් නොව, බෝල්ටික් ත්‍රිකෝණයේ ග්‍රැෆිටි වලින් සරසන ලද බිත්ති සහ බෝල්ඩ් වීදිය දිගේ විචිත්‍රවත් වීදි සංදර්ශනවල දක්වා පැතිර ⁣ගියේය. නගරයේ කලාත්මක ස්පන්දනය විවිධ ස්වරූපවලින් නිර්මාණශීලිත්වය සහ ප්‍රකාශනය පෝෂණය කරමින් මහ හඬින් ස්පන්දනය වේ.

ඡායාරූප ගතකිරීමේදී මා කැමරාව සීපියා වර්ණ තලයට අනුගත කෙරුවෙමි. ඒ අනුව දර්ශන වල ඇති විවිධ වර්ණ විසින් ඉතිහාසය පිළිබඳ හැඟීම ජායාරූප තුලින් ඉවත් වීම වැළක්වීමට උත්සාහ කලෙමි.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...