සෙල්ලම් අස්පයා හා කළ සංවාද

Share post:

“මොකද්ද දැන් මට දෙන නම ?” උදේ හවස උඹ අහනවා
තියනවනම් තියන්න නම් කීපයක්ම මට තියෙනවා
නමක් නොදා ඉන්න වුණත් වෙලාවකට මට හිතෙනවා
“ටිකිරා කියන නම හොඳයිද ?” බැරිම තැනදි මං අහනවා

“මුලට දාන නම මොකද්ද ?” මේන් ආයෙමත් අහනවා
“මල් – කියනා නම හොඳයිද ?” මාත් එයාගෙන් අහනවා
‘මල් ටිකිරා’ කියන නමට අපි දෙන්නම එකඟ වෙනවා
ටිකිරි කුමරු දන්නවනම් අපි දෙන්නට හිනා වෙනවා

උඹට අස්පබල තියෙනවා කොටුවෙ කෝලහල තියෙනවා
සෑදලයේ විට තියෙනවා උරවනනම් දුම තියෙනවා
මගේ අතින් ගිනිකූරක් පත්තු වෙනවා යළි නිවෙනවා
“මල් ටිකිරා ඉස්සරහට – දුම් වළල්ල පිටිපස්සට”
අපිව දකින අය කියනවා

පිගේරාගෙ තඩි බළලව පිගේරාම හම ගහනවා
කොටස් වෙළඳපොළ ඇතුළෙදි උගෙ මස් ටික කොටස් වෙනවා
ටිකිරො උඹට දුක හිතුණත් මේ ටික නම් මම කියනවා
බළල්ලු ටික බේරගන්න බැරිවෙන්නත් ඉඩ තියෙනවා

කොළඹ කොටුවෙ පස්ස පැත්ත ගිනි අරගෙන දුං දානවා
ටිකිරි කුමරු හිනා වෙවී අලුත් වෙඩිල්ලක් කොටනවා
ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා
ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා ….!

රුවන් බන්දුජීව

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...