‘ජාතිවාදී දුස්රා පන්දුවෙන් දැවී ගිය මුරලිගේ ‘800’

Share post:

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා වන ‘මුත්තයියා මුරලිදරන්’ චරිතාපදානය කේන්ද්‍ර කරගෙන නිර්මාණය කළ ‘800’ නමැති ඉන්දියානු චිත්‍රපටය නරඹන්නට එතරමි ප්‍රියතාවයක් තිබුණේ නැත. මන්ද මුරලිගේ රුවට යන්තම්න් හෝ සමාන නළුවෙකු ‘800’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සිදු නොකිරීමයි. මා බලාපොරොත්තු වී සිටි මුරලිගේ චරිතයට සාධාරණයක් කළ හැකි එකම නළුවෙකු සිටී නමි ඒ විජය සේදුපති පමණයි. නමුත් අවාසනාවට ඔහුට තමිල්නාඩුවේ ජාතිවාදී දමිළ ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවෙි ‘800’ චිත්‍රපටය මඟ හැරිණි. ‘800’ චිත්‍රපටය මුළුමනින්ම ක්‍රීඩා ශානරයේ චරිතාපදාන(Biography) චිත්‍රපටයක් ලෙස හැඳීන්වීමට වඩා දේශපාලනික(political) චිත්‍රපටයක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු ය. කඩුලු 800ක් ලබාගත් කෝ ඒ විශිෂ්ට මුරලි? යනුවෙන් මට චිත්‍රපටය තුළින් අසන්නට ප්‍රශ්නයක් ඇත. චිත්‍රපටය පුරාවටම මුරලිගේ විශිෂ්ට මොහොතවල් ග්‍රහණය කර ගැනීමට වඩා ඔහු දමිළ ජාතිකයකු වීම නිසා ලංකාවෙි දමිළ – සිංහල ජාතිවාදය පිළිබඳ අර්බුදය ප්‍රධාන වශයෙන් චිත්‍රපටය තුළ උලුප්පා ඇති බවයි මගේ අදහස නමි. එම චෝදනාව චිත්‍රපටය පිළිබඳ මා තුළ පවතින ප්‍රබල චෝදනාවකි.

කඩුලු 800ක් පමණක්ම නොව කඩුලු 1000ක් ලබාගත් විශිෂ්ට ගණයේ ජාත්‍යන්තර ක්‍රිඩකයකුගේ චරිතාපදානය තුළ කථිකා කරන්නට ඇත්තේ ඔහු විසින් මුහුණදෙන ජාතිය පිළිබඳ අර්බුදය පමණක්මද? ඔහු කඩුලු 800 ලබා ගැනීම සහ ඔහුගේ ජීවිතයේ හොඳම අඩවිය ලෙදර් පන්දුව වෙනුවෙන් වැය කළ දුෂ්කර මොහොතවල් නිවැරැදිව චිත්‍රපටයේ සඳහන් වී අැත්ද? යන්න ‘800’ චිත්‍රපටය තුළින් අසන්නට ඇත. ජාති, ආගමි භේදය පසෙකලා මුත්තයියා මුරලිදරන් චරිතය ආදරයෙන් වැළඳගත් ලාංකිකයන් ‘800’ චිත්‍රපටයේ සිටි මුරලිව දැඩිව වැළඳ නොගත්තේ අැයි ද? යන්න පැනයට චිත්‍රපටය විසින්ම පිළිතුර සපයා තිබෙි. මෙි අපේ මුරලි නොවෙයි යන්න ප්‍රේක්ෂකයන් දෙවරක් පසුබට වෙන්නේ නැත.

ජාතිවාදය වැනි අර්බුදකාරී මාතෘකාවක් ලොව විශිෂ්ට ගණයේ ක්‍රීඩකයකුගේ චරිතය සමඟ සමගාමීව ගෙන ඒම ලාංකීය ප්‍රේක්ෂකයන් එය එතරමි හොඳින් භාර ගන්නේ නැත. මන්ද ලංකාවෙි ජාතිවාදය තවමත් මිය ගොස් නැති බැවිනි. චිත්‍රපටයේ සම තිර රචකයා වන බූකර් සම්මානලාභී ‘ෂෙහාන් කරුණාතිලකගේ’ සිංහල – දමිළ ජාතිවාදී අරගලය පිළිබඳ සෘජු අදහස් තිර රචනයට ගෙන ඒම චිත්‍රපටයට දැවැන්ත හානියක් කර ඇත. ක්‍රීඩකයකුගේ වෘත්තිමය ජීවිතයට ජාතිය පිළිබඳ අර්බුදය බලපෑ ආකාරය මීට වඩා ඉතා සියුමිව සහ සුක්ෂමව ගෙන එන්නට තිබිණ.

අනෙක් ⁣අතට මුරලිගේ චරිතය සඳහා තෝරාගත් ‘මධුර් මිතතල්ගේ’ රංගන කාර්යය හොඳින් සිදු වී තිබුණද ඔහුතේ තේරිම 100% නිවැරැදි නොවන බවයි මගේ පෞද්ගලික අදහස නමි. ෂේන් වොන්ගේ පෙනී සිටීම තුළ පවා දකින්නට තිබුණේ දුර්වල නිරූපණයකි. කිං රත්නමිගේ ‘අර්ජුන් රණතුංගගේ’ පෙනී සිටීම අගය කළ යුතුය. කදිම රංගනයකි. මුරලිගේ ක්‍රිඩා දිවියේ කැමරා කාචයට හසු වූ සත්‍ය දසුන් (Real Footages) චිත්‍රපටය භාවිතා කළේ නමි චිත්‍රපටය මීට වඩා දැනෙන සහ ශක්තිමත් කරන්නට තිබුණ බවයි මගේ යෝජනාව නමි.

සංස්කරණයේ සහ දෘෂ්‍ය ප්‍රයෝග හි ලැබිය යුතු සහය ලැබී නොමැත. මුරලිගේ ක්‍රිකටි පිටිය තුළ ඔහු දැක් වූ විශේෂ ක්‍රිඩා විලාසය සහ කඩුළු ලබා ගැනීම පිළිබඳ විස්තරාත්මක බව අතින් නමි දුර්වල ය. ක්‍රීඩකයකුගේ චරිතාපදානයක් පිළිබඳ විශිෂ්ට චිත්‍රපටය වෙි නමි ඒ ‘පේලේ’ චිත්‍රපටය වෙි. අඩුම තරමින් ‘800’ අධ්‍යක්ෂවරයා ‘පේලේ’ වැනි විශිෂ්ට චිත්‍රපටයක්වත් නරඹා නැති බවයි උපකල්පනය නමි. ‘800’ චිත්‍රපටය යනු ක්‍රීඩකයකුගේ චරිතාපදානයක් ප්‍රධාන කරගත් හොඳ චිත්‍රපටයක් නොවෙි. දේශපාලනික අදහස් වෙිගයෙන් සන්නිවෙිදනය කළ සාමාන්‍ය චිත්‍රපටයක් ⁣ලෙස ‘800’ චිත්‍රපටය හැඳින්වීම සුදුසු ය. අවසන් වශයෙන් නැවත වරක් චිත්‍රපටයෙන් අපට අසන්නට ඇත්තේ ලොව විශිෂ්ටතම පන්දු යවන්නා වූ මුරලිදරන් කොහෙද? යනුවෙනි.

මලින්ත විතානගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...