කඩා වැටීම වෙනුවට නැගී සිටීම

Share post:

ප්‍රසාදනී කුමාරි බහුශික්ෂනාමක සැළසුම් කලාපය (Design ) සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ප්‍රථම් උපාධිය. උපාධිය මෙහෙම වෙද්දි ඇය වැඩිපුර ආස කරන්නෙ චිත්‍රයට. පුලස්ති එදිරිවීර නම් අතිදක්ෂ ගුරුවරයා හරහා මුල් කාලයේදී සිත්තටමට ඇදෙන්නෙ ඇය තුළ මේ සිත්තර භූමිකාව රඟ දක්වන්න. එය කූටප්‍රාප්ත වන්නෙ විභවිය හරහා චන්ද්‍රගුප්ත තේනුවර නැමති ඇකඩමික් ගුරුවරයාගේ ශික්ෂණය යටතේ. ඇඳීමේ හා පින්තාරුකරණයේ විද්‍යාව ඇය තේනුවර නැමැති මහා සිත්තරාගෙන් ඉගෙන ගන්නවා. දක්ෂ ආලේඛ්‍ය ශිල්පිනියක් වන ප්‍රසාදිනි මුද්දර කලාව, සනිදර්ශනාත්මක චිත්‍ර, ළමා චිත්‍ර වැනි බහුවිධ කලාවන්වල විෂේශතා පෙන්වන කෙනෙක්. එසේම කවියත් එක්ක බැඳෙන එක සහ කවි ලියන එක ඇය ලංකාවෙ විශ්ව විද්‍යාල අතරින් “කවිතා” වැඩසටහනින් සියල්ල අභිබවා සම්මානිත වෙන්නෙ ඒ නිසා.

විවිධ විදියෙ වැඩ කරමින් ගමන් කරන ප්‍රසාදිනි 2022 pulse නමින් ගේන චිත්‍ර ප්‍රදර්ශනය ඇයගේ කලාව සහ ජීවිතය ගැන හොඳ බලාපොරොත්තුවක්.ඇයගේ කලාවේ භාෂාව ආත්මකේන්ද්‍රීයව ගවේෂණයක යොදවන පළමු අවස්තාව මේක. ඇගේ පශ්චාත් උපාධියේදී ඇඟිලි සලකුණු හරහා මේ ආත්මකේන්ද්‍රීය ගනුදෙනුව යම් පමනකට ගේන්න උත්සාහ ගත්තා. pulse ගොඩනැගෙන්නෙ කොවිඩ් අභිමුඛව ඉද්දි. දුවන සමාජයක් එක තැනෙක කූඩු කරවා තියෙද්දි ඒ මානසික අවකාශයේ හිදැස තව තවත් හිදැස් ඉතුරු කරන්නෙ. භාෂාවට ගේන්න බැරි හිදැසක්, තනිකමක්, කඩාවැටීමක්, අහිමිවීමක්, සෞන්දර්යට ගේන්න වෙන්නෙ කැත ලස්සනක් විදියට. ඇස් කන් නාසවලින් සමන්විත හඳුනාගත හැකි අනන්‍යතා සහිත මූණු වෙනුවට ඇය ඇන්දෙ ඇගේම අපහැදිලි වූ, දියවූ, බොඳ වූ, වැගිරෙන, අවුල් වූ මුහුණු. ඒ තමයි ඇගේ තනිකම ශාරීරිකව විනාශ කරගන්නෙ නැතුව මානසිකව පින්තාරු කළ විදිය.

Mirror Mirror කියන්නෙ ප්‍රසාදිනිගේ චිත්‍රයේ දෙවැනි උපත. අපහැදිළි මූණ වෙනුවට ප්‍රසන්න මූණක් එක්ක පැහැදිළි පසුබිම්. අඳුරු පැහැයන් වෙනුවට පැහැපත් පැහැයන්. අනන්‍යතා සහිත ඇගේම ස්ව ආලේඛ්‍ය. බලාපොරොත්තු සහගත ඇස්. නරඹන්නිය ලඟට කැදවන පින්තාරුකරණය. සංවිධිත සංරචනා. සිහියෙන ඉන්න potition. වගේ විස්තර කළ හැකි ඇය එක්ක චාරිකාවක් යන්න පුලුවන් චිත්‍රාවලියක් Mirror Mirror කියන්නෙ. තමන් සතුටින් සිටීම විසින් හදන vibe එක අනාගතයට දිවෙන සංතුෂ්ටියක වැඩබිමක් බවට ඇය චිත්‍රය පත්කරගන්නවා මෙහිදී. ජීවිතය අතහරින්න හිතෙන තැනක අල්ලන් ඉන්න ඉඟි සැපයෙන චිත්‍රාවලියක් Mirror Mirror කියන්නෙ. එහෙමත් නැත්නම් චිත්‍රය ඇතුළෙ තමන්ව සුවපත් වෙන්නෙ කොහොමද කියල යෝජනා කරන ව්‍යාපෘතියක්. සුනිල් විජේසිරිවර්ධනයන් නිතර කියන දෙයක් තමයි තමන් අසතුටින්නම් ඉන්නෙ අපට ලඟම කෙනා සතුටින් තියන්න බෑ කියල. ඒක ඇත්ත කියල මමත් විශ්වාස කරන දෙයක්. මනුස්සයෙක් සතු ශක්තිය තමන්ට විශ්වාස කරන්න පුලුවන් දැනුමක් දක්වා එන එක ලඟා කරගත් කෙනෙක් ජීවිතය ලේසියෙන් අතහරින්නෙ නෑ. ඒ ආශ්වාදය තමයි මේ කලාකෘති පෙළ. ප්‍රසාදිනිගේ මෙම චින්තන වෙනසට මම හිතන්නෙ සුනිල් විජේසිරිවර්ධන තීරණාත්මක ලෙස බලපාපු බවයි. වැඩිහිටියෙක් ගුරුවරයෙක් සහ විචාරකයෙක් ලෙස ඔහුගෙ මැදිහත්වීම මා ඇතුළු තවත් කලාකරුවන්ට බලපෑ බැව් මා පුද්ගලිකව පිළිගන්නා කාරණයක්. ප්‍රසාදිනිගේ අඳුරෙන් එළියට ආ Mirror Mirror කියන්නෙ ඇයට වගේම කලාවට ආ ආලෝක ධාරාවක්. අලුත් පාරක්. ඔබ ඒ අලුත් පාර දිගේ ගමන් කරන්න. අපි ඔබ දිහා බලන් ඉන්නවා.

ප්‍රගීත් රත්නායක

2023.12.25

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...