කඩා වැටීම වෙනුවට නැගී සිටීම

Share post:

ප්‍රසාදනී කුමාරි බහුශික්ෂනාමක සැළසුම් කලාපය (Design ) සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ප්‍රථම් උපාධිය. උපාධිය මෙහෙම වෙද්දි ඇය වැඩිපුර ආස කරන්නෙ චිත්‍රයට. පුලස්ති එදිරිවීර නම් අතිදක්ෂ ගුරුවරයා හරහා මුල් කාලයේදී සිත්තටමට ඇදෙන්නෙ ඇය තුළ මේ සිත්තර භූමිකාව රඟ දක්වන්න. එය කූටප්‍රාප්ත වන්නෙ විභවිය හරහා චන්ද්‍රගුප්ත තේනුවර නැමති ඇකඩමික් ගුරුවරයාගේ ශික්ෂණය යටතේ. ඇඳීමේ හා පින්තාරුකරණයේ විද්‍යාව ඇය තේනුවර නැමැති මහා සිත්තරාගෙන් ඉගෙන ගන්නවා. දක්ෂ ආලේඛ්‍ය ශිල්පිනියක් වන ප්‍රසාදිනි මුද්දර කලාව, සනිදර්ශනාත්මක චිත්‍ර, ළමා චිත්‍ර වැනි බහුවිධ කලාවන්වල විෂේශතා පෙන්වන කෙනෙක්. එසේම කවියත් එක්ක බැඳෙන එක සහ කවි ලියන එක ඇය ලංකාවෙ විශ්ව විද්‍යාල අතරින් “කවිතා” වැඩසටහනින් සියල්ල අභිබවා සම්මානිත වෙන්නෙ ඒ නිසා.

විවිධ විදියෙ වැඩ කරමින් ගමන් කරන ප්‍රසාදිනි 2022 pulse නමින් ගේන චිත්‍ර ප්‍රදර්ශනය ඇයගේ කලාව සහ ජීවිතය ගැන හොඳ බලාපොරොත්තුවක්.ඇයගේ කලාවේ භාෂාව ආත්මකේන්ද්‍රීයව ගවේෂණයක යොදවන පළමු අවස්තාව මේක. ඇගේ පශ්චාත් උපාධියේදී ඇඟිලි සලකුණු හරහා මේ ආත්මකේන්ද්‍රීය ගනුදෙනුව යම් පමනකට ගේන්න උත්සාහ ගත්තා. pulse ගොඩනැගෙන්නෙ කොවිඩ් අභිමුඛව ඉද්දි. දුවන සමාජයක් එක තැනෙක කූඩු කරවා තියෙද්දි ඒ මානසික අවකාශයේ හිදැස තව තවත් හිදැස් ඉතුරු කරන්නෙ. භාෂාවට ගේන්න බැරි හිදැසක්, තනිකමක්, කඩාවැටීමක්, අහිමිවීමක්, සෞන්දර්යට ගේන්න වෙන්නෙ කැත ලස්සනක් විදියට. ඇස් කන් නාසවලින් සමන්විත හඳුනාගත හැකි අනන්‍යතා සහිත මූණු වෙනුවට ඇය ඇන්දෙ ඇගේම අපහැදිලි වූ, දියවූ, බොඳ වූ, වැගිරෙන, අවුල් වූ මුහුණු. ඒ තමයි ඇගේ තනිකම ශාරීරිකව විනාශ කරගන්නෙ නැතුව මානසිකව පින්තාරු කළ විදිය.

Mirror Mirror කියන්නෙ ප්‍රසාදිනිගේ චිත්‍රයේ දෙවැනි උපත. අපහැදිළි මූණ වෙනුවට ප්‍රසන්න මූණක් එක්ක පැහැදිළි පසුබිම්. අඳුරු පැහැයන් වෙනුවට පැහැපත් පැහැයන්. අනන්‍යතා සහිත ඇගේම ස්ව ආලේඛ්‍ය. බලාපොරොත්තු සහගත ඇස්. නරඹන්නිය ලඟට කැදවන පින්තාරුකරණය. සංවිධිත සංරචනා. සිහියෙන ඉන්න potition. වගේ විස්තර කළ හැකි ඇය එක්ක චාරිකාවක් යන්න පුලුවන් චිත්‍රාවලියක් Mirror Mirror කියන්නෙ. තමන් සතුටින් සිටීම විසින් හදන vibe එක අනාගතයට දිවෙන සංතුෂ්ටියක වැඩබිමක් බවට ඇය චිත්‍රය පත්කරගන්නවා මෙහිදී. ජීවිතය අතහරින්න හිතෙන තැනක අල්ලන් ඉන්න ඉඟි සැපයෙන චිත්‍රාවලියක් Mirror Mirror කියන්නෙ. එහෙමත් නැත්නම් චිත්‍රය ඇතුළෙ තමන්ව සුවපත් වෙන්නෙ කොහොමද කියල යෝජනා කරන ව්‍යාපෘතියක්. සුනිල් විජේසිරිවර්ධනයන් නිතර කියන දෙයක් තමයි තමන් අසතුටින්නම් ඉන්නෙ අපට ලඟම කෙනා සතුටින් තියන්න බෑ කියල. ඒක ඇත්ත කියල මමත් විශ්වාස කරන දෙයක්. මනුස්සයෙක් සතු ශක්තිය තමන්ට විශ්වාස කරන්න පුලුවන් දැනුමක් දක්වා එන එක ලඟා කරගත් කෙනෙක් ජීවිතය ලේසියෙන් අතහරින්නෙ නෑ. ඒ ආශ්වාදය තමයි මේ කලාකෘති පෙළ. ප්‍රසාදිනිගේ මෙම චින්තන වෙනසට මම හිතන්නෙ සුනිල් විජේසිරිවර්ධන තීරණාත්මක ලෙස බලපාපු බවයි. වැඩිහිටියෙක් ගුරුවරයෙක් සහ විචාරකයෙක් ලෙස ඔහුගෙ මැදිහත්වීම මා ඇතුළු තවත් කලාකරුවන්ට බලපෑ බැව් මා පුද්ගලිකව පිළිගන්නා කාරණයක්. ප්‍රසාදිනිගේ අඳුරෙන් එළියට ආ Mirror Mirror කියන්නෙ ඇයට වගේම කලාවට ආ ආලෝක ධාරාවක්. අලුත් පාරක්. ඔබ ඒ අලුත් පාර දිගේ ගමන් කරන්න. අපි ඔබ දිහා බලන් ඉන්නවා.

ප්‍රගීත් රත්නායක

2023.12.25

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...