‘භාෂා අත්හැරීම’ ඉතාම උපේක්ෂා සහගතව කරන කවියා තමයි ඉසුරු චාමර

Share post:

කවියෙකුට ඉන්න ප්‍රධානම සතුරා තමයි භාෂාව. භාෂාව ඉඩදෙන්නෙ නෑ කවියාට එයාට ඕන දේ කියන්න. භාෂාව හදන්නෙ කවියා ලවා එයාට ඕන දේ ලියවා ගන්න. ඉතින් කවිය භාෂාව එක්ක හැප්පෙනව. ඒ හැප්පීම කවිය වෙනව. ඒත් කවියට ලියන්න ඕන දේයි ලියවෙච්චි දේයි අතර හැමවෙලේම පියමං කළ නොහැකි දුරක් තියනව.

මෙතනදි කවියෙකු ඉදිරියේ මාර්ග දෙකක් තියනව. පළවෙනි එක භාෂා සටන ජයග්‍රහණය කිරීම. ඒක පහසු නෑ. ඒක ජයග්‍රහණය ළංවෙන්න ළංවෙන්න හදද්දිම ආයම දුරට යනවා. හරියට බුදුහාමුදුරුවො පස්සෙ අංගුලිමාල පැන්නුව වගේ… දෙවෙනි එක තමයි භාෂාව අත්හැරීම… මේක සටන් කරනවාට වඩා පහසුයි. ඒත් අමාරුයි. මොකද අත්හරින්න ලෝබ හිතෙනව. කොහොමත් අත මිටමොලවාගෙන මවුකුසින් එළියට ආපු අපට ඒ මිටමොළවාගත් අත ආයම දිගහැරල අත්හරින්න අමාරුයිනෙ.

මෙන්න මේ ‘භාෂා අත්හැරීම’ ඉතාම උපේක්ෂා සහගතව කරන කවියා තමයි ඉසුරු චාමර සෝමවීර. ඉසුරුගෙ කවිය ඇතුළෙ භාෂාව නෑ. තියෙන්නෙ කවිය විතරයි. භාෂා පබගාල ලිහ ලිහා ඉන්න ඕන නෑ ඉසුරුගෙ කවිය කියවන්න… හරියටම කිව්වොත් ඉසුරුගෙ කවිය කියන්නෙ කවියත් නෙමෙයි; කවියෙත් ආත්මය විතරයි. එහෙම භාෂා අතහැරීමක්!

ඇත්තටම ඉසුරු කියන්නෙ භාෂාවට විමුක්තිය අත්පත් කරල දෙන කවියෙක්…

නිහඬවම ඔබ
යම් ගැඹුරු සිතුවිල්ලක

අණවමි මල්වලට
මගේ හඬ ගන්නයි
ඒත් ඒවාද නිහඬයි

ඔබෙ අණින් දොඩමලු මල්
මගෙ අණට ගොළු ඇයි?

පැද යමි නෞකාව
අවන්හල් තේ බඳුනෙහි
සැඩය මේ කුණාටුව
බිඳී ඇත දැනටමත්
කුඹ ගස

(කුණාටු, පි. 12)

ළහිරු කරුණාරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...