ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරලා අවසන්. කාටවත් පරාජය කරන්න බෑ කියපු ඉන්දියාව ඔවුන් අතින් බොහොම පහසුවෙන් පරාජයට පත් වුණා. ඇත්තටම මෙතනදි වුණ වෙනස මොකක්ද?
දෙවනි ඉනිමේ බෝල් කරන්න ආවම ඉන්දීය වේග පන්දු යවන්නන් පළවෙනි ඕවර්ස් 10 -15 ඇතුළේ බෝල් කරන එක ඕනිම තරගයකදී කරනවා.
ඉන්දීය පන්දු යැවීම අතිශයින්ම භයානක වෙන්නේ මෙන්න මේ වෙලාවෙදී. එදා නවසීලන්ත තරගයේදී ත් මේ විදිහටම ඔවුන් පන්දු යැව්වා. කොටින්ම හැම තරගයක වගේ ඔවුන්ගේ පන්දු යැවීම දකින්නට ලැබුණා.
මේ වෙලාව තමයි ඉනිමක අමාරුම කාලය. මේ කාලය හරි විදිහට පැන ගත්තා නම්, එතනින් එහාට ගමන් කරන එක එච්චර අපහසු කාරණයක් වෙන්නෙ නෑ.
නවසීලන්තය එක්ක තිබුණ අවසන් පූර්ව තරගය මේකට හොඳම උදාහරණයක්. ඔවුන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර දැවී යාමෙන් පස්සේ ඉතාම හොඳින් පන්දුවට පහර දුන්නා. විශේෂයෙන්ම ඩැරිල් මිචෙල්.
එදා නවසීලන්තයට තිබුණ ලොකුම ප්‍රශ්නය වුණේ ස්කෝබෝඩ් ප්‍රෙෂර් එක. මේ ප්‍රෙෂර් එක හිතනවට වඩා ගොඩක් වැඩි වුණා. RRR එක සෑහෙන ඉහළ ගියා. එක හොඳ ඕවර් එකක් ඇති ආයෙම ප්‍රෙෂර් එක වැඩි වෙන්න.
ඒක නිසා ෆයිනල් එක වෙනස් වුණේ ඕස්ට්‍රේලියා පන්දු යැවීමෙන්. ඔවුන් ඉන්දියාවට මේන්ටේන් කරන්න පුළුවන් ස්කෝබෝඩ් එකක් නිර්මාණය කරන්න දුන්නේ නෑ.
ඕස්ට්‍රේලියා පන්දු යැවීම සහ පන්දු රැකීම ඊයේ අති විශිෂ්ටයි. ඔවුන් 11 වෙනි පන්දුවාරයේ ඉඳන් 40 වන පන්දුවාරය වෙනකන් දුන්නේ හතරේ පහර 2 ක් විතරයි. ඉන්දීය මිඩ්ල් ඕවර්ස් වල ඔවුන් සෑහෙන ඩිසිප්ලින් එකක් තියාගෙන බෝල් කළා.
විශේෂයෙන්ම වේග පන්දු යවන්නෝ. ශෝට් බෝල් කරද්දී පන්දුව වැඩි බවුන්ස් එකක් නැති බවත් ස්ලෝ විකට් එකක වාසිය තිබෙන බවත් ඔවුන් වටහාගත්තා. පැට් කමින්ස් දිගටම ශෝට් ලෙන්ත් එක පාවිච්චි කරලා ඉතාම හොඳින් පන්දු යැව්වා.
හේසල්වුඩ් සහ ස්ටාක් දෙදෙනාත් හොඳටම ලෙන්ත් එක පාවිච්චි කළා. ඔවුන් ඉන්දීය පිතිකරුවන් ට අත දිග ඇරලා පහර දෙන්න අවස්ථා නිර්මාණය කළේ නෑ. ඔවුන්ගේ ඔළුව හැම වෙලාවෙම බිමට නමලා තියවන්න කටයුතු සිද්ධ වුණා.
මට හිතෙන විදිහට මේ බෝලින් සහ ෆීල්ඩින් දෙකම නිර්මාණය වුණේ දක්ෂතාවය සහ මානසිකත්වය කියන කාරණා දෙක සමබරව තියාගෙන. මේ ලෙවල් එකේ ක්‍රීඩා කරන ඕනිම කෙනෙක් දක්ෂයෙක්. හැබැයි මානසික මට්ටම වෙනස්.
පැට් කමින්ස් කියන්නේ එහෙම වහසි බස් දොඩන වාචාලයෙක් වගේ කියවන නායකයෙක් නෙමෙයි. හැබැයි ඔහු තරගයට කලින් ගොඩක් කියෙව්වා. මට ඕනි ඉන්දියා ක්‍රවුඩ් එක සයිලන්ට් කරලා දාන්න කිව්වා.
ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් ඊයෙ එන්නේ එකම අරමුණක් සහිතව. ඒ තමයි අපි ඉන්දියාවේ ෆෑන්ස්ලව අඬවනවා කියන එක. ඔවුන් ඒ දේ කරන්න දෙපාරක් පැකිලෙන්නෙත් නෑ. ට්‍රෙවිස් හෙඩ් 100 ගහලා ඒක සමරන විදිහෙනුත් උඩ කාරණයම පේනවා.
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තියෙන අතිශය ඉහළ මානසික මට්ටම ඔවුන් නැවත වතාවක් විදහා පෙන්නුවා. මේක ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි හැම ක්‍රීඩකයෙක්ටම තියෙනවා.
ඒ මානසිකත්වය කියන දේ උපතින් එන දෙයක් නෙමෙයි. ඔවුන් ඒක නිර්මාණය කරනවා. ඕස්ට්‍රේලියාව වගේ අඩු ජනගහනයක් ඉන්න රටක් ක්‍රීඩාවෙන් මේ තරම් ඉදිරියට යන්නේ ඔවුන්ගේ තියෙන ක්‍රීඩකයෙක් නිර්මාණය කිරීමේ යාන්ත්‍රණය ඇතුළේ මානසික මට්ටම සැකසීමත් තියෙන නිසා.
පැට් කමින්ස් තමයි මෙතන වීරයා. ඔහු තරගයට පෙර ඉඳන්ම කණ්ඩායමේ මානසික මට්ටම ඉහළට රැගෙන ඒමේ මූලිකත්වය ගත් පුද්ගලයා වුණා. පන්දු යැවීමේදී ත් අවශ්‍යම කඩුලු 2 ක් දවාගෙන ලකුණු 34 කට පන්දුවාර 10 ක්‍රියාත්මක කළා.
ඕස්ට්‍රේලියාවටත් පළමු පන්දුවාර කිහිපය අතිශය අපහසු වුණා. විශේෂයෙන්ම ට්‍රෙවිස් හෙඩ් පවා විශාල පීඩනයකින් හිටියේ. හැබැයි ඒ වෙලාව පහු වුණාම පහසුවෙන් ලකුණු ආවා. එතකොට ස්කෝබෝඩ් ප්‍රෙෂර් එකක් නිර්මාණය වුණෙත් නෑ. ඒ අර පන්දු යැවීම සහ රැකීම නිසා.
හැම කෙනෙක්ම ට්‍රෙවිස් හෙඩ් ගේ ශතකය සම්බන්ධයෙන් කතා කළාට ට්‍රෙවිස් හෙඩ් ට විතරක් නෙමෙයි සමස්ථ ඕස්ට්‍රේලියා කණ්ඩායමටම තරගය දිනන්න අවශ්‍ය සියලුම වටපිටාව නිර්මාණය කළේ පැට් කමින්ස්.
කමින්ස් ගේ නායකත්වය සම්බන්ධයෙන් විවිධ දෝෂාරෝපණයන් තිබුණා. මම හිතන්නේ ඔහු ඒ හැම දේටම නියම ඕස්ට්‍රේලියානුවෙක් වගේ පිළිතුරු දුන්නා.
කියපු විදිහටම ලක්ෂයකට අධික ඉන්දියානුවන් කලින්ම නිහඬ වෙලා කලින්ම ගෙදරත් ගියා!