රිදී ජුබිලිය සමරණ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ….

Share post:

ලාංකික සාහිත්‍ය සම්මාන වංශකතාවේ රන් අකුරෙන් ලියවෙන, සාහිත්‍ය සම්මාන උත්සව අතර පෙරම ුණේ සිටින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන, 2023 වසරේ සිය විසිපස් වැනි රිදී ජුබිලිය සමරනු ලබන්නේය.

1998 වසරේදී ගොඩගේ ප්‍රකාශන වෙනුවෙන් සම්මාන තිළිණ පුද දෙන සාහිත්‍ය සම්මානයක් ලෙස ඇරඹුණ ද වසර කිහිපයක් ඇවෑමෙන ් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශනයට පත්වන නවකතා, කෙටිකතා කාව්‍ය අංශයත්, ශාස්ත්‍රිය යොවුන් නවකතා පරිවර්තන, තීරු ලිපි ඈ අනෙකුත් සාහිත්‍යාංගයන්ටත් සම්මාන පිරිනැමෙන විවෘත සම්මාන උළෙලක් ලෙසින් වැඩී ආයේය.

රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා සමාන්තර ජනප්‍රසාදයකට ලක්වෙමින් වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව පවත්වා ගෙන එනු ලැබු ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, පුද්ගලික අර්ථපතීත්වයකින ් යුතුව ලාංකික පසුතලයේ දැනට සජීව ව පවතින එකම සම්මාන උළෙල ද වන්නේය.
සම්මානිත කෘතිහි කර්තෘන්හට ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයට අමතරව ම ුල්‍ය ත්‍යාගයක් සහ සහතික පත්‍රයක් පිරිනැමෙන අතර වසරේ කැපී පෙනෙන නවක දායකත්වය වෙනුවෙන ් නවකතා, කෙටිකතා, කාව්‍ය සහ යොවුන් නවකතා යන අංග යටතේ නවක දායකත්ව සම්මානයක් ද පිරිනැමෙන ලංකාවේ එකම සම්මාන උළෙල වන්නේද මේ වසරේ සිය රිදී ජුබිලිය සමරණ ගොඩගේ සම්මාන උළෙලයි.
ලාංකික වාර්ගික සුභදත්වය උදෙසා අන්තර් සංස්කෘතික හුවමාරුවක ඇති දායකත්වය සලසා දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවටත්, සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවටත් පරවර්තනය කෙරෙන කෘති අගයමින් ඒ අතරින් සාර්ථක ප්‍රයත්නයන් අගයා සම්මාන සහ ම ුල්‍ය ත්‍යාගයන් පිරිනැමේ. එහිදී ගොඩනැංවෙන අන්තර් සංස්කෘතික හුවමාරුව භාෂා දෙකකින ් වෙන්ව සිටිය ද ලාංකිකයන් ලෙස මේ ජනවාර්ග දෙක ම එකම සමාජීයීය ගැටලුවලට මුහුණ දෙන
සම්මානයන් බව වටහා ගැනීමෙහි ලා ඉවහල් වෙයි. මහා සම්මත සම්මාන නිර්වචන යාවත්කාලීන සමාජ මෙහොත සමග නොපෑහෙන බවත්, නව සාහිත්‍යාගමනයන් හී ගැබ්ව පවතින නව නිර්මාණ ආකෘති සහ නිර්මාණ නිමිති ඇසුරේ නව සම්මාන නිර්වචන බිහි විය යුතු බවත් සහතික කෙරෙන තීන ්දු තීරණ ප්‍රකාරව සිය සම්මාන නම් කිරීම මගින ් ගොඩගේ සම්මාන උළෙල ඉතිහාසයට එක් වී තිබේ. එ ් ඇසුරේ නව චින්තන කලාපයක් සේම නව නිර්මාණ කෘති බිහි වීමේ පුරෝගාමී මෙහෙවර ද ඉටු කළ බව නිදහස් විචාරක මතය වී තිබේ.

අභියෝගාත්මක විනිශ්චයන් මගින් සම්මානයට පාත්‍ර කෙරුණ තරුණ සාහිත්‍යකරුවන ් එල්ලයේ අධිපතිවාදි බැට දීම
ඉදිරිපත් වුවද අනාගත විශිෂ්ටත්වය පිළ ිබඳ වන අනිවාර්ය අවබෝධය ප්‍රකාරව ගොඩගේ සම්මානය විසින ් තහවුරු
කළ එඩිතරභාවයේ අගනා ඵලයක් ලෙස ලක්ශාන්ත අතුකෝරළ කවියා පමණක් නම් කිරීම වුවද සෑහෙන්නේය.
අධිපතිවාදී ඇකඩමික විචාර ප්‍රතිචාර අවලාද සහ අපහාස උපහාස මැද වුවද නිර්මාණකරුවා නොව නිර්මාණය ම
පමණක් සම්මානය පිළ ිබඳ තීන ්දුවට බලපාන එකම කොන්දේසිය බව තහවුරු කිරීමේ නිදහස සමීක්ෂකයන්ට පවරා
දෙන ු ලැබු බවට වන බලවත් උදාහරණය ද එය ම වන්නේය.

කලාව යුගකාරක වෙනසේ ප්‍රතිඵලයක් ලෙස වැඩෙන බවත්, ඊට සාපේක්ෂව වෙනස්වන සමාජ, ආර්ථික සහ
දේශපාලනමය වෙනස කලාවේ සංවේදී මර්මස්ථාන ස්පර්ශ කරන හෙයින ් අනිවාර්ය වෙනස් වීමක් හෝ මහා
පිප ිරීමක් හෝ කලාව තුළ ින් අපේක්ෂා කරන බවත් පිළ ිගත් විශ්ව තත්ත්වයකි. ඊට අනුරූපව වෙනස් වීමේ ශක්තිය
පෙන ්න ුම් කරන සාහිත්‍ය නිර්මාණ නිරන්තරයෙන ් ගොඩගේ සම්මානයෙන් පිදුම් ලැබීම හෝ සම්මාන නිර්දේශ
ඇගයීම් ලැබීම සාහිත්‍යයේ වෙනසක් අපේක්ෂිත ආධුන ික ලේඛකයන් දිරිගැන්වීමක් සේ ගැනේ. එම විශ්වාසය
ප්‍රකාරව විශේෂයෙන් ම කාව්‍ය සාහිත්‍යයේ සහ කෙටිකතා ශානරයේ කැපී පෙනෙන නිර්මාණාත්මක නව ප්‍රවේශයන්
බිහි කිරීමෙහි ලා උපස්ථම්භක වු බව කිව මනාය. පසුග ිය වසර විසිපහේ දී එවැනි ඇගයීම් ලද කලාකරුවන ් අද
ලාංකික සාහිත්‍ය මොහොතේ කැපී පෙනෙන වගකීමක් දැරීම ඊට කදිම සාක්කියකි.
පුද ්ගල අර්ථපතීත්වයේ අයථා බලපෑම ගොඩගේ සම්මානය පසුපස වන බවට කිසිදු මැසිවිල්ලකට ඉඩ
නොතබනාකාරයේ නිදහසක් සිරිසුමන ගොඩගේ මහතා සහ එහි පාලකයන් විසින ් සමීක්ෂකයන් මත ම ුදාහැර
තිබුණෙන් පුද්ගලික අමනාපයන් සහ ඊගෝමය පරාජයන් මත පිහිටා කැලෑ විචාර විචේචන ඉඳ හිට එල්ල වුවද
පොදුවේ ගත් කළ මෙම සම්මාන උළෙලේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රචලිතව ඇත්තේ සාධන ීය ප්‍රතිචාරයකි.
ගොඩගේ සම්මාන උළෙල අන් සාහිත්‍ය සම්මාන උළෙලවල් වලින් වෙනස් වන තවත් ප්‍රබල නිමිත්තක් වන්නේ
තමන් විසින් වසරේ විශිෂ්ට කෘති ලෙස තෝරා සම්මානයට බඳුන් කෙරෙන කෘති සම්බන ්ධයෙන් ප්‍රකාශයට පත්
කරන සමීක්ෂණ සටහන් හේතුවෙනි. ‘සම්මාන සමාප්ති සටහන’ නමින් ම ුද්‍රිත පොතක් ලෙස සම්මාන උත්සව
අවස්ථාවේදී නොමිලේ පාඨකයන් අතට පත් කරන මේ කෘතියේ, තමන්ගේ තෝරාගැනීම පිළ ිබඳ එ ් එ ් සාහිත්‍ය
ප්‍රවර්ග යටතේ ඉදිරිපත් කෙරෙන විචාර සටහන් පෙළ වසරේ ප්‍රශස්ත කෘති සම්බන ්ධයෙන් නික ුත් වන එකම හා
වැදගත්ම විචාර සටහනක ් ලෙසින් ද සැලකේ.

අදාළ සාහිත්‍ය ප්‍රවර්ග පිළිබඳව මෙන්ම දෙස් විදෙස් සාහිත්‍යය පිළිබඳ විෂය ප්‍රාමාණිකයන් හා අභීෂ්ටත්ව පාඨක
ප්‍රජාවන ් ලෙසින් කැපී පෙනෙන බුද ්ධිමත් සාහිත්‍යවේදීන් පිරිසකගේ දායකක්වය ලබා ගනිමින් සිදු කරන ලද සහ
සිදුවෙමින් පවතින සම්මාන සමීක්ෂණ ක්‍රියාවලියේ වැදගත්ම මැදිහත් වීම ලෙසින ් කැප ී පෙනෙන්නේද මේ සමාප්ති
සටහනය ි. එය ගොඩගේ සම්මානයේ කීර්තිය සහ අවංකාධ්‍යාංශය මොනවට දක්වන්නක් බවද නොකිව මනාය.
එසේම තමන්ට පැවරුණ සාහිත්‍ය වගකීම අභියෝගයක් ලෙස පෙරළා සමීක්ෂකයන් වෙත පවරන ු ලබන ්නක්
ලෙසින ් ද සැලකිය හැකිය. මේ පාරදෘශ්‍ය සංදර්භය ගොඩගේ සාහිත්‍ය සම්මානයේ වැදගත්කම දක්වා සිටින්නක්
ලෙසින ් ද සැලකේ. එය ගොඩගේ සම්මානයේ ආරම්භක සංවිධායකයන් වු ටෙනිසන ් පෙරේරා, සේන තෝරාදෙනිය
වැනි ප්‍රවීණයන්ගේ මග පෙන්වීමේ පුරෝගාමී මෙහෙවරේ වැදගත්ම මැදිහත් වීමකි. ගොඩගේ සම්මාන උළෙල තවත්
එක් සාහිත්‍ය සම්මානයක් නොව වැදගත් සාහිත්‍ය මෙහෙවරක ් පවරා ගත් සම්මාන ප්‍රදානයක් බවට පත් කිරීම
වෙනුවෙන ් ගත් වැදගත් උත්සාහයක ් බව කීම නිබොරුය.

පසුගිය වසර විසිපහ මුඵල්ලේම මේ සම්මාන උළෙල වෙනුවෙන ් සිය පුද ්ගලික ම ුල්‍ය ශක්තිය වැය කළ දේශ බන්ධූ
සිරිසුමන ගොඩගේ සහ නන්දා ගොඩගේ මැතිණිය ව්‍යාපාරයක් ලෙස ගොඩගේ සහ සහෝදරයෝ පූද ්ගලික
සමාගමේ සාර්ථකත්වය පසුපසින ් නොව සමාන පියවරේ සිටින්නේ ලාංකික ලේඛක ප්‍රජාව බව විශ්වාස කරන ්නෝ
බැවින් එහි ලාභයේ අග්‍රභාගය පෙරළා සාහිත්‍ය වෙත බැර කිරීමේ අවංක වේතනාවත් සාහිත්යික සමාජයෙ ් සුබ
පැතුම ඊට ම ුසු වීමත් හේතුවෙන ් වසර විසිපහක් පුරා අඛණ්ඩව මෙම අගනා සාහිත්‍ය සම්මානය පවත්වා ගැනීමේ
වාසනාව උදාවු බව අපට දැනේ.

වර්තමාන ලාංකික ආර්ථික පසුබෑම හමුවේ ආයතනයක් ලෙස ම ුල්‍ය පසුබෑමකට ලක්ව සිටින යුගයක මෙවැනි
මිලාධික උත්සවාදීය සංවිධානය කිරීම ද මහත් අභියෝගයක් බව නොකිව මනාය. එසේ වතුදු සිරිසුමන ගොඩගේ
මහතා සිය නමින් ඇති පුද ්ගලික ගිණුම්හී ම ුල්‍ය දායකත්වය මේ සද්කාර්ය වෙනුවෙන් මුදාහරිමින් තවදුරටත්
තමාගේ සාහිත්‍ය මෙහෙවර ම ුල් තැන්හි ලා සලකා කටයුතු කිරීම ලාංකික සාහිත්‍යයේ ප්‍රගමනයෙහි ලා වැදගත්
නිමිත්තක් ලෙස සැලකීම වටී.

වසර විසිපහක් පුරා සිංහල, දෙමල සහ ඉංග්‍රිසි භාෂාවෙන් ලේඛනයේ නිරත වන ලංකික නිර්මාණවේදීන් රාජ්‍ය
සම්මානය හා සම සම්මාන මට්ටමෙහි ලා සලකමින් සිය කෘතියේ නාමය ඉදිරියෙන් ගොඩගේ ජාතික සම්මානය යන
අකුරු සටහන ප්‍රතිම ුද්‍රණය කිරීමේ කැමැත්තකින් සිටි බව නොරහසකි. 2022 වසරේ සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති
ලේඛක ලේඛිකාවන්ගේ එම අභිප ්‍රාය සපුරමින් 2023 නොවැම්බර් 15 වැනි බදාදා ප.ව. 2.30 ට කොළඹ 07, නිදහස්
මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී 25 වැනි රිදී ජුබිලි ගොඩගේ ජාතික සාහිත්‍ය
සම්මානෝත්සවය පවත්වනු ලබන ්නේ ය.

වසර විසිපහක් පුරා සිරිසුමන ගොඩගේ මහතා සහ එම මහත්මියත්, එම ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයත්,
සම්මාන සමීක්ෂණයෙහි ලා සහාය වු විද්වත් දායකකාරකාදීහුත්, මෙම සම්මාන ගෞරවනීයත්වයට පත් කරමින් ඊට
සහාය දුන් ලාංකික ලේඛක ප්‍රජාවක් මේ මොහොතේ සිය පුද ්ගලික ප්‍රහර්ශය නොව පොදු ආස්වාදනීය මිහිරක්
වින්දනය කරන බව කීම අතිශයෝක ්තියක් නොවනු ඇත.

අනුරසිරි හෙට්ටිගේ

සංවිධායක
25 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන -2023

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...