ලලිත් කොතලාවල ඝාතනයක් ද ? – තීන්දුව 14දා !

Share post:

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබන 14 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (07) දැනුම් දී තිබේ.

කොතලාවලගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ලබා දෙන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නොතීසි නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කොතලාවලගේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි ලබා දීම ඊයේ (07) අවසන් කෙරිණි.

මියගිය කොතලාවලගේ බිරියගේ සහෝදරියක වන ෂෙරින් පේෂන් විජේරත්න හා බම්බලපිටිය පොලිසියේ සැරයන් විමලරත්න (8764) මෙන්ම කොතලාවල යටතේ සේවය කළ සේවකයන් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ජූඩ් මාකෝ පෙරේරා, යූ.ඩී. රම්‍යා, සිසිර කුමාර සමරසිංහ, මහින්ද උපසේන වඩුගේ, සුනේත්‍රා කුමාරි රණසිංහ හා දිනේෂ් සඳරුවන් ජයවීර යන අය මෙහිදී සාක්ෂි ලබාදී තිබේ.

කොතලාවලගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරියක වන ෂෙරින් පේෂන් විජයරත්න බම්බලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර ඇත.

කොතලාවල අංක 28, එලිබෑන්ක් පාර, කොළඹ 5 ලිපිනයේ පදිංචිව සිටි නමුත් ඔහු යටතේ සේවය කළ කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත ඔහු ව අංක 13, ඩික්මන් පටුමග, කොළඹ 4 ලිපිනයෙහි පිහිටි නිවෙසක් වෙත ගෙනගොස් රඳවා තබා ගෙන ඇති බව ද සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කර තිබේ.

ඔහු යටතේ සේවය කළ කණ්ඩායම් දෙකක් ඔහුගේ දේපොළ අත්පත් කරගෙන ඇති බව ද එසේ දේපොළ අත්පත් කරගැනීම සඳහා කොතලාවලව අංක 13, ඩික්මන් පාර නිවසේ තබාගෙන සිට ඇති බවද එම මරණ පරීක්ෂණයේදී සාක්ෂිවලින් වැඩිදුරටත් හෙළි වූ බව සඳහන් ය.

කොතලාවල කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 21 දින මියගොස් තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.
මෙය ස්වභාවික මරණයක් නොවන බවට සාක්ෂිකරුවන් සිය සාක්ෂි ලබාදීම් මගින් අවධාරණය කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...