ලලිත් කොතලාවල ඝාතනයක් ද ? – තීන්දුව 14දා !

Share post:

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබන 14 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (07) දැනුම් දී තිබේ.

කොතලාවලගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ලබා දෙන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නොතීසි නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කොතලාවලගේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි ලබා දීම ඊයේ (07) අවසන් කෙරිණි.

මියගිය කොතලාවලගේ බිරියගේ සහෝදරියක වන ෂෙරින් පේෂන් විජේරත්න හා බම්බලපිටිය පොලිසියේ සැරයන් විමලරත්න (8764) මෙන්ම කොතලාවල යටතේ සේවය කළ සේවකයන් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ජූඩ් මාකෝ පෙරේරා, යූ.ඩී. රම්‍යා, සිසිර කුමාර සමරසිංහ, මහින්ද උපසේන වඩුගේ, සුනේත්‍රා කුමාරි රණසිංහ හා දිනේෂ් සඳරුවන් ජයවීර යන අය මෙහිදී සාක්ෂි ලබාදී තිබේ.

කොතලාවලගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරියක වන ෂෙරින් පේෂන් විජයරත්න බම්බලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර ඇත.

කොතලාවල අංක 28, එලිබෑන්ක් පාර, කොළඹ 5 ලිපිනයේ පදිංචිව සිටි නමුත් ඔහු යටතේ සේවය කළ කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත ඔහු ව අංක 13, ඩික්මන් පටුමග, කොළඹ 4 ලිපිනයෙහි පිහිටි නිවෙසක් වෙත ගෙනගොස් රඳවා තබා ගෙන ඇති බව ද සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කර තිබේ.

ඔහු යටතේ සේවය කළ කණ්ඩායම් දෙකක් ඔහුගේ දේපොළ අත්පත් කරගෙන ඇති බව ද එසේ දේපොළ අත්පත් කරගැනීම සඳහා කොතලාවලව අංක 13, ඩික්මන් පාර නිවසේ තබාගෙන සිට ඇති බවද එම මරණ පරීක්ෂණයේදී සාක්ෂිවලින් වැඩිදුරටත් හෙළි වූ බව සඳහන් ය.

කොතලාවල කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 21 දින මියගොස් තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.
මෙය ස්වභාවික මරණයක් නොවන බවට සාක්ෂිකරුවන් සිය සාක්ෂි ලබාදීම් මගින් අවධාරණය කර ඇත.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...