ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කයක් : අපරාධ වැළැක්වීමට නීති සම්පාදනය රජයේ වගකීමක් – ශ්‍රේෂ්ඨාධිකරණය !

Share post:

මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආරක්ෂක බුද්ධි වාර්තාවේ 21 වැනි සංස්කරණයට අනුව, ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ සරළ ඉලක්කයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, සයිබර් අපරාධකරුවන් බිට්කොයින් වැනි ගුප්ත කේතන මුදල් වෙනුවෙන් පුද්ගලයන්ගේ පරිගණක භාවිත කරන බවත්, නීතිවිරෝධී ලාභ සොයන ක්‍රිප්ටෝ වැනි අනිෂ්ට මෘදුකාංග රට තුළ වැඩි වී තිබෙන බවත්, අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යටතේ දක්වා තිබේ.

එම තීරණයට අනුව, මෑත කාලීනව මෙරටින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 40කට ආසන්න පිරිසත් සමඟ මේ හා සබැඳි මූල්‍ය වංචා, පෞද්ගලික තොරතුරු සොරකම් සහ ඊ-වාණිජ්‍ය වංචා ඇතුළු සයිබර් අපරාධ සඳහා ඇති විදේශීය සම්බන්ධකම් පිළිබඳ හෙළිවී ඇත.

ඇතැම් විදේශීය ජාතිකයන් විවිධ රටවල පුද්ගලයන්ගේ ගිණුම්වලින් අන්තර්ජාලය හරහා රුපියල් මිලියන ගණනක මුදලක් මාස කිහිපයක් තිස්සේ වංචා කර ඇති බව පොලිසිය පවසයි.

“තානාපති කාර්යාල කිහිපයක් හරහා ලැබුණු පැමිණිලි මතයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. එබැවින් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන බව කියන වංචාවන් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මහජනතාවට අනතුරු අඟවනවා.” යැයි පොලිසිය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙවැනි අපරාධ වැළැක්වීමට සහ ජනතාව ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ වගකීම රජයට තිබේ.

“එවැනි නීති සම්පාදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (එල්) වගන්තියේ දක්වා ඇති නීතියේ සමාන ආරක්ෂාව සුරක්ෂිත කරනු ඇත,” යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පවසා ඇත.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...