ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කයක් : අපරාධ වැළැක්වීමට නීති සම්පාදනය රජයේ වගකීමක් – ශ්‍රේෂ්ඨාධිකරණය !

Share post:

මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආරක්ෂක බුද්ධි වාර්තාවේ 21 වැනි සංස්කරණයට අනුව, ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ සරළ ඉලක්කයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, සයිබර් අපරාධකරුවන් බිට්කොයින් වැනි ගුප්ත කේතන මුදල් වෙනුවෙන් පුද්ගලයන්ගේ පරිගණක භාවිත කරන බවත්, නීතිවිරෝධී ලාභ සොයන ක්‍රිප්ටෝ වැනි අනිෂ්ට මෘදුකාංග රට තුළ වැඩි වී තිබෙන බවත්, අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යටතේ දක්වා තිබේ.

එම තීරණයට අනුව, මෑත කාලීනව මෙරටින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 40කට ආසන්න පිරිසත් සමඟ මේ හා සබැඳි මූල්‍ය වංචා, පෞද්ගලික තොරතුරු සොරකම් සහ ඊ-වාණිජ්‍ය වංචා ඇතුළු සයිබර් අපරාධ සඳහා ඇති විදේශීය සම්බන්ධකම් පිළිබඳ හෙළිවී ඇත.

ඇතැම් විදේශීය ජාතිකයන් විවිධ රටවල පුද්ගලයන්ගේ ගිණුම්වලින් අන්තර්ජාලය හරහා රුපියල් මිලියන ගණනක මුදලක් මාස කිහිපයක් තිස්සේ වංචා කර ඇති බව පොලිසිය පවසයි.

“තානාපති කාර්යාල කිහිපයක් හරහා ලැබුණු පැමිණිලි මතයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. එබැවින් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන බව කියන වංචාවන් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මහජනතාවට අනතුරු අඟවනවා.” යැයි පොලිසිය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙවැනි අපරාධ වැළැක්වීමට සහ ජනතාව ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ වගකීම රජයට තිබේ.

“එවැනි නීති සම්පාදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (එල්) වගන්තියේ දක්වා ඇති නීතියේ සමාන ආරක්ෂාව සුරක්ෂිත කරනු ඇත,” යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පවසා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...