දාර්ශනික රස ගුලාවකි ‘දුනුවායා’

Share post:

පාවුලෝ කියන්නේ මැජික් කාරයෙක්. ඒ මැජික් එක කරන්නේ වචන වලින්. මිනිහා අන්ත දෙකේම ජීවත් වුණු මිනිහෙක්. බෞද්ධ අර්ථයෙන් අටලෝ දහම හොඳටම හුරු මිනිහෙක්. මානසික රෝහලක ජීවිතය ගෙවපු කෙනෙකුගේ ඉඳලා ලෝකයේ මල්ටි මිලියන් සෙලිං ලේඛකයෙක් විදියට පරිණාමය වුණ කෙනෙක්. ඒ නිසා ජීවිතය ගැන පාවුලෝට තියෙන අත්දැකීම් අපි හුඟ දෙනෙක්ට වඩා වැඩියි. ඒ නිසාම මේ සමහර දාර්ශනික කාරණා ජීවිතේට බද්ධ වෙන විදිය ඔහුගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ අතරින් මම වැඩියෙන්ම කැමති ඔහුගේ සාහීර් නම් පොතට. ඒක ලියවෙන්නේ 2005 දී. “O caminho do arco (The way of the bow)” නමින් 2003 දී පාවුලෝ අතින් ලියවුණූ කෘතිය ඉංග්‍රීසි බසට The Archer නමින් පරිවර්තනය වන්නේ 2020 දී. දැන් එය ‘තෙත්සුයා නම් දුනුවායා’ නමින් සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඩිල්ෂානි චතුරිකා දාබරේ අතින්.

ඇත්තටම මේක නවකතාවක් විදියට වඩා Self-help පොතක් විදියට කියවගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. පොත ගැන මට තියෙන විවේචනය පොතේ ආකාරයෙන්ම ලිවුවොත්, “පාවුලෝ ඉලක්කයක් අරගෙන හීයක් මුදාහැරලා තියෙනවා, ඒත් හීය මුදා හරිද්දි පොඩි සමබරතාවය අහිමිවීමක් වෙලා තියෙනවා“ කියන එකයි. ඒක මට පුද්ගලිකයි. හැබැයි මේක කියවන්නම ඕන පොතක්. ඒ ගැන දීර්ඝව ලියන්න වෙලාවක් ලැබුණොත් ලියන්නම්.
මේකේ මම කැමතිම කොටස් ගණනාවක් තියෙනවා. ඒ අතරින් මේ වෙලාවේ මම මෙන්න මේ කොටස තෝරගන්න කැමතියි.

“කිසිම වැඩක් පළක් නොකරන කාලයක් දුන්න ඉල්ලා සිටිනවා. ඕනෑම වෙලාවක ඉලක්කයට විදින්න ලෑස්තිපිට තියාගෙන හිටියොත් දුන්නෙ ශක්තිය නැති වෙනවා. ඒ නිසා දුන්නට විවේක ගන්න ඉඩ දෙන්න. දුන්නේ දැඩි සොබාවය ආයෙ ඇතිකරගන්න ඉඩ දෙන්න.“ – පිටුව 39

මේකෙන් අදහස් කරන්නේ හැම විටම රේස් එකේ දුවන්නේ නැතිව පොඩ්ඩක් ඒකෙන් ඉවත් වෙලා ඉන්න ඕන කියන කාරණය. අපි නිතරම අනවශ්‍ය වෙලාවට පවා මේ රේස් එක දුවන්න ලෑස්තිපිට ඉන්නේ. ඒකෙන් නොදැනිම අපේ ශක්තිය හීන කරනවා. මේ විදියටම නැතත් පීටර් හන්ඩ්ක කවියක මීට සමාන අදහසක් කියලා තියෙනවා.

“ඔබම අසමත් වෙන්න. සියල්ලටම වඩා, බොහෝ දුර යන්න ඔබට ම කාලය ලබාදෙන්න.“ මේ අසමත් වීම කියන්නේ මෙතනදී දුන්න කිසිම වැඩක් පළක් නොකරන කාලයක් ඉල්ලා සිටිනවා වගේ, අපේ ජීවිතවලට අවශ්‍යම විවේකය පිළිබඳ කාරණය. ඉතින් දුනුවායා කියන්නේ දාර්ශනික රස ගුලාවක්. ඒකෙන් පොඩ්ඩ පොඩ්ඩ වෑහෙන පැණි බිංදු වගේ වාක්‍ය හෙමීට පෙරාගන්න. එක පාරක් මදි නම් දෙතුන් පාරක්ම වුණත් පෙරාගන්න. ඒකට ගැලපෙන සුමට බසකින් පොත පරිවර්තනය කරන්න දිල්ශානි සමත් වෙලා තියෙනවා. හැබැයි ඒකට අර කියපු විදියට දුන්න වැඩක් පළක් නොකර තියන වෙලාව හොයාගන්න එක ඔබට බාරයි.

රශ්මික මණ්ඩාවල

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...