හිරු උදාකල මිනිසුන් අප වන්නෙමු

Share post:

“මා මියැදුණත් මා ජීවත් වුණත්
හිරු උදාකල මිනිසුන් අප වන්නෙමු
හිරු බැබලුව මිනිසුන් ද අප වන්නෙමු
කොණ්ඩය සහිත මනුශ්‍යාට අප එය පුද කරන්නෙමු
ඔහුගේ නැගී සිටීමට අප පෙළගැසෙන්නෙමු
මා මියැදුණත් මා ජීවත් වුණත්
හිරු බැබලුව මිනිසුන් ද අපි වෙන්නෙමු
පියවරෙන් පියවර
ඉදිරියටම පැමිණ”

ආරොන් ස්මිත් ගේ ජාත්‍යන්තර රග්බි දිවියේ අවසන් ඝර්ජනාවට ඕල් බ්ලැක්ස් කළු හැඳගත් හමුදාව ලෝක කුසලාන අවසන් තරගයේ දී මවොරි බසින් ගයන හකා නර්තනයේ සිංහල පරිවර්තනය වන්නේ මෙයයි. සාම්ප්‍රදායිකව ඔවුන් යුද්ධයට සැරසෙන්නේ මේ ආකාරයෙන්.

මවොරි ජනතාව කියන්නේ සැබෑ රණකාමීන්. ඔවුන් යුද්ධයකදී තමන්ගේ ජීවිතය පුදන්න දෙවරක් හිතන්නේ නෑ. නවසීලන්ත රග්බි කණ්ඩායම තම ප්‍රතිවාදීන් ට තරගයට පෙර අනතුරු අඟවන්නේ ත් මේ නිකම් ම නිකම් තරගයක් නොවන බවට ප්‍රකාශ කරන්න.

කොණ්ඩය සහිත මිනිසා යනුවෙන් ඔවුන් අර්ථවත් කරන්නේ මවොරි කොණ්ඩය. මේ කොණ්ඩය රණකාමීන් ගේ ඉතාම ප්‍රකට සලකුණක් විදිහට හැඳින්වෙනවා. නවසීලන්තය ලෝකයේ ජනප්‍රියම රග්බි කණ්ඩායම බවට පත් වෙන්න හේතුවත් මේ කියන හකා නර්තනය.

නමුත් අවසන් තරගයේ යුද්ධය ජයග්‍රහණය කරන්න මේ හමුදාවට හැකියාව ලැබුණේ නෑ. දේදුණු දේශයේ රණකාමීන් හමුවේ ඔවුන්ට පසු බසින්නට සිද්ධ වුණා. මම සාමාන්‍යයෙන් රග්බි වල නවසීලන්ත ප්‍රේක්ෂකයෙක් නෙමෙයි. මොනම අවස්ථාවකදීවත් නවසීලන්තය මගේ ප්‍රියතම කණ්ඩායම වෙලා නෑ.
හැබැයි ඔවුන් මවොරි බසින් ගායනා කරපු හකා නර්තනයේ පෙනවන නිර්භීත භාවය අවසන් තරගයේ දී ඒ විදිහටම පෙන්නුවා. තරගයෙන් හරි අඩකටත් වඩා නවසීලන්තය ක්‍රීඩා කළේ 14 දෙනෙක් ගෙන්. නායක සෑම් කේන් ට රතු කාඩ්පතක් ලැබීම ඔවුන්ට සිද්ද වුණ විශාලතම පාඩුව විදිහට කියන්න පුළුවන්.
ආඩ්‍රෙ සැවෙයා, මාක් ටලේයා, බවුඩන් බැරට්, ආරොන් ස්මිත්, රිචී ම’වොන්ගා, රීකෝ යොවානි, ශැනොන් ෆ්‍රෙසෙල්, ස්කොට් බැරට් මේ හැම කෙනෙක්ම අවසන් මොහොත වෙනකන් තරගය අත හැරියේ නෑ.

අන්තිම මොහොතේ ස්ක්‍රම් එකේදී බෝලෙ ස්ටීල් කරන්න නවසීලන්තය උත්සාහ කරපු විදිහ දැක්කම ඒක කියන්න පුළුවන්. ඔවුන් ක්‍රීඩා කළේ ආවේශයෙන්. ඔවුන්ගේ පරාසය කොච්චර පුළුල් ද කියලා පෙන්නලා දුන්නා.

ඇත්තටම මේ නවසීලන්ත කණ්ඩායම සැබෑ මවොරි නිර්භීතභාවය එදා පෙන්නුම් කළා. ඔවුන් විශිෂ්ටයින්. ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට හිමි වුණත් නවසීලන්තය මේ රග්බි තරගය සුන්දර තැනකට රැගෙන ගියා. කොටින්ම සියවසේ හොඳම රග්බි තරගය කියන්න පුළුවන් තරම් තැනකට ගියා.
නැවත කිසිම දවසක ආරොන් ස්මිත් ගේ ලීඩ් එකෙන් නවසීලන්ත හකා නර්තනයක් බලන්න හම්බෙන්නේ නෑ. තව කෙනෙක් ඒ වෙනුවට එතනට පැමිණේවි.

නවසීලන්ත රග්බි කණ්ඩායම් දක්වපු දක්ෂතාවය ඉතිහාසයේ අමතක නොවෙන තැනක ලියැවෙන්නම ඕනි.
ඔවුන් ජයග්‍රාහී පරාජිතයන් පිරුණ කණ්ඩායමක්!

ශමින්ද ජයරත්න

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...