මේ පොත පුරාම අහිංසක ආදරවන්තයෙකු ගේ ආඛ්‍යානයක් ගැබ් වෙලා තියෙනවා

Share post:

සුජීව සිරිමෙවන් ගේ ඉසිඹුව, මතක සල්ලාප තීරු ලිපි එකතුව කියෙව්වා. එක දිගට පැය 3 කින් කියවලා හමාර කළා.

මම ඒ කාලෙ අයියා හම්බවෙන්න පේරාදෙණිය කැම්පස් එකට යනවා. වංගු වංගු පාරවල් ගෙවාගෙන , පටු පඩිපෙළ නැගගෙන, අමුතු හීතල හුළඟට මුහුණ දෙමින් මම එයා හිටපු හිල්ඩා , ඊළඟට ජයතිලක නේවාසිකාගාර වලට යනවා මතකයි.
මම හැමදාම පේරාදෙනිය දැක්කේ එළියෙ ඉඳන්.

සුජීව ලියලා තියනවා ඒක ඇතුළෙ ඉඳන් දකින්නේ කොහොමද කියලා. ඔහු ඒ මතක ඇතුලෙ ඇවිදින්නෙ ඔහුගේ ඇතුළාන්තය තුළත් ඇවිදින ගමන්. ඒ මතක ඇතුලේ ඔහු egoistic නොවී, යාලුකම, ආදරේ වාගේම, මනුස්සකමත් සෑහෙන අවංකකම කින් කුළුගන්නලා තියෙනවා.
අතීතය වාගෙම වර්තමානයත් එයා cartesian plane එකේ ලකුණු කරන්නෙ මතක මල්ලෙන් රැන්ඩම්ලි අහුලගත්ත සිදුවීම් වලින්. එයා ඒ සිදුවීම් සාංකාව නැමති හුයෙන් අමුනනවා. ඒ මතක ඇමිනුම කෙලවර වෙන්නේ කලකිරීමකින් හෝ ඉච්ඡාභංගත්වයකින් නෙමෙයි. ජීවිතේට සමීප වන ළබැඳී , ආදරයක්, කරුණාවක් ශේෂ කරමින්.

තැනකදි පේරාදෙණි මතකයෙන් මතක සල්ලාපය දිගෙ එළියට ආවත් ඔහුට ඒ පෙකනි වැලෙන් මිදෙන්න බැහැ. මෙහෙම කියන එක කොච්චර කුරිරු වුණත් දේශපාලනය කියන්නේ ඒත් පෙකනි වැලෙන් මිදෙන එක තමයි කියලා මට හිතෙනවා.

තීරු ලිපියක් ලස්සන වෙන්නේ එක ලියන මිනිහා කොච්චර සංස්කෘතික ද කියන එක ඇතුලේ. සුජීවගෙ හැම මතකයක්ම ගීත ඛණ්ඩයක, කවි පදයක, නවකතාවක කෙටි කතාවක, වේදිකා නාට්‍යයක පාඨයකට ඥාතිත්වයක් (affinity) ,ඇමුනුමක් තියෙනවා. ඒ ඇමුණුම පාඨකයාව පොදු තැනකින් ඔහුගේ අත්දැකීමට සම්බන්ධ කරන රහස ඔහු දන්නවා.

මේකේ සමහර තීරු ලිපියක කෙටි කතාවක ලක්ෂණ තියෙනවා . සඳ එළිය සහ මරණය කියන තීරුවේ ඉන්න පාන් කිරිත්ති ගේ චරිතය සුජීව ගොඩනගලා තියෙන්නෙ කෙටි කතාවක චරිතයක් වගේ. ප්‍රේමවන්තයෝ තමන්ගේ පෙම්වතියන් කෙරෙහි දක්වන ආධිපත්‍ය කොච්චර ගෝත්‍රික ද කියලා හොඳින් මතුවෙනව.

” මට ඒ වෙලාවේ හිතුණා පාන් කිරිත්ති ආයෙ කවදාවත් එයාගෙ ආදර මුද්‍රාව කිසි කෙනෙක්ට පෙන්නන්නෙ නැති වෙයි කියලා. අඩුමගානේ එයාගේ පෙම්වතා වුණු science ෆැකල්ටියෙ අයියට වත්. ඇඟ පුරාම ලලිත කලා තියෙන ගෑනු ළමයෙක් සාම්ප්‍රදායික පෙම්වතෙක් අස්සෙ හිරවෙන එක මොන තරම් පව් ද කියලා මට හිතුණා.”

මෙහෙම තමයි ඒ ඒ තීරු ලිපිය ඉවර වෙන්නේ. ඉතින් මේ පොත ළමයි කියවනවා නම් මං බොහොම කැමතියි. මේ පොත පුරාම අහිංසක ආදරවන්තයෙකු ගේ ආඛ්‍යානයක් ගැබ් වෙලා තියෙනවා. ඒක කියව ගන්නවා කියවා ගන්නවනං පිරිමි ලමුන්ට ජීවිත් වෙන එක මීට වැඩිය සනීප වෙයි.

මම තීරු ලිපි ගොඩක් කියවල තිබුනත්, මම මෙතෙක් කියවපු සරලම තීරු ලිපි සංග්‍රහය මේක කියලා කියන්න පුළුවන්. ඔහු කිසිම විටෙක සාරසංග්‍රහ වාදීව, පණ්ඩිතමානී ව, උපදේශාත්මක වෙන්න උත්සාහ කරන්නේ නෑ. ඒ හින්දා මේක කියවන එක ඇත්තටම ලඟ යාළුවෙක් එක්ක කයියක් ගහනවා වගේ වැඩක්. හැබැයි ඒක පොහොසත් සාකච්ඡාවක් බව නොකියාම බැහැ. පොත පුරාම තියෙන ඉලන්දාරි ගතිය නිසා ඒක මගේ බෙඩ් ටේබල් එක උඩ සෑහෙන කාලයක් තියෙයි කියලා හිතනවා.

ජයන්ත කහටපිටිය

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...