ප්‍රේක්ෂක අපගේ වගකීම Minarets සමාජ දේශපාලනික කතිකාවක් බවට පරිවර්තනය කර ගැනීමයි

Share post:

ලෞකිකත්වය සහ ආගමිකත්වය පටලවා ගැනීම ජන කණ්ඩායමක සංස්කෘතික විචිත්‍රත්වය කවර දිශාවකට රැගෙන යන්නේද? ඉතිහාසයේ යම් මොහොතක ආගමිකත්වය අධිනිශ්චය වූ විට එකී විචිත්‍රත්වයට කවර ඉරණමක් අත්වේද? නාද්‍යා භිමානි පෙරේරාගේ Minarets වාර්තා චිත්‍රපටය මෙකී ප්‍රශ්න මගහැර යා නොහැකි තැනකට ප්‍රේක්ෂකයා කොටු කරයි. මෙය මූලිකව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන සමාජයේ සංගීතමය භාවිතයේ අතීතය සහ වර්තමානය පිළිබඳ ගවේෂණාත්මක වාර්තාකරණයකි.

මුස්ලිම් ජන සංගීතය පිළිබඳ සාකච්ඡා කෙරෙන ආරම්භක දර්ශන තුළ අපට දැනෙනුයේ එය මෙරට අනෙකුත් ජාතිකත්වයන්ගේ ජන ගී රිද්මයට එතරම් වෙනසක් නොදක්වන බවයි. මෙම පොදු රිද්මය ක්‍රමයෙන් ස්වකීය වූ සංස්කෘතික අනන්‍යතාවක් අත් කර ගත්තද එය අඛණ්ඩව පවත්වා ගෙනයාමට නොහැකිවීමේ අමිහිරි අත්දැකීමකට මෙරට මුස්ලිම් සමාජය මුහුණ දෙන අයුරු චිත්‍රපටයේ අන්තර්ගත සම්මුඛ සාකච්ඡාවලින් නිර්දය ලෙස අනාවරණය වෙයි. විශේෂයෙන් මුස්ලිම් සංගීතයේ විචිත්‍රත්වය අත්විඳි වැඩිහිටි පරම්පරාවට මෙම අහිමිවී⁣ම දරා ගැනීමේ අපහසුතාවත් ඔවුන් පෙලන ආත්මීය වේදනාවත් ඔවුන්ගේ අදහස් දැක්වීම තුළ මැනවින් විද්‍යාමාන වෙයි. එමෙන්ම මෙම සංස්කෘතික විචිත්‍රත්වය අහිමිවීම ගැන මුස්ලිම් පිරිමි සමාජයට වඩා කාන්තාවන්ගෙන් එල්ල වන විරෝධය වඩාත් ප්‍රබල බව පෙනේ. කාන්තාවන්ගේ අදහස් දැක්වීම වඩාත් සෘජුය. එමෙන්ම ඔවුන් හුදු විරෝධය ඉක්මවා යන ක්‍රියාවන් වෙතටද යොමු වේ.

නාද්‍යා භිමානි

මෙයට අමතරව නාද්‍යා සංගීතය සම්බන්ධයෙන් වත්මන් තරුණ පරම්පරාවේ ද්විත්ව ප්‍රතිචාරයද ගෙනහැර දක්වයි. මේ අනුව ආගමික පාසල්වලින් දැඩි ශික්ෂණයක් ලබන සහ වඩාත් ලිබරල් අදහස් දරන වශයෙන් මුස්ලිම් තාරුණ්‍ය ධාරා දෙකක් ලෙස වර්ධනය වන බව දිස් වේ.

ප්‍රේක්ෂක අපගේ වගකීම වන්නේ මෙය හුදු සංගීතමය හෝ සංස්කෘතික කතිකාවකට ලඝු නොකර සමාජ දේශපාලනික කතිකාවක් බවට පරිවර්තනය කර ගැනීමය. අපට මෙම ක්‍රියාවලියේ විසල් චිත්‍රය දැකගත හැක්කේ එවිටය ; නාද්‍යාගේ නිර්භය ප්‍රයත්නයට සාධාරණයක් ඉටු කිරීමට හැකියාව ලැබෙනුයේ එවිටය.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...