තරුෂි : විනාඩි 50ක් තුළ තවත් කළ හැකි දෑ ඉතිරි ව තිබේද ?

Share post:

චීනයේ හංජෝ නුවර පැවැත්වුණු 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න ඊයේ (04) සමත්විය.

ඇය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් තරගය අවසන් කරමින්ය.

එහි දෙවැනි සහ තෙවැනි ස්ථානය ඉන්දියානු සහ , චීන ක්‍රීඩිකාවන්ය.

මෙය ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 12 වැනි රන් පදක්කමයි

තෙවැනි රන් පදක්කම

ආසියානු ක්‍රීඩා උළලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට රන් පදක්කමක් ජයග්‍රහණය කළේ 2002 වසරේදී දකුණු කොරියාවේ බූෂාන්හිදී දමයන්ති දර්ශා සහ සුසන්තිකා ජයසිංහ විසිනි.

මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 1ක්, රිදී පදක්කම් 1ක් වගේම ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට සමත්විය.

එහිදි නදීශා ලේකම්ගේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් 61.57 වාර්තා කරමිනි.

එමෙන්ම කාන්තා 400×4 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද එහි පිරිමි ඉසව්වේ ලෝකඩ පදකක්මද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකර ගත්තේය.

විනාඩි 50 ක් ඇතුලත තරග දෙකක් – පදක්කම් දෙකක්

මෙහිදී කාන්තා 400×4 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම වඩාත් සුවිශේෂීය. නදීශා රාමනායක, උත්තරා මද්දුම හේවගේ, සයුරි මෙන්ඩිස්, සහ තරුෂි කරුණාරත්න එම සහාය දවීමේ කණ්ඩායම නියෝජනය කළාය.

මෙම ඉසව්වේ ආරම්භය අද්දැකීම් බහුල ක්‍රීඩිකා නදීශා රාමනායක විසින් ලබා ගත් අතර අවසාන මීටර් 400 තරුෂි කරුණාරත්න විසින් දිව ගියාය.

තරුෂි මෙම මීටර් 400 සහාය දිවීමේ ඉසව්වට සහභාගි වන්නේ ඇගේ මීටර් 800 තරගයෙන් හරියටම විනාඩි 50 කට පසුව වීමය. පැයකටත් අඩු කාලයක් ඇතුලත මීටර් 800 කුත් දුවා තවත් මීටර් 400 ක් දිවීම සුළු පටු නැත.

තෙවැනි මීටර් 400 දිවූ ක්‍රීඩිකාව තරුෂිට බැටල් එක ගෙනත් දෙන්නේ තිරයේ දිස්වූ අයුරින් හතරවැනි ස්ථානයටය. නමුත් අවසානයේ ඇය කෙසේ හෝ ලෝකඩ පදක්කමක් දක්වා දිව ගියාය.

තරුෂි කරුණාරත්න 2004 වසරේ උපත ලද වලල එස් රත්නායක විද්‍යාලයේ ඉගෙනුම ලබන තවමත් පාසල් ශිෂ්‍යාවක වේ.

තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙසය.

තරුෂිගේ ජයග්‍රහන සහ වාර්තා

මීට පෙර මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී පාසැල් යන වයසේ පසුවු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන පිලිවෙලින් දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ 1994 සහ 1998 වසරවලදී මෙලෙසම ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් විය.

කෙසේවෙතත් තරුෂි පසුගියදා තායිලන්තයේ පැවැති ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී තම වයසටත් වැඩි වාර්තාවක් වන සහ මීටර් 800 කාන්තා ඉසව්වේ 1998 වසරේදී චීනයේ ජියෑන් ෂැංන්ග් විසින් තබා තිබුණු වාර්තාව නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගින් අලුත් කිරීමට සමත්විය.

ඇය වාර්තා කළ කාලය 02: 01: 40 ලෙස සටහන් වූ අතර එය මෙතෙක් ඇයගේ හොඳම පෞද්ගලික කාලය ලෙසද සටහන් වූවාය.

එමෙන්ම ඇය 2019 වර්ෂයේ දී පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහ මිටර් 800 ධාවන ඉසව්වලින් නව තරග වාර්තා තබමින් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වී තිබේ.

2019 වසරේ පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ වාර්තාවට ද ඇය හිමිකම් කියන අතර, එම වසරේ මීටර් 400 සහ මීටර් 800 ඉසව් දෙකෙහිම රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වී ඇත.

මෙම ජයග්‍රහන හුදෙක් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ඔවුනොවුන්ගේ පුහුණුකරුවන්ගේ පුහුණුවීම් සහ කැපකිරීම් මත පමණක් ලබා ගත් ජයග්‍රහණ බව සඳහන් කළ යුතුමය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...