පළමු වැනි ලෝක යුද්ධයේ විනාශයන් සිදු වූයේ වැඩි වශයෙන්ම සංස්කෘතික අසමත්වීම් නිසා යැයි තාගෝර් විශ්වාස කළේය . ඒ සංස්කෘතික අසමත්කම් ඇති වූයේ ජාතීන් තම දරුවන්ට අන්‍යෝන්‍ය අවබෝධය හා අන්‍යෝන්‍ය උපකාරය වෙනුවට ආධිපත්‍ය ඉගැන්වූ නිසා යැයි ඔහු තර්ක කළේය .
කලාව කුමකටද? – ලියනගේ අමරකීර්ති( Not for profit ;Why Democracy Needs the Humanities – Martha C. Nasbaum කෘතියෙ සිංහල පරිවර්තනය) ජයග්‍රාහකයන් ඉන්න බැහැ පරාජිතයන් නැතිව .එසේ නොවන්න නම් අපි සියලු දෙනා දිනා සිටිය යුතුයි . නමුත් එක් පිරිසක් ජයග්‍රාහී උත්සව පවත්වනවා කියලා කියන්නෙ පරාජිතයෙක්ව නඩත්තු කිරීමයි .
සුවපත් වෙමු – ගල්කන්දේ ධම්මානන්ද හිමි
දෙවියනි ඔබ එනවද
මා දෙමළෙන් අඬගැසුවොත් .
දෙමළ මහා කවි සුබ්‍රමනියා භාරතී – සුනිල් ආරියරත්න
පෙරේදා (29) සවස දීපචෙල්වන්ගෙ කාව්‍ය සංග්‍රහයක සිංහල පරිවර්තනය ජනගත කිරීම සාර්ථකව පැවැත් වී ඇති බව මුහුණු පොතේ පළවන තොරතුරු දෙස බලන විට පේනවා. ඒ කෘතියෙ අන්තර්ගතය දෙස බලන විට පේනවා අනූෂා ශිවලිංගම් කර ඇත්තේ ඉතා වැදගත් කාර්‍යක් බව.ඒ පරිවර්තන කෘතිය දෙමළ සමාජය දෙස බලන්නට විවෘත කර දෙන කවුළු ඉතාවැදගත් . දැන් දශක කීපයකට ඉහත දී කොළඹ පැවැත් වූ සිංහල දෙමළ සාහිත්‍ය උත්සවයකට පහර දුන් බව ප්‍රකට කරුණක් . මහාචාර්‍ය ශිවතම්බි, මහාචාර්‍ය සුචරිත ගම්ලත් වැනි විද්වතුන් පවා සිටි වැදගත් සංවාදයක ට තමා ඒ පහරදිම සිදුවුණෙ. ඒ අර්ථයෙන් ගත් විට පෙරේදා (29) අගනුවර දී ජනගත වූ ශිවලිංගම්ගේ කෘතිය සිංහල බසින් ලියන ලේඛකයින් විශාල සංඛ්‍යාවකගෙ සහභාගිත්වයෙන් පවත්වන්නට අවස්ථාව ලැබීම ජයග්‍රහණයක් .
අනූෂා ශිවලිංගම් විසින් පරිවර්තිත දීපචෙල්වන්ගේ කවි කියවන විට බුදුගුණ අලංකාරයේ එන විසාලා මහනුවර තුන්බිය මතකයට එනවා. නැගෙනහිර නවෝදය,උතුරු වසන්තය වැනි ලස්සන නම්වලින් සුවපත් කළ නොහැකි තුවාල දෙමළ හදවත් තුළ සිදුවී ඇති බවට ඒ කවි සාක්ෂි දරනවා. ඊළඟට එන ජනාධිප්තිවරණයේ දී දකුණේ දේශපාලන පක්ෂවලට දෙමළ ජනතාව පේන්නෙ ඡන්දදායකයින් පිරිසක් ලෙස බව දැන්මම අපිට පේන්න පටන් අරගෙන තියෙනවා .මනුෂ්‍යන් කණ්ඩායමක් මනුෂ්‍යන් ලෙස නොපෙනීම දිට්ටි රෝගයක් ලෙස තමයි බුදුන්වහන්සෙ දකින්නෙ .සුනිල් විජෙසිරිවර්ධනගෙ පුරවැසි මං පෙත් කෘතියෙත් මේ සාකච්ඡාව තියෙනවා . දීපචෙල්වන්ගෙ කතාව ඒ අවස්ථාවෙදි සිංහලට නැගූ අනූෂා ශිවලිංගම් කිව්වෙ දීපචෙල්වන්ට සිංහල භාෂාව පේන්නෙ ආක්‍රණශීලි ස්වරූපයකින් බව. ඉදිරි දශකය සඳහා අධ්‍යාපනය සැලසුම් කරන අයගෙ අවධානයට ලක්විය යුතු වැදගත් අදහසක් ඒක .
දෙමළ ජනතාවට මළවුන් සැමරීමට ඉඩක් නොලැබෙන රටක මහ හඬින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම් විහිලුවක් . තමන් උපන් ගම්බිම් අතහැර යන මිනිසුන් ,හදාගත් කැඳ ටිකට පවා ශෙල් වෙඩි වැටෙන යුගයක් දීපචෙල්වන් අප වෙත ගෙන එනවා. ගම් අතැර ගියවුන්ගෙ ගීතය නම් කවියෙ ආරම්භය පමණක් මෙහි දී උපුටා දක්වන කැමතියි .
ධාන්‍ය පිරුණු නිවෙස් ය
නිවෙස් පිරුණු ගම් ය
ඒත් අත් හැර
අපි පිටත් වීමු
දුකින් පිරිමාවත් ය
බෙදී දික්වෙන
ඒ හැම මාවතකම
හිසෙහි මළු දරාගෙන …
නැවතී මොහොතකට
දැන් හැරී බලන්න
මේ අපේ ගම් දිහා
දීපචෙල්වන් ඇතුළු මේ යුගයේ දෙමළ බසින් කවි ලියන කවියන්ගේ කවි තව තවත් සිංහලට නැගිය යුතුය .සිංහල සාහිත්‍ය සමාජය ඒ කවිය ගැන සංවේදී විය යුතු ය .
ප්‍රියංකර නිවුන්හැල්ල
ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර