‘වොල්ගාවේ මිට ගංගා තෙක්’ කියවෙන සාරවත් ඉතිහාසයේ කතාව ‍

Share post:

‘වොල්ගා සිට සිට ගංගා තෙක්’
ක්‍රිස්තු පූර්ව 6000 සිට ක්‍රිස්තු වර්ෂ 1922 දක්වා මනුස්ස සමාජයේ ඓතිහාසික,ආර්ථික දේශපාලනික, පරිණාමය පිළිබඳව පිළිබඳව කතන්දර 19කින් කළ චිත්‍රය,

මෙලෙස හඳුන්වමින් මහා ඉතිහාස කතාවක් , ආකර්ෂණීය සාහිත්‍ය ගෙත්තමක් ලෙස ඉන්දු-යුරෝපීය ජන වර්ගයේ එසේ නැත්නම් අපගේ ශිෂ්ටාචාරයේ කතන්දරය ලෙස හැඳින්වෙන ඓතිහාසික ප්‍රබන්ධ ය .

“අපේ ශිෂ්ටාචාරය කතන්දරය” ලෙස කතුවරයා හඳුන්වා ඇති මෙය අපේ මිනිස් පවුලේ ,සමාජයේ ,සංස්කෘතියේ, ආගමේ ,විද්‍යාවේ ,කලාවේ හා දේශපාලනය පරිණාමයේ දළ කතාන්දරය ලෙස ද ලෙසද දක්වයි .

එමෙන්ම මේ පොත අප මෙතෙක් ආ සමාජ ක්‍රියාවලියේ දී සාධාරණත්වය සමානාත්මතාවය, සහෝදරත්වය හා නිදහස සදහා මිනිසා කළ අරගලයේ ද කතන්දරයයි .

හොඳ නරක පිළිබඳව ඒ ඒ යුගයන් හි දී මිනිසා දැක්වූ ආකල්ප, “මිනිස් පරිනාමය යනු නරක පරාජය කර හොද ජයගැනීමේ කතාව ද “යන්න ගැන සාකච්ඡා ද කරමින් කල් යත් ම හොඳ නරක දෙක වෙන් කරගැනීමට මිනිසා දැක්වූ අපූරු කුසලතාවය ද පිළිබඳ කතා කෙරෙන කතාවයි .
මිනිසා ශිෂ්ටසම්පන්න වන විට විවිධ විවිධ අවස්ථාවන් වලදී ලබාගත් සමත්කම් පිළිබඳව ද ,වර්ධනය කරගත් හැකියාවන් පිළිබඳව ද, පිහිටුවා ගත් සමාජ සංස්ථා පිළිබඳව ද ,වූ අපූරු කතා පෙළක් මුතු වැළක ඇමුණූ අනගි මුතු පෙළක් මෙන් එකට අමුණා, වොල්ගා සිට ගංගා දක්වා වූ මහාත් අනගිබවනීය සාමාජීය ගෙලෙහි,කතුවරයා විසින් පළදවයි.

රාහුල් සංකෘත්‍යාතන,

මහා දාර්ශනිකයකු, පඩිවරයකු භාෂා විශාරදයකු මෙන්ම කෘතහස්ත ලේඛකයෙකු වන මෙතුමා පෙරදිග දාර්ශනික හා ආගම්,සමාජ හා පිළිබඳව හැදෑරීමේ දී නිරතුරුවම සාකච්ඡා වෙන නාමයකි .

ශ්‍රී ලංකාවට ද මහාත් සේ සමීප භාවයක් දක්වන දිගු කාලයක් ශ්‍රී ලංකාව තුළ වෙසෙමින් ශ්‍රී ලංකාවේ සමාජ ආගමික හා සංස්කෘතිය පිළිබඳ ව පුළුල් දැනුමක් ලබා ගෙන ඇති මෙතුමා බුද්ධාගමේ ඇති දාර්ශනික හර පද්ධති ලෝකය වෙත ගෙන යාමට කර ඇති මෙහෙවර ද විශාල ය .

භාෂා දහසයක් පමණ කතා කිරීමේ හා ලිවීමේ හැකියාවෙන් යුතු වූ මෙම මහා පඬිවරයා “වොල්ගා සිට ගංගා තෙක්” නම් වූ මෙම අපූරු ග්‍රන්ථය රචනා කිරීමේදී ඔහුගේ එම මහත් වූ භාෂා හා සංස්කෘතිය පිළිබඳ දැනීම ද මෙහි සාර්ථකත්වය සඳහා බෙහෙවින් උපකාරී වී ඇත .

ලෝකයේ බොහෝ දේශ දේශාන්තර වල සංචාරය කරමින් ඒ සංස්කෘතීන් ආගම් අධ්‍යනය කරමින් එම රටවල් වල විද්වතුන් ඇසුරු කරමින් ලබාගත් අති මහත් වූ දැනුම ද මෙතුමා අතින් මෙවැනි පොත් ද තවත් එවැනි ම වූ විශිෂ්ට පොත් රැසක් ද බිහිවීමට ඉවහල් වී ඇත.

මානව සමාජයේ එක් එක් අවධීන් වලදී පැවතුණු තථ්‍ය විස්තරයක් ඉදිරිපත් කිරීමේ උත්සාහක් ලෙස මෙය හදුන්වන කතුවරයා,මෙය පුරෝගාමී මෙහෙවරක් මෙන්ම තව තවත් පර්යේෂකයන්, ඉතිහාසඥයන් හා ලේඛකයන් මේ මගේ තව තවත් බොහෝ දුර යනු ඇති බවත් ,යා යුතුබවත් බලාපොරොත්තුව ව ඇත.
ක්‍රිස්තු පූර්ව 6000 සිට ක්‍රිස්තු වර්ෂ 1922දක්වා වූ මනුෂ්‍ය සමාජයේ ඓතිහාසික ,ආර්ථික, දේශපාලනික, පරිණාමය පිළිබඳ කතන්දර 19කින් කළ චිත්‍රයේ පෙළගැස්ම

නිශා
කලාපය:ඉහළ වොල්ගාවේ ඉවුරුබඩ
ජනතාව:ඉන්දු යුරෝපියානු
කාලය :ක්‍රි.පූ. 6000

“මනුස්ස ජීවිතේ පරම්පරා 360 ක් පමණ පසුපසට මේ කතාන්දරය අපව ගෙන යයි ඉන්දියාවේ ඉරානයේ සහ යුරෝපයේ සියලුම ජාතිකත්වයන් එවකට එකක් වැ ගොඩනැගී තිබිණි එය මනුෂ්‍ය වර්ගයාගේ හිමිදිරි යාමය විය.”
මේ වොල්ගාවේ නිශා ගේ කතාවයි. ඈ ක්‍රි. පූ 6000 එහා අතීතයේ අප හා සැරිසරයි. ග්‍රෝතික සටන් හා බලවන්තයාගේ සමාජ පැවැත්ම හා දුර්වලයා සමාජයෙන් විතැන්වීම මේ කාලයේ සිදුවන අතර නීශාගේ පරපුර පළාත අතැර වෙනත් ශිෂ්ටාචාරයකට සංක්‍රමණය වෙයි.

2 දිවා
කලාපය :වොල්ගාවේ මැද කොටසේ ඉවුරු බඩ
ජනතාව:ඉන්දු ස්ලාව්
කාලය:ක්‍රි .පූ 3500

“මේ කතාන්දරය පරම්පරා දෙසිය විසි පහකට පමණ පෙර ආර්ය ගෝත්‍රය පිළිබඳ එකකි ඒ කාලයේ එය අයත් වූයේ ඉන්දියාවේ ඉරානයේ හා රුසියාවේ සුදු ජන වර්ග වලින් එකකට ය .එය හැඳින්වුණේ “ඉන්දු ස්ලාව්” නැත්නම් සියයේ පවුල් ලෙසිනි,”
වසර දහස් ගණනකට පසුව සදහටම වෝල්ගා ව අතැර යන පරපුරේ කතාව මෙතැන කතුවරයා චිත්‍රනය කරයි.

අමිරිතාෂ්ව
කලාපය :මධ්‍යම ආසියාව පාමීර්
ජනතාව :ඉන්දු ඉරාණීයානු
කලාපය: ක්‍රිස්තු පුර්ව තුන් දහ

මේ කතාව අාර්ය ජනවර්ගය පිළිබඳව ය .එය පරම්පරා දෙසීයකට ඈත එකකි.ඉන්දියාවේ හා ඉරානයේ තලඑළලු පැහැති ජනතාවගේ එක් ශාඛාවක් ආර්ය නම් පොදු නම් යටතේ සිටියේ ඒ කාලයෙහිය. ගවයන් ඇති කිරීම ඔවුන්ගේ ප්‍රධානතම ජීවනෝපාය විය .
කාශ්මීරය සුන්දර පරිසරය හරහා මිනිස් පවුල් සංස්ථාව තුල සිදු වනමහා විශාල වෙනස්කම් වෙන යුගය විග්‍රහ කරන චිත්‍රයයි මේ ..

පුරුහුට් තජිකිස්ථානයේ

ඔක්සස් නිම්නයේ ඉන්දු ඉරානියානුවන්ගේ ක්‍රි .පූ 2500 කට එහා චිත්‍රයයි.

පුරුදාන් ,ඉහළ ස්වැට් නිම්නයේ ඉන්දු ආර්යයන්ගේ ක්‍රිස්තු පූර්ව 2000 ට එහා කතාවයි
අන්ගිරා, ගාන්ධාර තක්ෂිලා ඉන්දු ආර්යයන්ගේ ක්‍රිස්තු පූර්ව 1800 ට පෙර චිත්‍රයයි.

සුදාස් ,එක්සත් ප්‍රාන්තයන් හි බටහිර කොටසේ කුරු පංචාල් හි වෛදික ආර්යයන්ගේ ක්‍රිස්තුපූර්ව 1500 ට පෙර කතාවයි
ප්‍රවාහන් ,ඵ්න්ඡල් එක්සත් පළාතේ ක්‍රිස්තු පූර්ව 700 ට පෙර කතාව

බන්දුල මල්ල, කුසිනාරා සහ මල්ල ග්‍රාම එක්සත් පළාත් හි, ක්‍රිස්තු පූර්ව 490 පෙර වූ අනගි චිත්‍රය යි.

නාග්දුට්‍ ,උතුරු දිග ඉන්දියාවේ ක්‍රිස්තු ක්‍රිස්තු පූර්ව 353 කට පෙර වූ කතාව .

ප්‍රභා ,උතුරු ඉන්දියාවේ කිස්තු පූර්ව 50 කාලේ සිට ඉන්දීය ඉතිහාසයේ වඩාත් හුරු පුරුදු කාලපරිච්ඡේදයේ කතාව.

යව්දෙය, සුපාරන් ක්‍රි වර්ෂ 420 ඉන්දියාව.

දුර්මුක්, ක්‍රි වර්ෂ 630 ඉන්දියාව .

චක්‍රපානී ,ක්‍රි වර්ෂ 1200 ඉන්දියාව .

බබා නූර් දීන්, ක්‍රි වර්ෂ 1300 ඉන්දියාව .

සුරයියා, ක්‍රි වර්ෂ 1600 ඉන්දියාව

රේඛා භගත්, ක්‍රි ව.1800ඉන්දියාව.

මංගල් සිංහ, ක්‍රි වර්ෂ 1875 ඉන්දියාව.

සෆ්දාර්, ක්‍රි වර්ෂ 1922.

ලෙසින් අතිශය ආකර්ෂණීය ලේඛන ශෙලියකින් හා විශිෂ්ට පරිකල්පනයකින් ඇදෙන මේ ඉතිහාස ආලේඛ්‍ය රස විදම බලා ගුණ දොස් වැනිය යුක්තැක්මයි.

ප්‍රවින පරිවර්තකයකු වන මහින්ද සෙනරත් ගමගේ ගමගේ මහතා මේ අති විශිෂ්ට කෘතිය සිංහලෙන් අප වෙත ගෙන එන්න දරණ ප්‍රසස්ථ උත්සහාය කෙතරම්දැයි මෙම පොත කියවාම වටහා ගන්න.
ඇත්තෙන්ම එය විශිෂ්ට වැඩකි.
ඔබත් දැන් වොල්ගාවේ සිට ගංගා දක්වා වූ මේ අපූරු ඉතිහාස ගෙත්තමෙි පහස විදින්නට එක්වන්න.
වොල්ගාවේ සිට ගංගා දක්වා
පණ්ඩිත් රාහුල් සංකෘත්‍යාතන
පරිවර්තනය . මහින්ද සෙනරත් ගමගේ
ප්‍රකාශනය . සුභාවී ප්‍රකාශන

ලලිත් බෝපිටිය

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...