ඇමති ධුර ගන්න සභාපති / විධායක අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ දයා ගමගේලාගේ බිම්පුත් ෆිනෑන්ස් බලපත්‍රය අහෝසි කරයි !

Share post:

ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන බිම්පුත් මූල්‍ය සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වන බවත්, 2023. 09. 01, එනම් අද සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Bimputh Finance PLC හි හිමිකාරිත්වය දරන ලද්දේ දයා ගමගේ සහ අනෝමා ගමගේ පවුල විසිනි. එහි සභාපති ධුරය හිටපු ඇමති දයා ගමගේ විසින් දරන ලද අතර, විධායක අධ්‍යක්ෂ ධුරය දරන ලද්දේ ඇමතිවරයාගේ බිරිඳ වන හිටපු ඇමති අනෝමා ගමගේ ය.

2015 අගෝස්තු 20 දින සිට දයා ගමගේ එහි සභාපති ධුරයෙන් ඉවත් වූ අතර, ඊට හේතු වූයේ ඔහු එවකට පැවති ආණ්ඩුවේ ප්‍රථමික කර්මාන්ත ඇමති ධුරයට පත්වීමයි. එම වසරේ අගෝස්තු 25 දින සිට අනෝමා ගමගේ සමාගමේ විධයක් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ අතර, ඊට හේතු වූයේ ඇය එවකට පැවති ආණ්ඩුවේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති ධුරයට පත්වීමයි.

ඒ වන විට සමාගමේ කොටස්වලින් සියයට 77ක හිමිකාරිත්වය දරන ලද්දේ ගමගේ පවුල විසිනි.

බිම්පුත් මූල්‍ය සමාගම ආරම්භ කළ 2009 වසරේදී එහි සභාපතිවරයා ලෙසත් දයා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙසත් දයා ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර තිබුණේ 1977දී රුපියල් 70ක් අතේ තබාගෙන තමන් ව්‍යාපාර ආරම්භ කළ බවයි. තම පියා 1940 දශකයේදී කල්මුණේ ප්‍රදේශයෙන් ව්‍යාපාර ආරම්භ කළ බවත්, 1950 දශකය අවසාන වන විට ඔහු නැගෙනහිර පළාතේ විශාලතම ව්‍යාපාරිකයා වූ බවත් ය. කෙසේ වෙතත් තමන් ව්‍යාපාර ආරම්භ කළේ තනිවම බව ද ඔහු එහිදී සඳහන් කර තිබිණි.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ලෙස ජනතාවට අධික පොලියට ණය ලබාදීම සහ එමගින් ජනතාව දැඩි පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් බිම්පුත් මූල්‍ය සමාගමට ද බරපතළ ලෙස චෝදනා එල්ල වී තිබේ. එම අත්තනෝමතික ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත්තේ දයා ගමගේ සැමගේම සභාපති ධුරය දරන කාලයේදී ය.   

කෙසේ වෙතත් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ පීඩාවිඳින ජනතාව වෙනුවෙන් පෙනීසිටින සමූහ පෙන්වාදෙන්නේ මෙසේ ජනතාවගෙන් අධික ලාබයක් එකතු කරගත් සමාගම් කිහිපයක් ද පසුගිය කාලයේ වසාදැමුණු හෝ බලපත්‍ර අවලංගු කෙරුණු බවයි. ඉන්පසු එහි වගකීම් වෙනත් මූල්‍ය ආයතන මත පැවරිණි.

මෙහි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ නිරන්ජන් පත්මනාදන් ය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...