ආසියානු කුසලානය 2023 : පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක්

Share post:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය කඩුලු 05 කින් ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (31) සමත්විණි.

මහනුවර පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංගලාදේශ පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4 සියල්ලන් දැවී ගිය අතර ඉනිමේ ලකුණු 164 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය.

බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ටැන්සිඩ් හසන් දැවී ගිය අතර ලකුණු 25 කදී දෙවැනි කඩුල්ල ලෙස මොහොමඩ් නයීම් දැවී ගියේය. නායක ශකීබ් අල් හසන් තෙවැනි කඩුල්ල ලෙස දැවී යද්දී බංගලාදේශ ඉනිමේ ලකුණු 36 ක් ලෙස සටහන් විය.

කෙසේවෙතත් නජිමුල් හොසේන් සැන්ටෝ ලකුණු 02 ක් ලබා සිටියදී ලබා දුන් උඩපන්දුව නායක දසුන් ශානකගේ අතින් ගිලිහී යාමත් සමග හුදකලා සටනක නිරත වූ සැන්ටෝ ලකුණු 89 ක් රැස් කළේ හතරේ පහර 07 ක් ද සමගිනි.

04 වැනි කඩුල්ල ලෙස තව්හිද් හිද්‍රෝයි දැවී යාමත් සමග බංගලාදේශ කණ්ඩයමේ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා පිලේ කදිම පන්දු රැකීම හමුවේ බංගලාදේශ ඉනිම ලකුණු 164 කට සීමා කිරීමට සමත්විණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 39 දී ලකුණු 165 ක ඉල්ලකය හඹා ගියේ කඩුලු 05 ක් පමණක් බිඳ වැටී තිබියදීය.

දිමුත් කරුණාරත්න එක් ලකුණක් පමණක් ලබා සිටියදී දැවී යද්දී දෙවැනි කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 15 ක් පමණක් ලබා සිටියදිය.

කෙසේවෙතත් වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ සධීර සමරවික්‍රම ලකුණු 54 ලබාගත් අතර චරිත් අසලංක නොදැවී 62 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය සැප්තෑම්බර් 05 වැනිදා ඇෆ්ගනිස්තානය අතර ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...