ආසියානු කුසලානය 2023 : පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක්

Share post:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය කඩුලු 05 කින් ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (31) සමත්විණි.

මහනුවර පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංගලාදේශ පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4 සියල්ලන් දැවී ගිය අතර ඉනිමේ ලකුණු 164 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය.

බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ටැන්සිඩ් හසන් දැවී ගිය අතර ලකුණු 25 කදී දෙවැනි කඩුල්ල ලෙස මොහොමඩ් නයීම් දැවී ගියේය. නායක ශකීබ් අල් හසන් තෙවැනි කඩුල්ල ලෙස දැවී යද්දී බංගලාදේශ ඉනිමේ ලකුණු 36 ක් ලෙස සටහන් විය.

කෙසේවෙතත් නජිමුල් හොසේන් සැන්ටෝ ලකුණු 02 ක් ලබා සිටියදී ලබා දුන් උඩපන්දුව නායක දසුන් ශානකගේ අතින් ගිලිහී යාමත් සමග හුදකලා සටනක නිරත වූ සැන්ටෝ ලකුණු 89 ක් රැස් කළේ හතරේ පහර 07 ක් ද සමගිනි.

04 වැනි කඩුල්ල ලෙස තව්හිද් හිද්‍රෝයි දැවී යාමත් සමග බංගලාදේශ කණ්ඩයමේ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා පිලේ කදිම පන්දු රැකීම හමුවේ බංගලාදේශ ඉනිම ලකුණු 164 කට සීමා කිරීමට සමත්විණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 39 දී ලකුණු 165 ක ඉල්ලකය හඹා ගියේ කඩුලු 05 ක් පමණක් බිඳ වැටී තිබියදීය.

දිමුත් කරුණාරත්න එක් ලකුණක් පමණක් ලබා සිටියදී දැවී යද්දී දෙවැනි කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 15 ක් පමණක් ලබා සිටියදිය.

කෙසේවෙතත් වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ සධීර සමරවික්‍රම ලකුණු 54 ලබාගත් අතර චරිත් අසලංක නොදැවී 62 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය සැප්තෑම්බර් 05 වැනිදා ඇෆ්ගනිස්තානය අතර ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...