‘කුකුල’ මරා සල්ලි ගරන යෝජිත විදුලි බලාගාරය

Share post:

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පිටකන්ද ග්‍රාම සේවා වසමේ බටහේන ගම සහ ගෙදගල ගම්මානය මැදිව ගලා බසිනා කුකුලේ ගඟ හරස් කර කුඩා ජල විදුලි ඉදිකිරීම හේතුවෙන් විශාල පරිසර විනාශයක් සිදු කරමින් ඇත. කුකුළ මරණ සල්ලි ගරන මෙම ව්‍යපෘතිය හෙතුවෙන් සිදුවන දැවැන්ත පරිසර හානිය සුළු පටු නොවෙති.

ගඟක ගලන ජලය හුදු ජලයම පමණක් නොවෙති. ජලය ජිවාධාරකය කරගත් ජලජ ජිවින් මෙන්ම ජලජ පැලෑටි ද වෙති. ගංගාවක් ගලා යන්නේ සමස්ථය හා බැදෙමින් පද්ධතියක් ලෙස පාරිසරික වටිනාකම් රැසකට ජිවය සපයමිනි.

කුකුළ ගඟ පෝෂණය කරන දිය උල්පත් ගඟෙ පැවැත්මට ඝෘජුව බලපෑම් සහගත වෙයි. මෙම කුඩා ජලවිදුලි බලාගාරය ඉදිරියම හෙතුවෙන් වත්තේ දොළ,මැද දොළ, සිරිදිය දොළ ගඟට එකතු වන තැන් ඇහිරෙන අයුරින් ඉදිකිරීම් කරමින් ඇත. ගඟ දෙපස ඉවුරු රක්ෂිත කලාපය ඩෝසර් යොදා විශාල හොර ඇතුළු ශාඛ විශේෂ බිම හෙළා ගඟට හානිදායක වන අයුරින් වනසා දමමින් ඇත.

කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමේදී ගංගා හරහා වේලි බැඳ ජලය අන්තිම බින්දුවටත් එකතු කර කාණු හෝ බට දිගේ ගෙන යෑම මගින් සිදුවන පාරිසරික හානිය අති විශාල වේ. ගංගාවල වේලි බැඳීම හරහා ජලය කොන්ක්‍රීට් ඇල මාර්ගය දිගේ ගෙන හෙතුවෙන් ගඟ වේලිමට ලක්වෙයි.තවද වේලි නිර්මාණය ස්ථානීය ආවේනික (point endemic) ආවේනික (endemic) සහ දේශීය මත්ස්‍යයින්, කකුළුවන්, මැඩියන් ඇතුළු ජලජ ජීවීන්ට සිදුවන හානිය සුළුපටු නොවේ.

එසේම වේලි,බලාගාර,චැනල් පාත් සෑදිමේදි කළු ගල් කඩා ඉවත් කරිමට ගල්බොර දැමිම හෙතුවෙන් විශාල පරිසරික විනාශයක් සිදු කරයි.මෙම පරිසර විනාශය හෙතුවෙන් කුකුළ ගඟ ආශ්‍රිත ජිවත්වන මත්‍යස සම්පතට බරපතල තර්ජනයක් එල්ල කරමින් ඇත.
කුකුළ ගඟ සහ විශේෂයෙන් උක්ත කුඩා ජලවිදුලි බලාගාරය ඉදිකිරීම් සිදු කරන පාරිසරික කලාපය අධ්‍යාපනය කිරිමට එකතු වුන පරිසර මධ්‍යස්ථානයේ පර්යේෂණකයන්ගේ නිරික්ෂණයට අනුව

Anguilla bicolor – කළු ආඳා
Xenentodon cancila – යොන්නා
Dawkinsia filamentosa – දං කොල පෙතියා
Pethia nigrofasciata – බුලත් හපයා
Puntius bimaculatus – ඉපිලිකඩයා
Puntius kelumi – කැලුම්ගේ පෙතියා
Puntius titteya – ලේ තිත්තය
Puntius vittatus – බන්ඩි තිත්තය
Systomus pleurotaenia – හීත මස්සා
Devario malabaricus – දම්කොල සාලයා
Laubuka ruhuna – රුහුණු තටු දන්ඩියා
Rasbora dandia – ඉරි දන්ඩියා
Rasboroides pallidus – පඬු හල්මල් දන්ඩියා
Tor khudree – ලෙහෙල්ලා
Garra ceylonensis – ගල් පාඬියා
Aplocheilus werneri
Channa orientalis – කොල කනයා
Channa kelaarti – පරඬැල් කනයා
Awaous melanocephalus – බලි වැලිගොවුවා
Belontia signata – තල් කොස්සා
Mystus ankutta – මල් අංකුට්ටා
Clarias brachysoma
Ompik argestes – වල පොත්තා
Mastacembelus armatus – ගං තෙලියා

ඉහත මත්‍යෂ විශේෂ නිරික්ෂණය විය. මොවුන්ගේ ආහාර,ආරක්ෂාව,ප්‍රජනය,සංචරයට බාධාවන අයුරින් බලාගාර ඉදිකිරීම් කටයුතු කර ඇති බව නිරික්ෂණය විය.
කුඩා ජල විදුලි බලාගාර යනු මෙගාවොට් 10ට අඩු ධාරිතාවක් නිපදවන ජල විදුලි බලාගාර ලෙස පොදුවේ හැඳින්වේ. පරිසර විනාශකාරී විදුලි උත්පාදන ක්‍රමවේදයක් ලෙස කුඩා ජලවිදුලි බලාගාරය හැදින්විය හැක.⁣සිදු වන පරිසර හානිය විශාල බැවින් ලෝකයේ බොහෝ රටවල්වලින් ඉවත දමන මෙවැනි ව්‍යපෘති අවාසනාවට ලාභය පමණක් මුල් කොට දේශපාලඥයන් තම හිතවතුන් අතරේ මුදල් බෙදා හදා ගැනිමේ අරමුණින් සිදු කරන දුෂිත ගණදෙනු සමග ක්‍රියාවට නැගෙන මාපියාවකි.

ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇළ දොළ වනසමින් පසු ගිය කාලය පුරාවට කුඩා ජල විදුලි බලාගාර ඉදිකරන්නට යෙදුණි. ඉදිකරන්නට යෙදුණු කුඩා ජලවිදුලි බලාගාර පිළිබද හෙළි වු පරස්පර තොරතුරු හෙතුවෙන් ලංකාව තුළ ක්‍රියාත්මක කුඩා ජලවිදුලි බලාගාර යනු මාපියාවක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

කුඩා ජල විදුලි බලාගාර මාපියාවක් ලෙස හැදින්වීමට කරුණු කීහිපයක් බලපා තිබේ. ඉන් පළමුවැන්න නම් ඒවා ස්ථාපිත කරන ස්ථාන, ව්‍යාපෘති යෝජකයන්,අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය සහ ඉන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන්, විශේෂයෙන් පාරිසරික බලපෑම් සම්බන්ධව ආදී සමස්තය සලකා බැලීමෙන්. මේ ව්‍යාපෘති යෝජකයන් බහුතරයක් දේශපාලනඥයන්ගේ හිතවතුන්. තම හිතවතුන්ට ලාභ ලැබීමට පරිසර සම්පත් සූරාකෑමට දෙන අල්ලසක් විදියට ක්‍රියාත්මක වන්නේ ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා හැකි සෑම ස්ථානයකම තම හිතවතුන්ට ලබා දීමට. පරිසර බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය විහිළුවක් බවට පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ පරිසර බලපත් ලබා දිම යනු පරිසර දූෂණය කිරීම සඳහා දෙන අවසරයක් බවට පත්වී ඇති අතර පරිසර ආරක්ෂා කිරිමට ඇති ආයතන මුදලට යටවෙලා ව්‍යපෘති යෝජකයාට රිසි පරිදි වනසා දැමිමට ඉඩ හැර බලා සිටින තත්ත්වයක් උදා වී ඇත.

මෙවන් රාජ්‍ය ආයතන ව්‍යුහයකින් පරිසර රකින්න පුළුවන් කමක් නැති බව තවුරුයි.එනිසා පරිසර රැකිය හැක්කේ ජනතා ව්‍යුහයන්ට
කුකුල ගඟ හරස් කරමින් සිදු කරන කොස්ගුලන කුඩා ජලවිදුලි බලාගාරයට විරුද්ධව ජනතා විරෝධය ඉස්මතු විමත් සමග කාලයක් නවතා දැමිමට සිදු විය. එහෙත් යළි නැවත වටයකින් පරිසර විනාශකාරි බලාගාරය ආරම්භ කිරිමට රනිල් රාජපක්ෂ අණ්ඩුව කටයුතු කරමින් ඇත.

දුෂණය නාස්තිය ජාති, ආගම්වාදය පිටු දකිමින් සිටි සමාජයට නැවත පණ දෙමින්න රනිල් රාජපක්ෂලාගේ සැලසුම පරිසරික සම්පත් විකුණා දැමිමත්, මහජනයා සතු සවභාවික සම්පත් බහුජාතික සමාගම් සන්තක කිරිමේ සහ ලාභය පමණක් අරමුණු කරගත් ඊනියා සංවර්ධයට නැවත ක්‍රියාවට නංවා ඇත.

පරිසරය සුරාකමින් මර්දනය හමුවේ ජනතාව බිය ගන්වමින් සිටි මෙම තත්ත්වය පරාජය කළ යුතුය. එය සිදු කළ හැක්කේ ජනතා මැදිහත් විමකින් පමණි. මන්ද රටේ පාලකයා යනු ජනමතයක් නැති අයෙකි.පවත්ව සිටින කැබිනට් මණ්ඩලය ද ජනතාව ප්‍රතිකේෂ්ප කළ අය වෙති. ජනතා නියෝජිතයන් සහ ජනතා නියෝජිත ආයතන ව්‍යුහය ජනතාව හෝ පරිසරය සුරකින්නේ නැත.

රාජ්‍ය ආයතන ව්‍යුහය ද අනුග්‍රාහකත්වයට වරදාන වරප්‍රසාදවලට යටව ඇත.තමන්ට පැවරෙන රාජකාරි බලයවත් බවිතයට ගෙන ක්‍රියා කිරීමට නොහැකි ක්‍රමයක් නිර්මාණය තිබේ .එබැවින් මෙම ක්‍රමය වෙනස් කළ යුතුය.

කුකුළ ගඟ වනසා මුදල් ගැරිමට ඉඩ නොතබමු.අද දවසේ සුරක්ෂිත තාවය වෙනුවෙන් යුක්තිය උදේසා නගන හඬ හෙට දවසේ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරනු ඇත.ඒ සඳහා පක්ෂ පාට සංවිධාන රාමු ඉවත දමා එක්වෙමු .

පරිසරවේදී වෑකඳවල රාහුල හිමි

Related articles

2020 මහ මැතිවරණය මතකද? : රවී – ශානි මේ වෙලාවෙ ගන්න ඕනෙ නෑ : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ...

‘මිනිස්සු උපතින්ම ප්‍රචණ්ඩ නෑ. ප්‍රචණ්ඩත්වය කියන්නේ සංස්කෘතික දෙයක්’ – Horizon: An American Saga – Chapter 1

ඇමරිකානු භූමිය කියන්නේ රතු ඉන්දියානුවන් සහ ඇපාචි වගේ ස්වදේශිකයන්ට අයිතිව තිබුණු ඔවුන් ඉතා සාමයෙන් වාසය කළ භූමියක්. හැබැයි...

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...