ලෝක ඇල්සයිමර් මාසය වෙනුවෙන් ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් !

Share post:

අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත් කරනු ලබයි. ඩිමෙන්ශියාව යනු මතකය නැතිවීම, අදහස් පැවසීමේදී ඇතිවන ගැටළු හා සිතීමේ හැකියාවන් සඳහා බාධාවන් ඇති වීමේ ස්වභාවයයි. එය බොහෝ විට ඇතිවන්නේ ඇල්සයිමර් රෝගය හේතුවෙනි.

Alzheimer’s Disease International (ADI) හි සාමාජිකයෙකු වන ලංකා ඇල්සයිමර්ස් පදනම (Lanka Alzheimer’s Foundation – LAF), විශේෂයෙන්ම දකුණු ආසියාව තුළ වැඩිම වයස්ගත ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාවගේ ඩිමෙන්ශියා තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට ගෝලීය වශයෙන් කටයුතු කරයි. වැඩිහිටි කණ්ඩායම්, පවුලේ සාමාජිකයන් සහ රැකබලා ගනු ලබන පුද්ගලයන් සමග එක්ව ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසි සහ මතක ශක්තිය පිළිබඳව වෛද්‍ය පරීක්ෂාවන් සිදු කිරීම වැනි ක්‍රියාකාරකම් ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් පවත්වනු ලබයි. ඊට අමතරව එම පදනම විසින් මේ සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු කිරීම ඇතුළුව ඔවුන් දැනුම්වත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් තුනක් සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

මෙහි පළමු වැඩසටහන ‘Run to Remember’ යන තේමාව යටතේ පැවැත්වේ. කිලෝමීටර් 5ක ධාවන තරගයක් වන මෙය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රය අසලින් සැප්තැම්බර් 02 වැනි සෙනසුරාදා සවස 4.00 ට ආරම්භ කිරීමට නියමිතය. පැවති කොවිඩ් වසංගතය ඇතුළුව රට මුහුණපා සිටි අනෙකුත් අර්බුදකාරී වාතාවරණයන් හේතුවෙන් වසර 3 කට පසුව මෙම ධාවන තරගය පැවැත්වීම විශේෂත්වයකි. මේ සඳහා ටාජ් සමුද්‍රා හෝටලය විසින් සිය අනුග්‍රහක දායකත්වය ලබා දෙන අතර ඊට දැනටමත් ක්‍රීඩකයින් 50කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇත. එම තරගය සඳහා සහභාගීවීමට කැමති පුද්ගලයින් හට LAF Facebook පිටුව හරහා හෝ 0777235674 දුරකථන අංකය හරහා ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී තිබේ.

ඩිමෙන්ශියාව පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ විශේෂයෙන් අවදානම් තත්ත්වයන්, ඩිමෙන්ශියාව වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ රැකවරණය ලබා දීම පිළිබඳව දැනුම්වත් කිරීම් සිදු කරනු ලබයි. කලා අධ්‍යක්ෂිකාවක වන සුලෝචනා දිසානායක ප්‍රමුඛ Power of Play කණ්ඩායම විසින් නිර්මාණය කෙරෙන ‘මහදැනමුත්තා සහ ගෝලයෝ ‘ නැමති ජනප්‍රිය වූ අත් රූකඩ ජවනිකාවක් හරහා මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන මහජනතාව වෙත ප්‍රදර්ශනය කෙරේ. එය සැප්තැම්බර් මස 21 දාට යෙදී ඇති ලෝක ඇල්සයිමර් දිනය දා කොළඹ සිට ගම්පහ සහ ගාල්ල යන ප්‍රදේශ දක්වා වීදි දර්ශනයක් ලෙස ගමන් ආරම්භ කිරීමට නියමිතය. ඒ පිළිබඳ වැඩි විස්තර LAF හි Facebook පිටුව මගින් සහ ජනමාධ්‍ය ඔස්සේ ඉදිරියේදී ලබා ගත හැකිය.

මෙහි තෙවන අදියර ‘Memory Walk’ ලෙස නම් කර ඇත. අප මහලු වියට පැමිණෙන විට ඇතිවන අවදානම් සහගත තත්ත්වයන් අවම කර ගැනීම සඳහා කායික සහ මානසික ක්‍රියාකාරකම්වල යෙදීමේ වැදගත්කම පිළිබඳව මේ හරහා ඉස්මතු කරයි. මෙම වසරේ ලෝක ඇල්සයිමර් මාසයේ තේමාව වන ‘never too early, never too late’ යන තේමාව යටතේ අවදානම් තත්ත්වයන් හඳුනාගැනීමට සහ එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කෙරෙන ප්‍රචාරක පුවරු රැගත් පාගමනක් මෙම වැඩසටහන හරහා සංවිධානය කර ඇත. එය සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා පෙරවරු 7.30 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසලින් ආරම්භ වේ. මෙම පාගමන පිළිබඳව වැඩි විස්තර LAF Facebook පිටුවෙන් ලබා ගත හැකිය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...