ඉක්වදෝර ජනතාව ලෝකයේ ජෛව විවිධත්වය වැඩිම කලාපය බේරාගනී : තෙල් සමාගම්වලට ඡන්ද සීයට 41යි !

Share post:

ලෝකයේ ජෛව විවිධත්වය ඉහළම කලාපයක් ලෙස සැලකෙන ඇමේසන් හි යසුනි ජාතික වනෝද්‍යානයේ නව තෙල් ළිං ඉදිකිරීමට එරෙහිව ඉක්වදෝරියානුවන් ඓතිහාසික ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කළේය.

‘“බ්ලොක් 43 ලෙස හඳුන්වන ප්‍රදේශය තුළ Ishpingo-Tambococha-Tiputini (ITT) තෙල් ව්‍යාපෘතියේ බොරතෙල් දින නියමයක් නොමැතිව භූගතව තබා ගැනීමට ඉඩදීම සඳහා ඔබ ඉක්වදෝර රජය සමඟ එකඟ වෙනවාද?”

යන්න එම ජනමත විචාරණයේදී ජන්ද දායකයින් වෙනුවෙන් යොමුකළ ප්‍රශ්නය වේ.

යසුනි ජාතික වනෝද්‍යානය ආරක්ෂා කිරීමේ වෙනුවෙන් ජනමත විචාරණයයක් පැවැත්වීමට අදාලව පරිසරවේදීන් අත්සන් 757,623 ක් රැස් කළහ.

වසර ගණනාවක නීතිමය අරගලයකින් පසුව, ඉක්වදෝරයේ ඉහළ උසාවිය ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව ජනමත විචාරණය පැවැත්වීම ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ පළමු වටය වන අගෝස්තු 20 දිනට නියම කරන ලදී.

ඉක්වදෝරයේ ජාතික මැතිවරණ කොමිසමට අනුව 90% කට වැඩි ඡන්ද දායකයින්ගෙන් 58% ක් පක්ෂවත් , 41% ක් විපක්ෂවත් සිය ඡන්දය පාවිච්චි කර ඇත.

ඒ අනුව ඉක්වදෝරියානුවන් වැඩි ඡන්ද 20% කට ආසන්න ප්‍රමාණයකින් යසුනි ජාතික වනෝද්‍යානය ආරක්ෂා කර ගැනීම සිය ඡන්දය භාවිත කර ඇත.

1989 දී යසුනි යුනෙස්කෝව විසින් යුසුනි ජාතික වනාත්තරය ‘world biosphere reserve’ ලෙස නම් කරන ලදී.

එලෙස නම් කරන ලද රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර මිලියන 1 (අක්කර මිලියන 2.5) ට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කරන අතර එහි පක්ෂි විශේෂ 610 ක්, උභයජීවී විශේෂ 139 ක් සහ උරග විශේෂ 121 ක් වාසය කරනු ඇතැයි සැලෙකේ.

එමෙන්ම ස්ව කැමැත්තෙන්ම වත්මන් ආර්ථික රටාවෙන් වෙන්ව ලෝකයෙන් හුදකලාව ජීවත්වන ලෝකයේ අවසන් ආදි වාසී ප්‍රජාවන් ලෙස සැලකෙන Tagaeri සහ Taromenane ජනයාගේ නිවහන වන්නේද මෙම යුසුනි ජාතික වනෝද්‍යානයයි.

ලොවපුරා දේශගුණික විපර්යාසය ලොවුපරා ඉතා දරුණු තත්ත්වයකට පත්වෙමින් තිබෙන කාලසීමාවක, ඇමසන් වැසි වනාන්තරය ඉතා හානිදායක තත්ත්වයක් දක්වා ගමන් කරමින් තිබෙන වටපිටාවක, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීමකින් ස්වාභාවික සම්පත් විනාශ මුඛයට ඇද දැමීමට සීමාපැනවීමට කටයුතු කළ ලොව පළමු රාජ්‍යය බවට ඉක්වදෝරය පත්විය.

“අද ඓතිහාසික දවසක්! කාන්තාවක් සහ මවක් ලෙස, මගේ ජනතාවගේ නිජභූමියේ භූගත තෙල් ලිං ඉදිකිරීම නැවැත්වීම වෙනුවෙන් ඉක්වදෝරියානුවන් ගත් ප්‍රබල තීරණය ගැන මම අතිශයින් සතුටට පත් වනවා. ස්වදේශික කාන්තාවක වන නෙමොන්ටේ නෙන්කිමෝ පැවසූවාය.

“අවසාන වශයෙන්, අපි අපේ භූමියෙන් තෙල් සමාගම් පන්නා දමන්නෙමු! මෙය සියලුම ලෝකවාසි ජනතාව, ආදිවාසී ජනතාව, සතුන්, ශාක, වෙනුවෙන් ලැබු විශාල ජයග්‍රහණයක්! ” ඇය වැඩිදුරටත් පැවසුවාය.

ජනමත විචාරණයට පෙත්සම් ලක්ෂ සංඛ්‍යාත අත්සන් එකතු කළ ක්‍රියාකාරී කණ්ඩායමක් වන Yasunidos හි සාමාජික Pedro Bermeo පැවසුවේ “මේ අවස්ථාවේ තිබෙන විශාලතම කාර්යය තමයි ස්වභාවධර්මය ආරක්ෂා කිරීම, ස්වදේශික ජනයා සහ විවිධත්වයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීම.

නමුත් “සටන අවසන් නෑ. දේශපාලනඥයන් අපව වෙන් කළත්, ස්වභාවධර්මය අපව එක්සත් කරනවා. ඒ නිසා ඉක්වදෝර ජනතාවගේ කැමැත්තට රජය එකඟ කර ගැනීම වෙනුවෙන් අපි එක්ව වැඩ කරනවා ඔහු වැඩිදුරටත් පැවසීය.

ලෝකයේ ජෛව විවිධත්වය ඉහළම කලාපයක් ලෙස සැලකෙන ඇමේසන් හි යසුනි ජාතික වනෝද්‍යානයේ නව තෙල් ළිං ඉදිකිරීමට එරෙහිව ඉක්වදෝරියානුවන් ඓතිහාසික ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කළේය.  

‘“බ්ලොක් 43 ලෙස හඳුන්වන ප්‍රදේශය තුළ Ishpingo-Tambococha-Tiputini (ITT)  තෙල් ව්‍යාපෘතියේ බොරතෙල් දින නියමයක් නොමැතිව භූගතව තබා ගැනීමට ඉඩදීම සඳහා ඔබ ඉක්වදෝර රජය සමඟ  එකඟ වෙනවාද?”

යන්න එම ජනමත විචාරණයේදී ජන්ද දායකයින් වෙනුවෙන් යොමුකළ ප්‍රශ්නය වේ. 

යසුනි ජාතික වනෝද්‍යානය ආරක්ෂා කිරීමේ වෙනුවෙන් ජනමත විචාරණයයක් පැවැත්වීමට අදාලව  පරිසරවේදීන් අත්සන් 757,623 ක් රැස් කළහ.

වසර ගණනාවක නීතිමය අරගලයකින් පසුව, ඉක්වදෝරයේ ඉහළ උසාවිය ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව ජනමත විචාරණය පැවැත්වීම ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ පළමු වටය වන අගෝස්තු 20 දිනට නියම කරන ලදී.

ඉක්වදෝරයේ ජාතික මැතිවරණ කොමිසමට අනුව  90% කට වැඩි ඡන්ද දායකයින්ගෙන්  58% ක් පක්ෂවත් , 41%  ක් විපක්ෂවත්  සිය ඡන්දය පාවිච්චි කර ඇත.  

ඒ අනුව ඉක්වදෝරියානුවන් වැඩි ඡන්ද 20% කට ආසන්න ප්‍රමාණයකින් යසුනි ජාතික වනෝද්‍යානය ආරක්ෂා කර ගැනීම සිය ඡන්දය භාවිත කර ඇත. 

1989 දී යසුනි යුනෙස්කෝව විසින් යුසුනි ජාතික වනාත්තරය ‘world biosphere reserve’ ලෙස නම් කරන ලදී.  

එලෙස නම් කරන ලද රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර මිලියන 1  (අක්කර මිලියන 2.5) ට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කරන අතර එහි පක්ෂි විශේෂ 610 ක්, උභයජීවී විශේෂ 139 ක් සහ උරග විශේෂ 121 ක් වාසය කරනු ඇතැයි සැලෙකේ.

එමෙන්ම ස්ව කැමැත්තෙන්ම වත්මන් ආර්ථික රටාවෙන් වෙන්ව ලෝකයෙන් හුදකලාව ජීවත්වන ලෝකයේ අවසන් ආදි වාසී ප්‍රජාවන් ලෙස සැලකෙන Tagaeri සහ Taromenane ජනයාගේ නිවහන වන්නේද මෙම යුසුනි ජාතික වනෝද්‍යානයයි. 

ලොවපුරා දේශගුණික විපර්යාසය ලොවුපරා ඉතා දරුණු තත්ත්වයකට පත්වෙමින් තිබෙන කාලසීමාවක, ඇමසන් වැසි වනාන්තරය ඉතා හානිදායක තත්ත්වයක් දක්වා ගමන් කරමින් තිබෙන වටපිටාවක, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීමකින් ස්වාභාවික සම්පත් විනාශ මුඛයට ඇද දැමීමට සීමාපැනවීමට කටයුතු කළ ලොව පළමු රාජ්‍යය බවට ඉක්වදෝරය පත්විය.

“අද ඓතිහාසික දවසක්! කාන්තාවක් සහ මවක් ලෙස, මගේ ජනතාවගේ  නිජභූමියේ භූගත තෙල් ලිං ඉදිකිරීම නැවැත්වීම වෙනුවෙන් ඉක්වදෝරියානුවන් ගත් ප්‍රබල තීරණය ගැන මම අතිශයින් සතුටට පත් වනවා.  

“අවසාන වශයෙන්, අපි අපේ භූමියෙන් තෙල් සමාගම් පන්නා දමන්නෙමු! මෙය සියලුම ලෝකවාසි ජනතාව, ආදිවාසී ජනතාව,  සතුන්, ශාක, වෙනුවෙන් ලැබු විශාල ජයග්‍රහණයක්! ” ඇය වැඩිදුරටත් පැවසුවාය.

ජනමත විචාරණයට පෙත්සම් ලක්ෂ සංඛ්‍යාත අත්සන් එකතු කළ ක්‍රියාකාරී කණ්ඩායමක් වන Yasunidos හි සාමාජික Pedro Bermeo පැවසුවේ “මේ අවස්ථාවේ තිබෙන විශාලතම කාර්යය තමයි ස්වභාවධර්මය ආරක්ෂා කිරීම, ස්වදේශික ජනයා සහ විවිධත්වයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීම.

නමුත් “සටන අවසන් නෑ. දේශපාලනඥයන් අපව වෙන් කළත්, ස්වභාවධර්මය අපව එක්සත් කරනවා. ඒ නිසා ඉක්වදෝර ජනතාවගේ කැමැත්තට රජය එකඟ කර ගැනීම වෙනුවෙන් අපි එක්ව වැඩ කරනවා ඔහු වැඩිදුරටත් පැවසීය. 

ස්වභාවධර්මයේ අයිතිවාසිකම් ( Rights of nature) රටේ ව්‍යවස්ථාවෙන් පිළිගත් ලෝකයේ ප්‍රථම ව්‍යවස්ථාව ඇත්තේද  එක්වදෝරයේය.

2008 වසරේදී  හිටපු ජනාධිපති රෆායෙල් කොරියා  විසින් ස්වභාවධර්මයයේ අයිතිවාසිකම් පිළිගෙන එය රටේ ව්‍යාවස්ථාවට එක්කොට ඇති ඇති අතර ඉක්වදෝර  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 71-74 වගන්ති මගින් පරිසර පද්ධතිවල පැවැත්මට සහ සමෘද්ධිමත් වීමට ඇති අයිතීන් පිළිගෙන තිබේ.

එමගින් ඊට එරෙහි වන්නන්ට එරෙහිව කිරීමට මිනිසුන්ට බලය ලබාදෙන අතර මෙම අයිතීන් උල්ලංඝනය කිරීම්වලට පිළියම් යෙදීමට රජය ක්‍රියාකළ යුතුව ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...