2022ට වඩා 2023 මුල් අර්ධයේ රජයේ ආදායම ඉහළ ගිහින් – ශ්‍රී ලංකා මහ බැංකුව

Share post:

2023 ජනවාරි සිට ජූනි දක්වා වසරේ මුල් අර්ධය තුළ දී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,317.05ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම අගය 2022 වසරේ පළමු අර්ධය තුළ දී වාර්තා වූයේ රුපියල් බිලියන 919.47ක් ලෙසයි.

මෙහිදී 2023 මුල් මාස 06 තුළ දී රජයේ බදු ආදායම රුපියල් බිලියන 798.80 සිට රුපියල් බිලියන 1,198.85ක් දක්වා වැඩි වී ඇති අතර, බදු නොවන ආදායම රුපියල් බිලියන 119.70 සිට රුපියල් බිලියන 116.03ක් දක්වා පහත බැස ඇත.

එසේම රුපියල් බිලියන 2.17ක ප්‍රදාන ප්‍රමාණයක් ද 2023 මුල් මාස 06 තුළ ලැබී ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...