2022ට වඩා 2023 මුල් අර්ධයේ රජයේ ආදායම ඉහළ ගිහින් – ශ්‍රී ලංකා මහ බැංකුව

418

2023 ජනවාරි සිට ජූනි දක්වා වසරේ මුල් අර්ධය තුළ දී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,317.05ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම අගය 2022 වසරේ පළමු අර්ධය තුළ දී වාර්තා වූයේ රුපියල් බිලියන 919.47ක් ලෙසයි.

මෙහිදී 2023 මුල් මාස 06 තුළ දී රජයේ බදු ආදායම රුපියල් බිලියන 798.80 සිට රුපියල් බිලියන 1,198.85ක් දක්වා වැඩි වී ඇති අතර, බදු නොවන ආදායම රුපියල් බිලියන 119.70 සිට රුපියල් බිලියන 116.03ක් දක්වා පහත බැස ඇත.

එසේම රුපියල් බිලියන 2.17ක ප්‍රදාන ප්‍රමාණයක් ද 2023 මුල් මාස 06 තුළ ලැබී ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.