ඇෆ්ගනිස්තානය : වයස අවුරුදු 10 ට වැඩිනම් ගැහැණු දරුවන්ට පාසැල් තහනම්

Share post:

වයස අවුරුදු 12 ට වැඩි සියලුම ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළ තලේබාන් රජය එම වයස් සීමාව වෙනස් කරමින් අවුරුදු 10 සහ 10 ට ගැහැනු ළමයින්ට පාසැල් අධ්‍යාපනය තහනම් කර තිබේ.

ඔවුන් එරට පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවලට උපදෙස් දී ඇත්තේ වයස අවුරුදු 10ට වැඩි ගැහැනු ළමයින්ට එම ආයතන වලට ඇතුල් වීමට ඉඩ නෙදෙන ලෙසයි.

මෙම නවතම නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නම් සඳහන් කිරීමට අකමැති අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන රාජ්‍ය නොවන සහ රාජ්‍ය ආයතන නිළධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නව නීතිය පිළිබඳ නිර්දේශ සහ නියෝග ලැබුණු තම ආයතන වලට ලැබුණු බවයි.

කෙසේවෙතත් එරට ගැහැණු දරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම මර්දනයන් ජාත්‍යන්තර රටවල දැඩි අප්‍රසාදයට හා විවේචනයට ලක් ව ඇත.

ඇෆ්ගන් කාන්තාවන්ගේ අඳුරු අනාගතය

මින් පෙර තලේබාන් රජය කාන්තා රූපලාවන්‍යාගාර පවත්වාගෙන යෑම තහනම් කළ අතර ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහ වෙනත් සංවිධානවල සේවය කිරීම තහනම් කළේය.

එමෙන්ම කාන්තාවන්ට ලෙඩුන්ට උපස්ථාන කිරීම හැර සියලුම ආකාරයේ රැකියා තහනම් කළ අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍රය ලබා දීම, බුර්කාව නොමැතිව එළිමහනේ ගැවසීම සහ පිරිමියෙකු නොමැතිව රට තුළ කුලී රථ වල ගමන් කිරීමද තහනම් කලේය.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...