ඇෆ්ගනිස්තානය : වයස අවුරුදු 10 ට වැඩිනම් ගැහැණු දරුවන්ට පාසැල් තහනම්

Share post:

වයස අවුරුදු 12 ට වැඩි සියලුම ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළ තලේබාන් රජය එම වයස් සීමාව වෙනස් කරමින් අවුරුදු 10 සහ 10 ට ගැහැනු ළමයින්ට පාසැල් අධ්‍යාපනය තහනම් කර තිබේ.

ඔවුන් එරට පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවලට උපදෙස් දී ඇත්තේ වයස අවුරුදු 10ට වැඩි ගැහැනු ළමයින්ට එම ආයතන වලට ඇතුල් වීමට ඉඩ නෙදෙන ලෙසයි.

මෙම නවතම නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නම් සඳහන් කිරීමට අකමැති අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන රාජ්‍ය නොවන සහ රාජ්‍ය ආයතන නිළධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නව නීතිය පිළිබඳ නිර්දේශ සහ නියෝග ලැබුණු තම ආයතන වලට ලැබුණු බවයි.

කෙසේවෙතත් එරට ගැහැණු දරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම මර්දනයන් ජාත්‍යන්තර රටවල දැඩි අප්‍රසාදයට හා විවේචනයට ලක් ව ඇත.

ඇෆ්ගන් කාන්තාවන්ගේ අඳුරු අනාගතය

මින් පෙර තලේබාන් රජය කාන්තා රූපලාවන්‍යාගාර පවත්වාගෙන යෑම තහනම් කළ අතර ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහ වෙනත් සංවිධානවල සේවය කිරීම තහනම් කළේය.

එමෙන්ම කාන්තාවන්ට ලෙඩුන්ට උපස්ථාන කිරීම හැර සියලුම ආකාරයේ රැකියා තහනම් කළ අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍රය ලබා දීම, බුර්කාව නොමැතිව එළිමහනේ ගැවසීම සහ පිරිමියෙකු නොමැතිව රට තුළ කුලී රථ වල ගමන් කිරීමද තහනම් කලේය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...