මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ටිප්ස්’

Share post:

“මං ආවා”
“මං දැක්කා”
“කොහෙදිද ?”
“උසාවිය ඉස්සරහදි”
“ඇයි කතා නොකළෙ ? හරි නරකයි”
“ගොඩක් කට්ටිය ඔයාව වට කරගෙන හිටියා. මාව එතන්ට මදියි කියල හිතුණ”
“මදියි කියල හිතෙන එක ඔයාගෙ පෞරුෂයෙ ප්‍රශ්නයක්. යු ආර අ රගර් රයිට්. ඇයි ඒක අමතක වුණේ. අනික ඔයාට මෙහෙම හිතන්න තිබුණා. මගේ අම්ම තාත්තා නෑදෑයො හොඳ බිස්නස්මන්ස්ල තමයි. හැබැයි ඒගොල්ලන්ට රගර් ගහන්න බෑනෙ. ඔයාට බිස්නස් බෑ. ඔය ෆීල්ඩ් එකේ ඔයා ගොඩක් පොපියුලර් කෙනෙක්”
“ඒ වුණාට ඒගොල්ලො මාව අඳුරන්නෑනෙ “
“බිස්නස් වලට එනකොට අපේ තාත්තවත් කවුරුවත් දන්නැතුව ඇති. ඒක එක්ස්පීරියනස් එකයි දක්ෂකමයි එක්ක එන දෙයක්. එක්දහස් නමසිය තිස් අටේ පෙබරවාරි දාහත් වෙනිදා කඹුරුපිටියෙ අනුලා කල්‍යාණවතී අම්මට සාමාන්‍ය දරුවෙක් ඉපැදුණා. එයා උපාලි විජේවර්ධන කියල එදා කවුරුවත් දැනං හිටියෙ නෑ. හරි. ඒක ඇති. කවද්ද අපි හම්බෙන්නේ ?”
“හෙට”
“බෑ. අදම”

මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ටිප්ස්’ සුරිය ප්‍රකාශනයක්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...