“මං ආවා”
“මං දැක්කා”
“කොහෙදිද ?”
“උසාවිය ඉස්සරහදි”
“ඇයි කතා නොකළෙ ? හරි නරකයි”
“ගොඩක් කට්ටිය ඔයාව වට කරගෙන හිටියා. මාව එතන්ට මදියි කියල හිතුණ”
“මදියි කියල හිතෙන එක ඔයාගෙ පෞරුෂයෙ ප්‍රශ්නයක්. යු ආර අ රගර් රයිට්. ඇයි ඒක අමතක වුණේ. අනික ඔයාට මෙහෙම හිතන්න තිබුණා. මගේ අම්ම තාත්තා නෑදෑයො හොඳ බිස්නස්මන්ස්ල තමයි. හැබැයි ඒගොල්ලන්ට රගර් ගහන්න බෑනෙ. ඔයාට බිස්නස් බෑ. ඔය ෆීල්ඩ් එකේ ඔයා ගොඩක් පොපියුලර් කෙනෙක්”
“ඒ වුණාට ඒගොල්ලො මාව අඳුරන්නෑනෙ “
“බිස්නස් වලට එනකොට අපේ තාත්තවත් කවුරුවත් දන්නැතුව ඇති. ඒක එක්ස්පීරියනස් එකයි දක්ෂකමයි එක්ක එන දෙයක්. එක්දහස් නමසිය තිස් අටේ පෙබරවාරි දාහත් වෙනිදා කඹුරුපිටියෙ අනුලා කල්‍යාණවතී අම්මට සාමාන්‍ය දරුවෙක් ඉපැදුණා. එයා උපාලි විජේවර්ධන කියල එදා කවුරුවත් දැනං හිටියෙ නෑ. හරි. ඒක ඇති. කවද්ද අපි හම්බෙන්නේ ?”
“හෙට”
“බෑ. අදම”
මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ටිප්ස්’ සුරිය ප්‍රකාශනයක්