‘‘ජනාධිපති සමාව‘‘ ඉවතට විසිකල පේරූ ශ්‍රේෂ්ඨාධිකරණය

Share post:

ඕනෑම රටක පාලකයාගේ බලයට හා වරප්‍රසාද වලට ඉහළින් එකී රටේ නිතිය හා අධිකරණය වඩා බලවත් නම් දේවල් සිද්ධවෙන්නෙ එහෙමයි. රටේ නායකයාගේ කැමත්ත එරට නිතියේ හා අධිකරනයේ කැමත්ත නොවුන විටක තමයි ඒ රටේ නිතීය හා අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය හා ගෞරවය කියන දේ නිතැතින්ම ඇතිවෙන්නෙ සහ ආරෝපිත එකක් නොවන්නෙ.

මේ ක්‍රියාදාමය හරිම සුවිෂේශී එකක් . මොකද ජනාධිපති සමාව ලැබෙන්නෙ පේරූවල ජනාධිපතිකෙනෙකුගෙන් ජනාධිපති කෙනෙකුට වීම නිසා .1990 ඉදන් 2000 දක්වා පේරුවල ජනාධිපති වෙලා හිටියෙ Alberto Fujimori. මේ ඇල්බාටෝ ෆුජිමෝරිගෙ නිල දශකය දූෂණ ඝාතන සහ සාපරාධී බිය වැද්දීම් වලට ප්‍රචලිත කාලයක්. මනුෂ්‍යත්වයට එරෙහි යුධ අපරාධ සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඒවෙනකොටත් ඔහුව නම් කරලයි තිබුනෙ.

එහෙම පාලකයෙක්ට පේරූ ජනතාව හිටියෙ කැමැත්තෙන්ද ? සහතික වශයෙන් ඔව්. මොකද එයා රටේ සිවිල් යුද්ධයකට නායකත්වය දුන්න සහ එය අවසන් කලා. ශයිනින් පාත් කියන වාමාංශික ගරිල්ලා ව්‍යාපරය අවසන් කලේ ජපන් සම්භවයක් තියෙන මෙන්න මේ ඇල්බාටෝ ෆුජිමෝරි. 1992 සැප්තැම්බරයේ දී ෂයිනිං පාත් ගරිල්ලා ව්‍යාපාරයේ නායකයා අල්ලා ගැනීමට ෆුජිමෝරිගේ ආණ්ඩුව සමත් වු අතර. එහි ප්‍රතිපලයක් ලෙස 1995 අප්‍රියෙල් 9 වන දින අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ෆුජිමෝරි නැවත තේරී පත් වුනා.

නමුත් එයාගෙ දෙවන ධුර කාලයේ අවසන් අවුරුද්දෙ විරෝධය පැනනැගුනේ පේරු ජනතාව වෙතින් නොවෙයි. විරෝධය පැන නැගුනෙ එයාලගෙ ක්‍රමය තුලින්මයි. ඒ කියන්නෙ විශ්වාසභංගයකින්. නියත ලෙසම විශ්වාසභංගයෙන් තමා පරාජය වන බව දැනගත් ෆුජිමෝරි ජපානයට පැනල යනව. මොකද ජපානයේ තමයි ඔහුගෙ අක්මුල් විහිදුන තැන. ෆුජිමෝරි ජපානයෙ ඉදන් ෆැක්ස් හරහා තමන්ගෙ ඉල්ලා අස්වීම ප්‍රකාශකරත් පේරු කොංග්‍රස් සභාව ඒක ප්‍රතික්ෂේප කරනව. නමුත් ඔහු 2005 දි චිලියෙ සංචාරයකදි අත්අඩංගුව අරන් පිටුවහල් කරනව පේරුවලට. එතැන ඉදන් ඔහුට එරෙහිව දූෂණ, වංචා සහ මිනිසුන් පැහැරගැනීම්, අතුරුදහන්කිරීම් සහ ඝාතණ සම්බන්ධයෙන් නඩු විභාගයට ගන්නවා.
.
ඇල්බර්ටෝ ෆුජිමෝරි 1990 ගණන්වල ඔහුගේ රජය වාමාංශික ගරිල්ලන්ට එරෙහිව සටන් කරන විට ආරක්ෂක අංශ විසින් ඝාතනය කිරීම සහ පැහැරගෙන යාමේ කාර්යභාරය හරහා ඔහු “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සම්බන්ධයෙන් වරදකරු වු විට පේරු ශ්‍රේෂඨාධිකරනය 2007දි ඔහුට වසර 25 ක සිර දඩුවමක් නියම කල අතර පේරු නීතියට අනුව ඊට එහා වරදකරුවෙකුට දඩුවම් නියම කල නොහැකියි.
දැන් අපි එනව ලිපියෙ මාතෘකාවට.

2017 දෙසැම්බරයේදී පේරුවල ජනාධිපති වෙලා හිටපු පේද්‍රෝ පැබ්ලෝ කුක්සිංස්කි 79 හැවිරිදි ෆුජිමෝරිට මානුෂීය සමාවක් ලබා දුන්න . ඒත්
ඔහුගේ සමාව සති තුනකට පමණයි වලංගු වුනේ. ශ්‍රේෂ්ඨාධිකරන නියමයන්ට අනුකුලව 2019 ජනවාරි 23 වන දින ෆුජිමෝරි නැවත සිරගෙට යවනව. මොකද පේරු නීතියට අනුව යම් පුද්ගලයෙකුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරනය දුන් දඩුවමක් ඒ රටෙි ජනාධිපතිට වෙනස් කරන්නවත් සමාව දෙන්නවත් බැ.

ප්‍රදීප් පීරිස්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...