මේ යුරෝපයේ ගිම්හාන සමය. ඒ සුන්දර කාල පරාසය සිහිවීමම ආනන්දයක්

Share post:

මේ යුරෝපයේ ගිම්හාන සමය. මේ කාලෙට මුළු යුරෝපයම සැණකෙලි භූමියක් බවට පත්වෙනවා. සීත කාලයට තටු පොරවාගෙන ගෙවල් ඇතුලට වෙලා ඉන්න පිරිස, ගිම්හානයට එළිමහනේ විසිරිලා ජීවිතය රස විඳිනවා. සංගීත සහ නර්ථන ප්‍රසංග, සිනමා උත්සව, චිත්‍ර ප්‍රදර්ශන, ග්‍රන්ත එළිදැක්වීම් වාගේ මෙකී නොකී සිදුවීම් දහස් ගනනක් මේ ගිම්හාන සමයේදී පැවැත්වෙනවා. ඒවාට ඉහල රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා. වාසනාවට මං මේ උත්සවයන්ට සක්‍රියව සහභාගි වෙලා සියැසින් දැකලා තියෙනවා. ඒ සුන්දර කාල පරාසය සිහිවීමම ආනන්දයක්. වතාවක් මං යුරෝපා ගිම්හානය ගතකළේ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ.

සාමාන්‍යයෙන් වියානා නගරයේ ප්‍රධාන ගිම්හාන උත්සව තුනක් පැවැත්වෙනවා. ඉනුත් සුවිශේෂම සිනමා උත්සවය තමයි වියානා නගර ශාලාව ඉදිරිපිට පැවැත්වෙන එක. මිලි මීටර් 120 පමණ විශාල තිරයක් ගොඩනගලා. ඒ ඉදිරිපිට පුටු හාර දහසක්.

මේ සිනමා උත්සවයේ විශේෂය වන්නේ මෙහි ප්‍රදර්ශනය කරන්නේ බටහිර ශාස්ත්‍රීය සංධවනි සහ ඔපෙරා පමණක් වීම. ලෝකයේ විවිධ රටවල, විවිධ අවස්ථාවල පැවැත්වූ, පටිගත කරනලද සජීවී ප්‍රසංග තමා මෙහි ප්‍රදර්ශනය කරන්නේ. මම සමාන්‍යයෙන් ආරම්භයේ සිට අවසානය දක්වා දින හතේම එකක් නෑර මේ සිනමාපට නරඹනවා.

දර්ශන පටන්ගන්නේ රෑ 9,30 ට. ගිම්හාන කාලයට යුරෝපයට කළුවර වැටෙන්නේ ඒ වෙලාවට. සමහර විට දහය වෙලාවලුත් තියෙනවා. සමහර දවස්වලට රාත්‍රී හත වෙනකොටත් පුටු 4000ම පිරිලා හමාරයි. එහෙම දවසට දාහක් හමාරක් හිටගෙනම චිත්‍රපට නරඹනවා. මේ කිසිම දර්ශනයකට මුදල් අයකිරීමක් නැහැ.

සාමාන්‍යයෙන් යුරෝපයේ මිනිසුන්ගේ රසිකත්වය හරීම ඉහලයි. සමහර සියුම් සංගීත ඛන්ඩ ඇහුනු, දැනුනු ගමන් වරුසාව වාගේ අත්පුඩි ගහනවා. එක දවසක් සමර් නයිට් ලව් සෝන්ග්ස් කියලා බර්ලිනයේ පැවැත්වූ ප්‍රසංගයක් තිරගත කළා. එහි අප්‍රිකානු සම්භවයේ ප්‍රකට ජෑස් ගීත ගායිකාවක් වන ඩී ඩී බ්‍රිජ්වෝටර් ගී ගැයුවා. එය විශිෂ්ට ගායනයක්. ඇයට නියමිත ගීත තුන ගායනා කොට හමාර වෙනවාත් සමගම එදා රාත්‍රියේ එතැනට එක්වී සිටි හාරදහසකට අධික පිරිසම නැගිටලා අත්පුඩි ගැහුවා. මේ දුටුවේ තිරයක් මත පතිත වුනු සිනමාපටියක් වග හැමෝටම අමතක වුනා.

මේ අවුරැද්දේ ප්‍රසංග බහුතරය මාර්ගගතව නරඹන්න අවකාශය සලසා දී තියෙනවා. ඒ සියල්ලට ඔබටත් නොමිලේම සහභාගි වෙන්න පුළුවනී. මිතුරනි මේ දූපතෙන් එහා ලෝකය හරීම ලස්සන බව සිහිතබාගන්න.

විෂ්ණු වාසු

2023 ජූලි

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...