මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා : පෙත්සම ප්‍රතික්ෂේප කළේ කාලයේ ප්‍රශ්නයක් නිසා : පොලිසිය නිවැරදි බවක් ශ්‍රේෂ්ඨාධිකරණය කියා නෑ !

Share post:

ගෝල්ෆේස් සහ රට පුරා 2022 මැයි 09දා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

‘රයිට් ටු ලයිෆ්’ සංවිධානය ඉදිරිපත් කර තිබූ අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මතු කළ මූලික විරෝධතා පිළිගනිමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම පෙත්සම ඊයේ (19) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි 09දා පෙරවරුවේ ගාලු මුවදොර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පස්වරුවේ දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට චෝදනා කළේය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මූලික විරෝධතාවක් මතුකරමින් කියාසිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම නිසි නීතිමය කාලසීමාව තුළ ඉදිරිපත් කර නොමැති බවයි. නියමිත කාලය ඉක්මවා ගිය පසු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති නිසා එය පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයා, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10දෙනකු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීම් කිහිපයකදී ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් කිහිපදෙනෙකු ම පැවසුවේ මෙය තාක්ෂණික දෝෂයක් මත සිදු කළ ප්‍රතික්ෂේප කිරීමක් බවයි. පොලිසිය එදින නිවැරදිව කටයුතු කළ බවක් එමගින් අදහස් නොවන බව ද එම නීතිඥවරුන් විසින් පෙන්වා දෙන ලදි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...