අධ්‍යක්ෂවරු 10න් 6ක් මැලේසියානු සමාගමේ පැත්ත ගනිති : මහා භාණ්ඩාගාරයටත් හොරෙන් ටෙලිකොම් සභාපති ඉවත් කරලා : නව සභාපති රියාස් මිහුලර් !

Share post:

ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු අදාළ ආයතනයේ කොටස් මිලදී ගත මැලේසියානු සමාගමේ අවශ්‍යතාව මත හදිසියේ ම එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රියාස් මිහුලර් පත්කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

ටෙලිකොම් පනත ප්‍රකාර ව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත කොට සම්මත කරගෙන ඇත. රියාස් මිහුලර් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ය.

ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) උදෑසන 9ට තමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බවත්, එහිදී අනපේක්ෂිත ලෙස සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, එම යෝජනාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනාගෙන් 6 දෙනෙකු අනුමත කළ බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු සඳහන් කළේය.

මෙවැනි යෝජනාවක් අද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ න්‍යායපත්‍රයේ සඳහන්ව නොතිබූ බව ද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මීට පෙර අදාළ මැලේසියානු සමාගම මගින් සඳහන් කර තිබුණේ සභාපතිවරයා මාරු කිරීම ඔවුන්ගේ කාර්යයක් නොවන බව යනුවෙනි. එහෙත් හදිසියේ ම එය වෙනස් වී ඇතැයි ද ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය පත්කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධ තීරණ ගැනීමේදී එය මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවත්, එය මෙහිදී ක්‍රියාත්මක නොවූ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියක සඳහන් කළේය.

2012 වසරේ සිට KPMG ගණකාධිකරණ ආයතනයේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රියාස් මිහුලර්, 2018 වසරේදී එහි මැදපෙරදිග සහ දකුණු ආසියාව බාර ප්‍රධානියා ලෙස පත්කෙරිණි. රටවල් 14ක කාර්යාල 30කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන KPMG හි 6,500කට අධික වෘත්තිකයෝ පිරිසක් සේවය කරති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...