අධ්‍යක්ෂවරු 10න් 6ක් මැලේසියානු සමාගමේ පැත්ත ගනිති : මහා භාණ්ඩාගාරයටත් හොරෙන් ටෙලිකොම් සභාපති ඉවත් කරලා : නව සභාපති රියාස් මිහුලර් !

Share post:

ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු අදාළ ආයතනයේ කොටස් මිලදී ගත මැලේසියානු සමාගමේ අවශ්‍යතාව මත හදිසියේ ම එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රියාස් මිහුලර් පත්කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

ටෙලිකොම් පනත ප්‍රකාර ව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත කොට සම්මත කරගෙන ඇත. රියාස් මිහුලර් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ය.

ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) උදෑසන 9ට තමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බවත්, එහිදී අනපේක්ෂිත ලෙස සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, එම යෝජනාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනාගෙන් 6 දෙනෙකු අනුමත කළ බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු සඳහන් කළේය.

මෙවැනි යෝජනාවක් අද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ න්‍යායපත්‍රයේ සඳහන්ව නොතිබූ බව ද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මීට පෙර අදාළ මැලේසියානු සමාගම මගින් සඳහන් කර තිබුණේ සභාපතිවරයා මාරු කිරීම ඔවුන්ගේ කාර්යයක් නොවන බව යනුවෙනි. එහෙත් හදිසියේ ම එය වෙනස් වී ඇතැයි ද ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය පත්කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධ තීරණ ගැනීමේදී එය මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවත්, එය මෙහිදී ක්‍රියාත්මක නොවූ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියක සඳහන් කළේය.

2012 වසරේ සිට KPMG ගණකාධිකරණ ආයතනයේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රියාස් මිහුලර්, 2018 වසරේදී එහි මැදපෙරදිග සහ දකුණු ආසියාව බාර ප්‍රධානියා ලෙස පත්කෙරිණි. රටවල් 14ක කාර්යාල 30කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන KPMG හි 6,500කට අධික වෘත්තිකයෝ පිරිසක් සේවය කරති.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...