“ඔබට අවැසි බිමක මේ කෙටිකතා පැල කරවා ගන්න”

Share post:

ප්‍රතිවිරෝධී හැඟීම් එකම මොහොතක අත්දැකීම කෙනෙකුට ජීවිතයේදී සවිඥානිකව ළඟා කර ගත හැකි ඉලක්කයක් නොවේ. සවිඥානයේදී මෙකී හැඟීම් අතර ඇත්තේ පැල්මකි. එහෙත් අවිඥානය ක්‍රියා කරනුයේ ඊට වෙනස් ආකාරයටය.එහිදී මෙම හැඟීම්වලට පසමිතුරුතාවකින් තොරව මුසුවීමට බාධාවක් නොමැත. සැබැවින්ම අප ආශා කරනුයේ එයටය. මිනිස් හැඟීම්වල මෙ⁣කී ප්‍රතිවිරෝධයන් මුසුවීමේ ප්‍රහර්ශය පාඨකයෙකුට විඳිය හැකි කෙටිකතා සංග්‍රහයක් ලෙස විරාජිනී තෙන්නකෝන් ගේ ‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’ හැඳින්විය හැකිය.

එහිදී අපි බලහත්කාරී නිවාස අඩස්සියක සිටින්නෙකුගේ වේදනාබර සතුට අත්දකිමු. සිරකරුවන් මෙන්ම එහි කාර්යමණ්ඩලයටද වැලඳෙන කැස්සෙහි කායික වේදනාවත් මානසික සහනයත් එකවර විඳිමු. දිවිනසා ගැනීමේ අපේක්ෂාවත් ජීවත්වීමේ ආශාවත් එකම මොහොතක පවත්නා අයුරු දකිමු. මිනිසුන්ගේ ව්‍යාජ සහ අව්‍යාජ බවටත් මිනිසුන් හඳුනා ගැනීමේ සංකීර්ණත්වයට සහ සරල බවටත් එකවිට අභිමුඛ වෙමු.

නීතිය පාදක කොට ගත් කෙටිකතා දෙකක් මෙහි අන්තර්ගත වේ. මෙහිදී නීතියට සම්බන්ධ ප්‍රධාන කොටස්කරුවන් වන විනිසුරන්ගේ, නීතිඥයන්ගේ මෙන්ම පොලිස් නිලධාරීන්ගේ සිතිවිලි සහ චර්යාවන්හි ක්‍රියාකාරිත්වය අපූරු ප්‍රබන්ධමය මානයකට හසු කර ගැනීමට කතුවරිය සමත් වේ. එම මානය තුළ උත්ප්‍රාසාත්මක අනුකම්පාවක් නොඅඩුව ගැබ්ව තිබේ. මෙම දෙබස් ඛණ්ඩ ඊට දෙස් දෙයි.

“බල්ලන්ගෙ පුකට පයින් ගහන්න එපා සර්. රිදෙන්නෙ රටේ නීතියට”.

“මීයො වුණත් නඩු පොත් කන්නෙ නෑ. තිත්ත රහයි”.

තවත් විටෙක විනිසුරුවරයෙකුට මී කතුරක් මිලදී ගැනීමට අවශ්‍ය වේ.මෙම මී කතුරු සහිත යකඩ බඩු කඩය පිහිටා ඇත්තේ පාර්ලිමේන්තු වීදියේය.
විරාජිනී මෙම කෙටිකතා සියල්ලම නිශ්චිතව නම් කළ හැකි සහ හඳුනා ගත හැකි භෞතික පසුබිමක ස්ථානගත නොකිරීම මෙහි ප්‍රමුඛ ලක්ෂණයකි. එහෙයින් ඇය පෙරවදනෙහි සඳහන් කරන්නාක් මෙන් “ඔබට අවැසි බිමක මේ කෙටිකතා පැල කරවා ගන්න”.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...