පැරාලිම්පික් පදක්කම් 3ක් හිමි දිනේෂ් සහ දුලාන් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවෙනුත් පදක්කම් ගෙනෙති !

Share post:

ප්‍රංශයේ පැවැත්වෙන 10 වැනි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පැරාලිම්පික් ශූර දිනේෂ් ප්‍රියන්ත ඊයේ (17) සමත් විය.

පිරිමි F46 කාණ්ඩය යටතේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ ඔහු ලෝකඩ පදක්කම හිමිකම් කීවේ මීටර් 65.38 ක දක්ෂතාවක් දක්වමිනි.

එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත්තේ මීටර් 65.41ක දස්කමක් දැක්වූ ඉන්දීයානු ක්‍රීඩක අජීත් සිං විසිනි.

මීටර් 65.38ක දුරක් වාර්තා කළ රින්කු හූඩා එහි දෙවැනි ස්ථානය පත්විය.

මෙය ලෝක මලල ක්‍රීඩා ශූරතාවයක දී දිනේෂ් දිනා ගත් තෙවැනි පදක්කම වූ අතර ඔහු මීට පෙර 2017 සහ 2019 තරගාවලිවල දී රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම 2021 වසරේදී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුණු පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීම F45 ඉසව්වට සහභාගි වුණු දිනේෂ් රන් පදක්කමකට හිමිකම් කීවේ නව ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.

එම ඉසව්වේදී ඔහු වාර්තා කළ දුර ලෙස සටහන් වූයේ මීටර 67.79 කි. එමෙන්ම ඔහු 2016 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ පැරාලිම්පික් උළෙලට සහභාගී වී F45 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ සමිත දුලාන් එම ඉසව්ව මීටර් 64.06ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

2021 ටෝකියෝ නුවර පැවැත්වුණු පැරාලිම්පික් උළෙලේ F44 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද සමිත දුලාන් විසිනි.

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...