වාර්තා පිට වාර්තා බිඳහෙලූ 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය : ලංකාවට 4 වැනි තැන

Share post:

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණු 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (16) අවසන් වූ අතර  ශ්‍රී ලංකාවට එහි සමස්ත පදක්කම් සටහනේ 4 වැනි ස්ථානය හිමිවිය.  පිළිවෙළින් එහි පළමු දෙවැනි සහ තෙවැනි ස්ථානය ජපානය, චීනය සහ ඉන්දියාවට හිමිවිය.  

මෙවර ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් වගේම ලෝකඩ පදක්කම් 3ක් එක්ක පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම වසර 50ක් පැරණි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ  වසර ගණනාවක් පරණ වාර්තා දෙකක් බිඳහෙලීමටද ශ්‍රී ලංකාව හැකිවිණි.  

2004 වසරේ උපත ලද තවමත් පාසල් ශිෂ්‍යාවක වන තරුෂි කරුණාරත්න තම වයසටත් වැඩි වාර්තාවක් වන සහ මීටර් 800 කාන්තා ඉසව්වේ  1998 වසරේදී චීනයේ ජියෑන් ෂැංන්ග් විසින් තබා තිබුණු වාර්තා අලුත් කළේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගිනි.  ඇය වාර්තා කළ කාලය 02: 01: 40  ලෙස සටහන් වූ අතර  එය මෙතෙක් ඇයගේ  හොඳම පෞද්ගලික කාලය ලෙස සටහන් වූවාය.  එමෙන්ම එම ඉසව්වේම ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්විය.  

මීටර් 400×4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2015 කටාර් කණ්ඩායම සතු වූ වාර්තාව අලුත් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිටුවනු ලැබූවේය.  ඔවුන් වාර්තා කළ කාලය ලෙස සටහන් වුයේ 03:01:56 කි.  

එමෙන්ම මෙම ශූරතාවලියේ පළමු රන් පදක්කම හිමිකර ගත්තේ කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කළ නදීෂා විසිනි.  ඇය  රන් පදක්කම හිමිකර ගත්තේ තත්පර 52යි දශම 6යි 1ක කාලයක් වාර්තා කරමිනි.
ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී වත්මන් ශූරතා වාර්තාවට හිමිකම් කියන දමයන්ති දර්ශා විසින් වූ අතර ඒ අනුව එය වසර 23කට පසුව ලැබූ රන් පදක්කමද එය විය. 

තරගාවලියේ පළමු දිනයේදීම හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවට ලෝඩක පදක්කමක් හිමිකර දුන් නදීශා ලේකම්ගේ ඇය විසින් වාර්තා කළ හොඳම දුර වාර්තා කිරීමට සමත් වූවාය. එමෙන්ම 400×4 කාන්තා සහාය දිවීම ඉසව්වේ රිදී පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවිණි.  තවද   මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම හිමි කර ගැනීමට සමත්විය.  මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගිවුණු ගයන්තිකා ආටිගලද ලෝකඩ පදක්කමකට හිමිකම්  කීවාය. 

එළැඹෙන සැප්තැම්බර් මාසයේදි  චීනයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට මෙන්ම 2024 දී  මාර්තු මාසයේ පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත සාර්ක් ක්‍රීඩා උළෙලට මුහුණ දීමට  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ජයග්‍රහය සුවිශිෂ්ට අස්වැසිල්ලක් වනු ඇත.  එමෙන්ම බොහොමයක් තරග ඉසව්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගවලට මුහුණ දීමට සඳහා අවශ්‍ය කරන පාරිසාධන මට්ටමට පත්ව නැති වීම කණගාටුවට කරුණකි.

තවත් බොහෝමයක් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රට අතහැර ගොස් ඇත.  මෙවැනි වාතාවරණයක්  තුළ මෙම ජයග්‍රහන හුදෙක් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ඔවුනොවුන්ගේ පුහුණුවීම් සහ කැපකිරීම් මත පමණක් ලබා ගත් ජයග්‍රහණ බව සඳහන් කළ යුතුමය.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...