“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව නාමය පමණක් නොව නොපවතින අධිරාජ්‍යයක සම්මානයක් බාරගත නොහැකි” – ඩොරිස් ලෙසිං

Share post:

‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – ඩොරිස් ලෙසිං

1919 ඔක්තෝබර් 22 වැනිදා යටත්විජිත සිම්බාබ්වේ හි උපත ලැබූ ඩොරිස් ලෙසිං (Doris Lessing) (1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාවයි. ඇගේ ‘The Grass is Singing’, සහ ‘The Golden Notebook’ ලොව පුරා ජනාදරයට පත්විය. බ්‍රිතාන්‍යය සිය යටත්විජිතවල වැසියන්ට සැලකූ පහත් ආකාරය පිළිබඳව සිය විරෝධය පළ කරනුවස් වරක් ඩොරිස් ලෙසිං ඇයට එලිසබෙත් රැජින විසින් 1977 දී පිරිණැමුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මානය (Order of British Empire) යන නම්බුනාමය ප්‍රතික්ෂේප කළේ නොපවතින අධිරාජ්‍යයක සම්මානයක් බාරගත නොහැකි බව පවසමිනි. එමෙන්ම 1992 දී ඇයට පිරිණැමුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව (Dame of British Empire) සම්මානයද එළෙසින්ම පිළිකෙව් කළාය.

නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබෙන විට 88 හැවිරිදි වූ ඩොරිස් තමා නොබෙල් ත්‍යාගය දිනා තිබෙන බව දැනගන්නේ නිවසට බඩු ගෙන ඒමට මාකට්ටුවට ගොස් යළි නිවසට පැමිණීමේදී, සිය ගේට්ටුව පිටත රැස්ව සිටි මාධ්‍යවේදීන්ගෙනි. ලේඛකයකුට තම ජීවිත කාලයේ ලැබිය හැකි ඉතාමත් ඉහළ පිළිගැනීම වන නොබෙල් සම්මානය තමාට ලැබී තිබෙන බව ඇසූ ඇගේ මුවින් පිටවූයේ, “අනේ ජේසුනේ,” යන වදන්ය. සියල්ල සම සිතින් ඉවසන නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ ඩොරිස් ලෙසිං ඉන්පසුව මාධ්‍යවේදීන් සමග සාකච්ඡාව පැවැත්වූයේ සිය නිවසේ එළිපත්තේ හිඳගෙනය. නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව ඇගේ අදහස් පවසන ලෙස මාධ්‍යවේදීන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් ඈ කීවේ, “මම යුරෝපයේ තියෙන හැම සම්මානයක්ම දිනාගෙන තිබෙනවා, හැම මගුලක්ම. ඒ ඔක්කොම දිනීම ගැන සතුටක් මට තියෙනව, මොන තරම් ගොඩක්ද… හරියට රාජකීය වැසිකිලියකට ගහපු වතුරපාරක් වගේ,” යැයි කීවේ ගුත්තිලයේ එන, “පර සතු මලින් පුද – ලද මුනි සඳුට දිය නද, වන පස මලින් පුද – කළ යි පවසනු කවර වරදද” යන පැදිය සිහිගන්වමිනි. ඩොරිස් ලෙසිං මිය යනවිට ඇගේ සම්පූර්ණ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 5කි.

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් 18 වන අගහරුවාදා සිට සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම අපගේ thetime.lk වෙබ් අඩවිය ඔස්සේ කොටස් වශයෙන් පළවේ.

මොහාන් ධර්මරත්න

Related articles

” ‘කන්ද උඩ ගින්දර’ නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා”

නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි...

“සෘතු සංහාරය” -(පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුන ඇති අදහසක් වනුයේ සාහිත්‍ය...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ !

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක...

තරිඳුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් පාරක යන හැඩක් !

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන...