“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව නාමය පමණක් නොව නොපවතින අධිරාජ්‍යයක සම්මානයක් බාරගත නොහැකි” – ඩොරිස් ලෙසිං

Share post:

‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – ඩොරිස් ලෙසිං

1919 ඔක්තෝබර් 22 වැනිදා යටත්විජිත සිම්බාබ්වේ හි උපත ලැබූ ඩොරිස් ලෙසිං (Doris Lessing) (1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාවයි. ඇගේ ‘The Grass is Singing’, සහ ‘The Golden Notebook’ ලොව පුරා ජනාදරයට පත්විය. බ්‍රිතාන්‍යය සිය යටත්විජිතවල වැසියන්ට සැලකූ පහත් ආකාරය පිළිබඳව සිය විරෝධය පළ කරනුවස් වරක් ඩොරිස් ලෙසිං ඇයට එලිසබෙත් රැජින විසින් 1977 දී පිරිණැමුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මානය (Order of British Empire) යන නම්බුනාමය ප්‍රතික්ෂේප කළේ නොපවතින අධිරාජ්‍යයක සම්මානයක් බාරගත නොහැකි බව පවසමිනි. එමෙන්ම 1992 දී ඇයට පිරිණැමුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව (Dame of British Empire) සම්මානයද එළෙසින්ම පිළිකෙව් කළාය.

නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබෙන විට 88 හැවිරිදි වූ ඩොරිස් තමා නොබෙල් ත්‍යාගය දිනා තිබෙන බව දැනගන්නේ නිවසට බඩු ගෙන ඒමට මාකට්ටුවට ගොස් යළි නිවසට පැමිණීමේදී, සිය ගේට්ටුව පිටත රැස්ව සිටි මාධ්‍යවේදීන්ගෙනි. ලේඛකයකුට තම ජීවිත කාලයේ ලැබිය හැකි ඉතාමත් ඉහළ පිළිගැනීම වන නොබෙල් සම්මානය තමාට ලැබී තිබෙන බව ඇසූ ඇගේ මුවින් පිටවූයේ, “අනේ ජේසුනේ,” යන වදන්ය. සියල්ල සම සිතින් ඉවසන නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ ඩොරිස් ලෙසිං ඉන්පසුව මාධ්‍යවේදීන් සමග සාකච්ඡාව පැවැත්වූයේ සිය නිවසේ එළිපත්තේ හිඳගෙනය. නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව ඇගේ අදහස් පවසන ලෙස මාධ්‍යවේදීන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් ඈ කීවේ, “මම යුරෝපයේ තියෙන හැම සම්මානයක්ම දිනාගෙන තිබෙනවා, හැම මගුලක්ම. ඒ ඔක්කොම දිනීම ගැන සතුටක් මට තියෙනව, මොන තරම් ගොඩක්ද… හරියට රාජකීය වැසිකිලියකට ගහපු වතුරපාරක් වගේ,” යැයි කීවේ ගුත්තිලයේ එන, “පර සතු මලින් පුද – ලද මුනි සඳුට දිය නද, වන පස මලින් පුද – කළ යි පවසනු කවර වරදද” යන පැදිය සිහිගන්වමිනි. ඩොරිස් ලෙසිං මිය යනවිට ඇගේ සම්පූර්ණ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 5කි.

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් 18 වන අගහරුවාදා සිට සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම අපගේ thetime.lk වෙබ් අඩවිය ඔස්සේ කොටස් වශයෙන් පළවේ.

මොහාන් ධර්මරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...