“මට හැඟුණා, යමෙකු වෙනුවෙන් පක්ෂව කතා කිරීමේ වගකීමෙන් ඉවත් වීමට මට අයිතියක් නැති බව. මිනිසුන්ගේ දුක් කම්කටොළු වලට, කඳු – උසට ගොඩගැසී ඇති නිමක් නැති දුක් කන්දරාවන් වලට හඬක් නැඟීම මගේ කර්තව්‍යයයි…”
ඉහත දැක්වෙන ප්‍රකාශය තම දින පොතේ සටහන් කලේ ජර්මානු කලාත්මක ප්‍රකාශනවාදිනියකු ලෙස නම් දැරූ ඛේතෙ කොල්විට්ස් Käthe Kollwitz (1867-1945) ය. රුසියාවේ කලිනින්ග්‍රාත් (Kaliningrad)නමින් මෙකල හඳුන්වන ප්‍රදේශයක ජූලී මස 08 වන දිනක උපත ලැබූ ඇය චිත්‍ර ශිල්පිනියක, මූර්ති ශිල්පිනියක මෙන්ම මුද්‍රණ ශිල්පිනියක ලෙස ද සිය හැකියාවන් ලෝකයට දායාද කළාය.
ප්‍රබල ලෙස කාන්තාවන් සහ කම්කරු පන්තිය කේන්ද්‍ර කරගත් සෞන්දර්යාත්මක දෘෂ්‍ඨියක් වර්ධනය කර ගනිමින් එවකට පිරිමින් විසින් ආධිපත්‍යය දරන ලද කලා ලෝකයක ඇය අභීතව මුල් බැස ගත්තාය. කොල්විට්ස් නිරන්තර ස්වයං-ආලේඛන ඇතුළු කාන්තා නියෝජනයන්, මෙන්ම කාන්තාවන් තවමත් කලාව තුළ තමන් නියෝජනය කිරීමට මාර්ග සාකච්ඡා කරමින් සිටි අවධියක ඇයගේ සහෝදර පුරවැසියන්ගේ දුෂ්කරතා ඵලදායී සූක්ෂම ලෙස ඇගේ ප්‍රථුල අනන්‍යවූ ශිල්පීය දක්ෂතාවන් ඔස්සේ සන්නිවේදනය කලාය. අමූර්ත ප්‍රකාශනවාදය Abstraction (පෙර වියුක්ත ලෙස හැඳින්වූ) කලාවෙහි උපත සිදුවූ වකවානුවක ඇගේ අනන්‍ය ස්වභාවික ශෛලිය ස්පර්ශයෙන් වියුක්තව දිස් වූ අතර, ඇය යොදා ගත් ඝන රේඛා ජාලයන් සහ සැහැල්ලු සහ අඳුරු පරස්පර ජාල හරහා ගැඹුර සහ චිත්තවේගීය බලය ලබා දී ඇති විශ්වීය මානව අත්දැකීම් පිළිබඳ ඇයගේ නිරූපණයන් ද ඇගේ කාල පරිච්ඡේදය පිළිබිඹු කරයි. නිදසුනක් වශයෙන්, පළමු ලෝක සංග්‍රාමයේදී සිය පුත්‍රයාගේ අහිමි වීම, ශෝකය නම් වූ විෂය සම්බන්ධයෙන් ඇගේ ජීවිත කාලය පුරාම ගවේෂණය කිරීමට හේතු විය. ඇයගේ නිර්මාණ සඳහා පාදක කරගත් මෝස්තර බොහොමයක් ඇය සොයා ගත්තේ ඇගේ චිත්‍රාගාරය ලෙස පවත්වාගෙන ගිය, මෙන්ම කම්කරුවන් සහ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වූ ඇගේ සැමියාගේ වෛද්‍ය සායනයෙනි.
මුලින් චිත්‍ර ශිල්පිනියක ලෙස පුහුණුව ලැබූ කොල්විට්ස් චිත්‍ර කලාව කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්තේ ඇය නිදහස් චිත්‍ර කලාව හරහා චිත්‍ර ඇඳීමේ නිශ්චිත කලාවෙහි (exacting art) සුරැකිතාව වෙනුවෙන් කටයුතු කල සහෝදර චිත්‍ර ශිල්පී මැක්ස් ක්ලින්ගර්ගේ නිර්මාණ සහ ලේඛන හමුවීමෙන් අනතුරුවය. 1890 න් පසු, ඇය කැටයම් සහ මූර්ති වලට පක්ෂව සිත්තම් කිරීම අත්හැර දැමූ අතර, පසුව ලිතෝග්‍රැෆි (lithography) සහ ලී කැපීම් (woodcuts) වෙත යොමු විය. එක් තාක්‍ෂණ ක්‍රම වේදයකින් තවත් තාක්‍ෂණයකට ගමන් කරමින්, ඇය කාලයත් සමඟ ඇගේ දෘශ්‍ය භාෂාව වඩ වඩාත් සරල කලාය. චිත්‍ර ඇඳීමේ සවිස්තරාත්මක ගුණාංගය(detailed quality of drawing), යුද්ධයේ සහ එහි වින්දිතයන්ගේ සැබෑ දරදඬු යථාර්ථය නිරූපණය කිරීම සමඟ ඇගේ උදවේගයන් හා මනාව ගැලපේ.
අවශ්‍යතා ඇති අය කෙරෙහි තිබූ කොල්විට්ස් ගේ මානව දයාව නිසා ඇයට අඛණ්ඩව ජාත්‍යන්තර කීර්තියක් හිමිවිය. වර්තමානයේ වියෝ වූ මව්වරුන්, රෝගාතුරව සිටින්නන්, පියා අහිමි දරුවන්, දුක් වේදනාවෙන් පෙළෙන දෙමාපියන් සහ පොදුවේ දුක් විඳීමේ සහ මරණයේ සංකල්පමය රූප ක්ලෝවිට්ස් ගේ නාමය අවදි කරයි. 1924 ඇය විසින් නිම කරන ලද ‘සාගින්නේ පෙළෙන ජර්මානු දරුවෝ’, ‘පාන්’ සහ’නැවත් කිසිදා යුද්ධයක් එපා’ (Germany’s Children Starving, Bread, and Never Again War) පෝස්ටර තුන ඇගේ අන් සියලු බොහොමයක් නිර්මාණ අභිබවා ජනප්‍රියත්වයක් ඉසිලීය. එමෙන්ම ඇයගේ කීර්තිය, එහි සමාජීය වශයෙන් විවේචනාත්මක විෂය කරුණු මගින් බොහෝ දුරට නිර්වචනය කර ඇති අතර, ඇයගේ කලාත්මක ප්‍රශස්තභාවය සහ පුළුල් පරාසයක මාධ්‍යයන් තුළ අත්හදා බැලීම් සඳහා ඇති තල්ලුව මත රඳා පවතී. කොල්විට්ස් බොහෝ විට අපේක්ෂිත සංකල්ප රූපය ලබා ගැනීම සඳහා විවිධ මුද්‍රණ ශිල්පීය ක්‍රමවේද සම්මිශ්‍රණය කලාය. ඇයගේ මුද්‍රණවලින් බහුතරයක් කළු-සුදු වුවත්, ඒවායින් සැලකිය යුතු සංඛ්‍යාවක් ඇය චිත්‍ර ශිල්පිනියක වීමට ඉගෙන ගන්නා විට ඇගේ ආරම්භය පිළිබිඹු කරන වර්ණය කෙරෙහි ඇති උනන්දුව ප්‍රකාශ කරයි.
කොල්විට්ස්, ප්‍රාශා කලා ඇකඩමියට (Prussian Academy of Arts) තේරී පත් වූ ප්‍රථම කාන්තාව වූ අතර 1919 දී ගෞරවනීය මහාචාර්ය ධූරයක්ද ප්‍රථමවරට ඇය විසින් ලබා ගන්නා ලදී. එනමුත් පැවති දේශපලනික හේතූන් මත1933 දී නාසි වාදීන් ඇයව පීඨයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන ලදී. එපමණක්ද නොව ඇයගේ කෘති කෞතුකාගාරවලින් බැහැර කර, ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලදී. ගෙස්ටාපෝව (ජර්මානු නාසි නිල රහස් පොලීසිය) විසින් ඇයව අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරකට පිටුවහල් කරන බවට තර්ජනය කළ නමුත් ඇගේ ජාත්‍යන්තර කීර්තිය විසින් ඇයව මුදා ගනු ලැබිනි. එනමුත් අභාගයකට මෙන්,ඇයගේ අගනා කලා කෘතින් බොහොමයක් දෙවන මහා ලෝක යුධ සමයේදී ලෝකයට අහිමි විය.
කොල්විට්ස් ජර්මානු ප්‍රකාශනවාදයේ අවසාන ශ්‍රේෂ්ඨ වෘත්තිකයා වූ අතර බොහෝ විට 20 වැනි සියවසේ සමාජ අසාධාරණයට, යුද්ධයට සහ අමානුෂිකත්වයට ගොදුරු වූවන් වෙනුවෙන් හඬ අවධි කල කැපී පෙනෙන ප්‍රමුඛතම කලාකරුවා ලෙස සැලකේ. ඛේතෙ කොල්විට්ස් ගේ නිර්මාණ සඳහා කැප වූ කෞතුකාගාරයක් 1985 දී ජර්මනියේ Cologne හි විවෘත කරන ලද අතර, වසරකට පසුව බර්ලිනයේ දෙවන කෞතුකාගාරය ද මහජනයාට විවෘත කරන ලදී.
ගයාත්‍රී තන්තිරිවත්ත
2023/07/09