ඇන්ටන් චෙකෝව් සැඳෑව අද (28 ) ප.ව.3.00ට රුසියානු මන්දිරයේදී

Share post:

28 වන බදාදා ප.ව.3.00ට කොළඹ නිදහස් මාවතේ රුසියානු මන්දිරයේදී.

ආචාර්ය ගුණදාස අමරසේකර
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
මහාචාර්ය සරත් විජේසූරිය
සුනිල් සරත් පෙරේරා
ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ
ආචාර්ය රංජිත් ධර්මකීර්ති
චූලානන්ද සමරනායක
මහින්ද සෙනරත් ගමගේ

යන සාහිත්‍යවේදීන්ගේ, පරිවර්තකයින්ගේ සහ සාහිත්‍ය පර්යේෂකයින්ගේ විද්වත් සම්ප්‍රදානයෙන් ද
කමල් පෙරේරා (ආරාධිත‍ දේශනය-සමකාලීනයින්ගේ සැමරුම් සටහන් සහ ලියුම් ඇසුරෙන් හෙළිවන ඇන්ටන් චෙකෝව් චරිතය) සහ කරුණාරත්න අමරසිංහ (මුඛ්‍ය දේශනය-ඇන්ටන් චෙකෝව්: විශ්ව නාට්‍ය සහ කෙටිකතා කලාවේ පෙරළිකරු) දේශකවරුන්ගේ සාහිත්‍ය විශ්ලේෂණයෙන් ද
ප්‍රභාමත්වන මෙම සැඳෑවට රුසියානු සාහිත්‍යලෝලී ඔබ සැමට කෙරෙන ආරාධනයයි මේ!
චෙකෝෆ් සහ ඔහුගේ නිර්මාණ කලාව ගැන ඔබ සිතෙහි තෙරපෙන නැවුම් අදහස් වෙන කවර දිනෙක බෙදාහදා ගන්නද? පැමිණෙන්න, අපි කතා කරමු!

රුසියානු සාහිත්‍ය කවය, කොළඹ රුසියානු මන්දිරය

ඇන්ටන් චෙකෝව් ඔබ කැඳවයි

“දෙවියන් වහන්සේ මැවූ මේ ලෝකය යහපත්ය. අයහපත් දෙයකට ඇත්තේ එකක් පමණෙකි. ඒ, අපි වෙමු. සාධාරණත්වය හා නිහතමානබව අප කෙරෙන් පළවනුයේ කෙතරම් සුළුවෙන්ද! අප දේශප්‍රේමිත්වය අවබෝධ කොටගෙන තිබෙනුයේ කෙතරම් මුග්ධ ලෙසින්ද! බීමත්, බෙලහීන, අවකල් ක්‍රියා ඇති සැමියා තම බිරිඳට හා දරුවනට පෙම්කරයි. එම ප්‍රේමයේ ඇති අරුත කුමක්ද? පුවත්පත්වල සඳහන් වන අන්දමට අපි අපේ මව්බිමට ප්‍රේම කරන්නෙමු. එහෙත් එම ප්‍රේමය නිරූපණය වන්නේ කුමක් මඟින්ද? වෘත්තීය දක්ෂතාව හා සුදුසුකම් වෙනුවට අලජ්ජීබව හා පමණ ඉක්මවූ ආත්ම උඩඟුව ය. වෙහෙස මහන්සියෙන් වැඩකිරීම වෙනුවට අලසබව හා නීචකමයි. සාධාරණත්වයක් නැත. ‘නිල ඇඳුමේ ගරුත්වයට’ එහා ගිය ගරුත්වයක් පිළිබඳ වැටහිමක් නැත. එහෙත් මේ කියන නිල ඇඳුම අප රටේ චූදිතයින්ගේ කූඩුවල සාමාන්‍ය ආභරණයක් බවට පත්ව තිබේ. වැඩ කළ යුතුව තිබේ. සෙසු සියලු දේ නොසලකා සිටිය හැකි ය. ප්‍රධානම දේ වනුයේ සාධාරණ වීම ය. සෙසු සියලු දේ ගොඩනැ‍‍ඟෙනු ඇත. මට ඔබ සමඟ කතාබහ කිරීමේ බලවත් ආශාවක් ඇත. මාගේ අධ්‍යාත්මය උණුවෙමින් නටයි. ඔබ හැර වෙනත් කිසිවකු මට නුවමනා ය. මන්දයත් කතාබහ කළ හැක්කේ ඔබ සමඟ පමණක් වන හෙයිනි.”

ඇන්ටන් චෙකෝව්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...