තවත් සේවාදිගුවක් පිළිබඳ ජ්‍යේෂ්ඨයන් කළකිරීමෙන් : පොලිස්පති ධුරයට නොකැළැල් කෙනෙක් පත්කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙවැනි වරටත් ජනාධිපතිට ලියයි !

Share post:

ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා ලෙස පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිලධාරියකු පත්කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මෙන්ම නීතියේ ආධිපත්‍යයට ද පොලිසිය කෙරෙහි පවතින මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව නීතීඥ සංගමය පෙන්වා දෙයි.

පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත කිරීමට පෙර, පත්වීම් සඳහා නිර්දේශ හෝ අනුමත කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තීරණය කළ යුතු බව ද නීතීඥ සංගමය අවධාරණය කරයි.

නීතීඥ සංගමය කියා සිටින්නේ පොලිසිය කෙරෙහි මහජන විශ්වාසයේ බරපතල බිඳවැටීමක් සිදුවී ඇති බවයි.

මෙම ලිපිය යොමු කර ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි විසිනි.

මීට පෙර ද නීතිඥ සංගමය විසින් මෙවැනි ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණි. ඒ වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා කාලය අවසන් වූ පසුගිය මාර්තු 26ට ආසන්න දිනක ය.

ඉන්පසු ඔහුට මාස 03 ක සේවාදිගුවක් ලබාදීමට කටයුතු කෙරිණි.

එම සේවාදිගුව ඊයේ (26) අවසන් විය. මෙතෙක් නව පොලිස්පතිවරයෙකු පත්කර නැති අතර, චන්දන වික්‍රමරත්නට මාස එක හමාරක තවත් සේවාදිගුවක් ලබාදීමේ සූදානමක් සම්බන්ධයෙන් ද වාර්තා පළ විය.

කෙසේ වෙතත් එසේ දිගින්-දිගටම සේවාදිගු ලබාදීම ද බරපතළ තත්ත්වයකි. මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කළ්කිරීමට පත්ව සිටින බව එමෙ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨත්ව අනුපිළිවෙලින් සුදුසුකම් ලබාසිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම චෝදනා එල්ල වී තිබීම නිසා නව පොලිස්පතිවරයා පත්කිරීම අර්බුදයක් බවට පත්වී ඇත.

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...