පළායමින් සිටින විශ්ව සාහිත්‍ය මිනිසාට 76 යි !

Share post:

Many Happy Return Of The Day to Man on the Run

අතකින් මරණ වරෙන්තුව ද අනෙක් අත, අභීත පන් හිදක් ද දරනා ලොව අසමාන ලේඛකයා සල්මන් රෂ්ඩි ගේ 76 වන ජන්ම දින සැමරුම.
ලෝකයේ අතිශය විවාදයට හා ගෞරවයටත්, අගැයීමටත් මෙන්ම තවත් විශාල පිරිසකගේ වෛරයටත් බදුන්ව මරණයේ අසිපත හිස උඩින් නිරන්තර ලෙළ දෙද්දී අභීතව සිය පෑන බිම නොතැබූ අපේ කාලයේ ලේඛන වීර ආඛ්‍යානය,සල්මන් රෂ්ඩි (Salman Rushdie) සිය 76 වන ජනම දිනය අද සමරයි.
පසුගිය වසරේ අගෝස්තුවේ දී අන්තවාදීයෙකුගේ මිලේඦ්ජ පිහි පහාරකට ළක්ව එක ඇසක්ද ,එක අතක ක්‍රියාකාරීත්වයද දුර්වලත්වයකට ළක් වූ වීර ලේඛන පෞරුෂය .

1947 ජුනි මස 19 වන දින අපේ අල්ලපු රටේ උපත ලද මේ මහා ලේඛකයා අද විප්‍රවාසීව අන්තවාදීන්ගෙන් ලැබෙන අඛණ්ඩ මරණ තර්ජනද මැදින් ද සිය අභීත ලියවීම උදෙසා වූ කැපවීම හා එහි තදින්ම නියැලීම කිසිසේත්ම අත්නොහැරි වත්මන් විශ්ව සාහිත්‍යයේ විවාදාපන්න සාහිත සළකුණ රෂ්ඩි.

1988 දී ලියන ලද සිය සිව්වන ග්‍රන්ථය වන The Satanic Verses(සාතන් ගේ කවි) නිසා 1989 පෙබරවාරි 14 දින එවකට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමෙයිනිගේ අතින් ලැබූ මරණ වරෙන්තුව අද දක්වාම අතැතිව,එය නිසාම සිය උපන්බිමෙන් ද විප්‍රාසිව සිටින මේ අදීන මිනිසා එය වදයක් කර නොගනමින් තව තවත් විශිෂ්ට ග්‍රන්ථයන් සාහිත්‍යය ලොවට ලබා දෙමින් යන සිය ආන්දෝලනාත්මක සාහිතගමන ලොව මවිත කරමින් පවතියි. මෙය ඔහු අතින් මෙතෙක් ලියවුණු හොදම කෘතිය නොවන අතර විවාදාපන්ම හා අන්තවාදීන්ට රෂ්ඩිව එපමෙ වුන,ආන්දෝලනාත්මක ම කෘතියයි.

මරණ වරෙන්තුවෙන් කම්පිත නොවී ඉන් පසුව ඔහු ලියූ ලොව අග්‍රගණ්‍ය සාහිත්‍යය නිර්මාණකරණය පිළිබඳව ඔහුගේ ඇති නැමියාව හා උනන්දුව පුදුම කරනවන සුඵය.ඔහුට මරණ තර්ජන ලිවීමටප්‍රබල උත්තේජනයක් සපයා ඇත.

1981 දී ඔහු ලියූ සිය දෙවන නවකතාව වන Midnight Children (මැදියම් රැයේ දරුවෝ) කෘතියට ජාත්‍යන්තර බුකර් සම්මානය හිමිකරගන්නා ඔහු ,එයටම The best Novel of the all winners යන ගෞරව සම්මානයද එම වසරේදීම හිමිකර ගනු ලබනවා. රෂ්ඩි පිළිබඳව ප්‍රබලව ජාත්‍යන්තර අවධානයට ළක්වන්නේ ඉන් පසුවයි.

ඉන්දියානු නිදහස් අරගලයෙන් පසු පත්වන පාලකයන් මෙරට මෙන්ම ඉන්දියාවේ ද කරනු ලැබූ රැවටිල්ල කදිමට ප්‍රබල සංකල්පරූපකයන් මගින් කියවෙන අති ප්‍රබල නවකතාව එයයි ඔහුගේ.

ගාර්සියා මාකේස් ගේ සියවසක් හුදෙකලාව ග්‍රන්ථය ට පමණක් දෙවෙනි වෙන ලෝකයේ මෙතෙක් ලියවුණු අතිශය අසාමාන්‍ය නිශ්පන්න ,අති විස්තරාත්මක දිගු ,විකේනද්‍රික කෘතිය ලෙස ජාත්‍යන්තර ටයිම්ස් සඟරාව මෙම පොත නම් කිරීමද ඔහුගේ ලේඛන මහාරුත්වය පිළිබඳව කියවිය හැකි එක නිදසුනක් ය.

එමෙන්ම 2017 දී ඔහු ලියූ The Golden House කෘතියද ⁣සාහිත්‍ය ලොව පුරා අතිශය පාඨක ජනාදරයට ළක් විය.තවද ඔහුගේ සියලුම කෘතීන් එකිනෙනකට එකක් නොදෙවෙනි ලෙස සාහිත්‍යය වශයෙන් ඉතා ඉහළින් ම තිබෙන බව ද එම සෑම කෘතියක්ම අතිශය විවාදාපන්න බවද ලොව සාහිත පාඨක විචාරක අදහසයි.

සල්මන් රෂ්ඩි මුලින්ම ලාංකීය පාඨකයන් වෙත හදුන්වා දුන් සමන් වික්‍රමාරච්චි මහාතා ඔහුගේ විශිෂ්ට කෘතියක් වන The Juguar Smile, “අදුන් දිවි හිනාව” නමින් ලාංකීය සාහිත්‍යය වෙතට ගෙන එනු ලබනවා. නිකරගුවාවේ සිදුවූ දේශපාලන අරගලය පාදක කරගත් සත්‍යවාදී යථාර්ථවාදී ප්‍රබන්ධක් ලෙස එය ඇ⁣ගයේ.

එමෙන්ම ඔහුගේ තවත් විශිෂ්ඨ නවකතාවක් වන Shame “නින්දාව” ලෙසින් ප්‍රවීන පරිවර්තක පසන් කොඩිකාර විසින් පරිවර්තනය කරනු ලබනවා. තවද ඔහුගේ තවත් විශිෂ්ට කෘතියක් වන Furi නම් ප්‍රබන්ධය ,”උන්මාදය” ලෙසින් ප්‍රවීන පරිවර්තිකාක් වන අනුල ද සිල්වා විසින් පරිවර්තනය කර ලාංකීය සාහිත්‍යය ට එක්කර ඇත.එහෙත් මේ විශිෂ්ඨ ලේඛකයාගේ තවත් බොහෝ කෘති සිංහල ට පරිවර්තනය විය යුතුවම ඇත. එහෙත් ඔහුගේ සාර භාෂාවත් එහි ඉන්ද්‍රජාලිකමය හැකියාව පරිවර්තකයින් හට තරමක් දුරස් ව ඇති ඔහුගේ ලේඛන ව්‍යහාරය වෙනත් භාෂාවකට නැංවීම අතිශය අසීරු කාර්යක් ලෙසද සාහිත්‍ය තුළ අදහසක් පවතී.

සල්මන් රෂ්ඩි විසින් එතෙක් මෙතෙක් ලියන ලද විශිෂ්ටම නවකතාව හා විස්මිතම ප්‍රබන්ධය ලෙස ලොව පුරා මහාත් ප්‍රක්‍රට Midnight Children කෘතිය ලංකාව් පරිවර්තන සාහිත්‍යය පෝෂණයට ප්‍රබල දායකත්වයක් සැළසූ ප්‍රකාශන ආයතනක් මගින් සිංහලට පරිවර්තිතව ලගදීම ප්‍රකාශනයට පත්වන බවත් සල්මන් රෂ්ඩි ගේ 76 වන උපන් දින සැමරුම්‍ දිනයේදී සටහන් තබන්නේ,ලගදීම ලාංකීය පාඨකයන් ⁣හට ලොව විශිෂ්ට සාහිත්‍යය කෘතියක පහස සිය බසින් විද ගැනීමට ලැබෙන ප්‍රහර්ශය ද සමගිනි.

(එහෙත් එය සිංහලට පරිවර්තනය වන්න දශක හතරක්ම ගතවීම සැළකිය යුතු කතා බහාකට කරුණක්. )
නිරන්තරයෙන්ම තම හිසට ඉහළින් ලෙළ දෙන මාරාන්තික අසිපතක අත නොහැරෙන සෙවනැල්ලක අදුරු බරින් වෙහෙසව වුවද නිර්මාණකරණය පිළිබඳව වූ සිය අභීත පෞරුෂය ද නොමදව විදහා දක්වමින් නිර්මාණකරණයේ යෙදෙන මේ අසහාය මහා ලේඛකයාණන් හට සුබ උපන් දිනක් මෙන්ම නිරෝගී සුව හා දීර්ඝායුෂ පතනට, වඩාත් යහාහපත් ලොවක් උදෙසා වන සියලු බලාපොරොත්තු සමග වන මිනිසුන් හා එක් වෙමු.

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

සල්මන් රෂ්ඩි ගේ සාහිත දිවිසැරියේ ප්‍රකාශිත ප්‍රකාශන සටහන්.

Grimus (1975)

Midnight’s Children (1981)

Shame (1983)

The Satanic Verses (1988)

The Moor’s Last Sigh (1995)

The Ground Beneath Her Feet (1999)

Fury (2001)

Shalimar the Clown (2005)

The Enchantress of Florence (2008)

Two Years Eight Months and Twenty-Eight Nights (2015)

The Golden House (2017)

Quichotte (2019)

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...