ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද තරග බිමට

Share post:

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ බුලවායෝ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට දිවා තරගයක් ලෙස මෙම තරගය ආරම්භ වීමට නියමිතය.

සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ B කාණ්ඩය යටතේ යි.

මේ යටතේ ශ්‍රී ලංකාව අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග තරග වැදීමට නියමිත අතර ජුනි 23 ඕමානය සමග සහ ජුනි 25 අයර්ලන්තය සමග තරග වැදීමට නියමිතය.

එමෙන්ම ජුනි 27 වැනිදා ස්කොට්ලන්තය සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරග බිමට පිවිසෙන අතර B කාණ්ඩයේ මුල් කණ්ඩායම් තුන අතරට පැමිණීමට නම් අවම වශයෙන් ශ්‍රී ලංකාවට මෙම තරග 4න් තරග 2ක් ජය ගැනීමට සිදුවනු ඇත.

කෙසේවෙතත් එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණු අතර එහිදි නේපාල කණ්ඩායම පරදා කඩුලු 08 කින් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණු අතර ඇමෙරිකානු කණ්ඩායම පරාජයට ලකුණු 39 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

තරග ද්විත්වයම සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...