ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද තරග බිමට

Share post:

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ බුලවායෝ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට දිවා තරගයක් ලෙස මෙම තරගය ආරම්භ වීමට නියමිතය.

සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ B කාණ්ඩය යටතේ යි.

මේ යටතේ ශ්‍රී ලංකාව අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග තරග වැදීමට නියමිත අතර ජුනි 23 ඕමානය සමග සහ ජුනි 25 අයර්ලන්තය සමග තරග වැදීමට නියමිතය.

එමෙන්ම ජුනි 27 වැනිදා ස්කොට්ලන්තය සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරග බිමට පිවිසෙන අතර B කාණ්ඩයේ මුල් කණ්ඩායම් තුන අතරට පැමිණීමට නම් අවම වශයෙන් ශ්‍රී ලංකාවට මෙම තරග 4න් තරග 2ක් ජය ගැනීමට සිදුවනු ඇත.

කෙසේවෙතත් එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණු අතර එහිදි නේපාල කණ්ඩායම පරදා කඩුලු 08 කින් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණු අතර ඇමෙරිකානු කණ්ඩායම පරාජයට ලකුණු 39 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

තරග ද්විත්වයම සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...