පළමු LPL ක්‍රීඩක වෙන්දේසිය අද

Share post:

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය අද (14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මෙතෙක් මේ තරගාවලිය ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය හරහා සිදු වූ අතර, මෙවර ක්‍රීඩකයන් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදු කිරීම විශේෂත්වයකි.

වෙන්දේසියක් තුලින් ක්‍රීඩකයන් තෝරා ගන්නා තෙවැනි ලීගය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වන අතර දෙවැනි ලීගය වන්නේ
දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීග් තරගාවලියයි.

ඔවුන් පසුගිය 2022 වසරේ සිට වෙන්දේසියක් හරහා ක්‍රීඩකයින් තෝරා ගනීමට සිදු කිරීමට කටයුතු කළේය.

පළමු වරට ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදුකළේ ඉන්දීය ප්‍රීමියර් ලීගය සඳහායි.

විදේශීය ක්‍රීඩකයන් 156ක් ලියාපදිංචි වී සිටින අතර, දේශීය ක්‍රීඩකයන් 204ක් ද ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

ඒ අනුව ක්‍රීඩකයන් 360ක් කාණ්ඩ දෙකකට වර්ග කොට ඇති අතර, අදාල රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කළ හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් ඒ අතර වේ.

මෙවර තරගාවලියේදී තරග වදින කණ්ඩායම් සඳහා, විදේශීය ක්‍රීඩකයන් 6ක් ඇතුළත් කර ගත යුතුව ඇත.

වෙන්දේසිය පස්වරු 3ට ආරම්භ කෙරෙන අතර, වෙන්දේසිය වට 51කින් සමන්විත වේ.

ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල අවුරා, කැන්ඩි ෆෝල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් ලෙස මෙවරද කණ්ඩායම් 5ක් තරග වදියි.

පසුගිය වසරේදී Colombo Stars ලෙස තරග කල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී එය Colombo Strikers ලෙස මෙවර තරගාවලියට එක්වෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...