පාන් ආඥා පනත අවලංගුයි ! අලුත් පාන් ගෙඩියක් ?

Share post:

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (12) මෙම තීරණය ගෙන ඇත. 1864 අංක 13 දරන මෙම ආඥා පනත අවලංගු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනය කර සිටී.

‘පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක වූ පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවා ඇත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටළු පැනනැගෙන අවස්ථා ඇති නිසා එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැති බව හඳුනාගෙන තිබේ.’

ඒ අනුව අදාළ ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙසේ අනුමැතිය හිමි වී ඇත.

අලුත් පාන් ගෙඩියක් ?

මේ අතර වසර 66කින් සංශෝධනය නොවූ පාන් ආඥා පනත යාවත්කාලීන කොට නීතියේ සිදුරු වැසීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් වටිනාකමට සරිලන බරින් යුත් පාන් ගෙඩියක් පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බව කිරුම් හා මිනුම් පරීක්ෂණකරුවන්ගේ වෘත්තීය සංගමය මීට පෙර අවධාරණය කර තිබිණි.

ඇසුරුම් ආහාරවල මිල හා බර එහි ඇසුරුමේ සඳහන් කිරීම නිවැරදි ක්‍රමය වුවත්, පාන් ආඥා පනතේ අඩුපාඩු භාවිත කරමින් ඇතැම් නිෂ්පාදකයන් නියමිත ප්‍රමිතියෙන් තොර පාන් නිෂ්පාදනය කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දුලිත් අශෝක චෝදනා කර තිබිණි.

‘නිදහස ලැබිලා මේ වන විට වසර 74ක් ගතවී තිබුණත් අපි තවමත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හඳුන්වා දුන් 1864 අංක 13 දරන පාන් ආඥා පනත තියාගෙන ඉන්නවා. අට වරක් සංශෝධනය වෙමින් 1956 පාන් ආඥා පනත නමින් නිකුත් කළ පනතක් තමයි තවමත් ක්‍රියාත්මක වන්නේ. පහුගිය කාලයේ ග්‍රෑම් 500 ග්‍රෑම් 250 බරට තිබූ බිස්කට් පැකට්වල බර ග්‍රෑම් 400, 200 බවට පත් වුණා. ඒත් මෙය නීතිමය ගැටලුවක් බවට පත් වුණේ නැත්තේ පැකට් කළ භාණ්ඩයේ අඩංගු බර ප්‍රදර්ශනය වීම මතයි. එලෙස බර ප්‍රදර්ශනය වෙනවා නම් එය නිවැරදියි. පාන් ආඥා පනතට ගෙනාපු මෙට්‍රික් පරිවර්තනය තම වාසියට හරවා ගනිමින් සමහරුන් ග්‍රෑම් 450 පාන් ගෙඩියක් බව පෙන්වමින් ග්‍රෑම් 225කට ආසන්න බරකින් යුත් පාන් ගෙඩියක් හැදීමටත් උත්සාහ කළා.

එම සංගමය මීට පෙර මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට යෝජනාවලියක් ද ඉදිරිපත් කරන ලදි.

  • පාන් ආඥා පනත සංශෝධනය කිරීම හෝ පාන් ගෙඩියට නිශ්චිත අර්ථ නිරූපණයක් සිදු කිරීම (එහි අඩංගු බර ප්‍රමාණය හා සංයුතිය පිළිබඳව), නිෂ්පාදකයා විසින් පාන් ගෙඩියේ බර සඳහන් කොට එහි අඩංගු බරට මුදල් අය කිරීම.
  • ග්‍රෑම් 450 පාන් ගෙඩියක් සඳහා නිශ්චිත මිලක් තීරණය කිරීම.
  • පෙර ඇසුරුම් නිෂ්පාදනයක් ලෙස පාන් වෙළෙඳපොළට නිකුත් කිරීම.
  • ලෝක වෙළෙඳපොළේ පිටි මිල ඩොලරයේ අගය, අනෙකුත් නිෂ්පාදන පිරිවැය ආදී කරුණු පදනම් කරගනිමින් පාන් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...