පාන් ආඥා පනත අවලංගුයි ! අලුත් පාන් ගෙඩියක් ?

Share post:

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (12) මෙම තීරණය ගෙන ඇත. 1864 අංක 13 දරන මෙම ආඥා පනත අවලංගු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනය කර සිටී.

‘පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක වූ පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවා ඇත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටළු පැනනැගෙන අවස්ථා ඇති නිසා එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැති බව හඳුනාගෙන තිබේ.’

ඒ අනුව අදාළ ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙසේ අනුමැතිය හිමි වී ඇත.

අලුත් පාන් ගෙඩියක් ?

මේ අතර වසර 66කින් සංශෝධනය නොවූ පාන් ආඥා පනත යාවත්කාලීන කොට නීතියේ සිදුරු වැසීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් වටිනාකමට සරිලන බරින් යුත් පාන් ගෙඩියක් පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බව කිරුම් හා මිනුම් පරීක්ෂණකරුවන්ගේ වෘත්තීය සංගමය මීට පෙර අවධාරණය කර තිබිණි.

ඇසුරුම් ආහාරවල මිල හා බර එහි ඇසුරුමේ සඳහන් කිරීම නිවැරදි ක්‍රමය වුවත්, පාන් ආඥා පනතේ අඩුපාඩු භාවිත කරමින් ඇතැම් නිෂ්පාදකයන් නියමිත ප්‍රමිතියෙන් තොර පාන් නිෂ්පාදනය කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දුලිත් අශෝක චෝදනා කර තිබිණි.

‘නිදහස ලැබිලා මේ වන විට වසර 74ක් ගතවී තිබුණත් අපි තවමත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හඳුන්වා දුන් 1864 අංක 13 දරන පාන් ආඥා පනත තියාගෙන ඉන්නවා. අට වරක් සංශෝධනය වෙමින් 1956 පාන් ආඥා පනත නමින් නිකුත් කළ පනතක් තමයි තවමත් ක්‍රියාත්මක වන්නේ. පහුගිය කාලයේ ග්‍රෑම් 500 ග්‍රෑම් 250 බරට තිබූ බිස්කට් පැකට්වල බර ග්‍රෑම් 400, 200 බවට පත් වුණා. ඒත් මෙය නීතිමය ගැටලුවක් බවට පත් වුණේ නැත්තේ පැකට් කළ භාණ්ඩයේ අඩංගු බර ප්‍රදර්ශනය වීම මතයි. එලෙස බර ප්‍රදර්ශනය වෙනවා නම් එය නිවැරදියි. පාන් ආඥා පනතට ගෙනාපු මෙට්‍රික් පරිවර්තනය තම වාසියට හරවා ගනිමින් සමහරුන් ග්‍රෑම් 450 පාන් ගෙඩියක් බව පෙන්වමින් ග්‍රෑම් 225කට ආසන්න බරකින් යුත් පාන් ගෙඩියක් හැදීමටත් උත්සාහ කළා.

එම සංගමය මීට පෙර මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට යෝජනාවලියක් ද ඉදිරිපත් කරන ලදි.

  • පාන් ආඥා පනත සංශෝධනය කිරීම හෝ පාන් ගෙඩියට නිශ්චිත අර්ථ නිරූපණයක් සිදු කිරීම (එහි අඩංගු බර ප්‍රමාණය හා සංයුතිය පිළිබඳව), නිෂ්පාදකයා විසින් පාන් ගෙඩියේ බර සඳහන් කොට එහි අඩංගු බරට මුදල් අය කිරීම.
  • ග්‍රෑම් 450 පාන් ගෙඩියක් සඳහා නිශ්චිත මිලක් තීරණය කිරීම.
  • පෙර ඇසුරුම් නිෂ්පාදනයක් ලෙස පාන් වෙළෙඳපොළට නිකුත් කිරීම.
  • ලෝක වෙළෙඳපොළේ පිටි මිල ඩොලරයේ අගය, අනෙකුත් නිෂ්පාදන පිරිවැය ආදී කරුණු පදනම් කරගනිමින් පාන් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...