ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ‘Pink Volleyball’

Share post:

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ‘Pink Volleyball’ නමින් වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දිවයින පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සමාරම්භය සබරගමුව පලාතෙන් ඇරඹෙන අතර එහි තරග එළැඹෙන ජුනි 17 පෙරවරු 08.00 සිට දවස පුරාම රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල පාසල් 50ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයසීයක් මේ සඳහා සහභාගි වේ.

එමෙන්ම මේ සඳහා පාසල් ක්‍රීඩා ක්‍රීඩා පුහුණුකරුවන් සිය දෙනකු සහ ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණු කරුවන්ගේ සංගමයේ පුහුණුකරුවන් හතළිස් දෙනෙකු සහභාගි වනු ඇත.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අරමුණෙන් ලෝකයේ විවිධ රටවල විවිධ ක්‍රීඩා මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වොලිබෝල් ක්‍රීඩාව තෝරාගෙන ඇත.

දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, ගම්මාන මට්ටමින් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමද මෙහි තවත් එක් අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා එක්ව මෙය පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව, පාසල් වොලිබෝල් සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණු කරුවන්ගේ සංගමය ඒ සඳහා සහයෝගය ලබා දෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...