ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ‘Pink Volleyball’

Share post:

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ‘Pink Volleyball’ නමින් වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දිවයින පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සමාරම්භය සබරගමුව පලාතෙන් ඇරඹෙන අතර එහි තරග එළැඹෙන ජුනි 17 පෙරවරු 08.00 සිට දවස පුරාම රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල පාසල් 50ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයසීයක් මේ සඳහා සහභාගි වේ.

එමෙන්ම මේ සඳහා පාසල් ක්‍රීඩා ක්‍රීඩා පුහුණුකරුවන් සිය දෙනකු සහ ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණු කරුවන්ගේ සංගමයේ පුහුණුකරුවන් හතළිස් දෙනෙකු සහභාගි වනු ඇත.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අරමුණෙන් ලෝකයේ විවිධ රටවල විවිධ ක්‍රීඩා මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වොලිබෝල් ක්‍රීඩාව තෝරාගෙන ඇත.

දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, ගම්මාන මට්ටමින් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමද මෙහි තවත් එක් අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා එක්ව මෙය පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව, පාසල් වොලිබෝල් සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණු කරුවන්ගේ සංගමය ඒ සඳහා සහයෝගය ලබා දෙයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...